News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක අවශ්‍යතාව මතුකරමින් දිලිත් ජයවීර රට ගොඩනගන උපාය මාර්ගික සැලසුම පැහැදිලි කරයි

Aug 19, 2024 at 06:49 AM
|

ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඊයේ (18) මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.‍ෙ

"ඔන්න දැන් ජනාධිපතිවරණයක් ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නවා. අපි දාමු නාමල් රාජපක්ෂත් මෙතනට. මේ හැමෝම කැබිනට් ඇමතිවරු වෙලා ඉඳලා තියෙනවා. අනුර කුමාර ලංකාවේ හිටපු බලවත්ම කැබිනට් ඇමතිවරයෙක්. ඔහුට තරමි බලවත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කවදාකවත් හම්බවෙලා නෑ. අපේ නාමල් කුමාරයත් එහෙමයි. ඔහුට අමාත්‍යංශ 5ක් දුන්නා. මේගොල්ලො තමා කියන්නේ අපි යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. අනුර කුමාර අපේ මිත්‍රයා, ඔහු තමයි ලොකුම බොරුව කරන්නේ.  ඔහු වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදව් කරලා තියෙනවා. සෘජුව ආණ්ඩු 2ක ඉඳලා තියෙනවා. විශේෂයෙනම් මේ රට මෙතරම් දූෂිතවීමට හේතුවක් වුණු මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය . ඉතින් දැන් දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඔවුන් එක මොහොතක්වත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ද? ගෙනාව යෝජනාවට විරුද්ධ වෙනවා හැරෙන්නට. ඇයි මේ දුෂිත දේශපාලනයේ ඔවුන් කොටස්කරුවන්.  දැන් බලන්න ඔවුන්ගේ වේදිකාවල රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් ටැංකියක් ගෙනැල්ලා ගෑස් ටැංකිය පුපුරවන්න පුළුවන් ආයි පෝලිම් එයි කියලා මිනිස්සු බය කරලා ඡන්දේ ගන්න හදනවා. පෝලිම් ඇති කරපු අයත් එක්ක එකතුවෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන කියාගෙන ගියා ලැයිස්තුවක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන. උසුළු විසුළු සහගතයි. වැඩපිළිවෙලක් එකේ කිව්වේ නෑ. ඒ වගේම අනුර කුමාර කියනවා. අපි ආවාම ඉන්ධන මිල අඩු කරනවා කියලා. අපි ආවාම පොත්පත්වලට ගහපු වැට් එක අයින් කරනවා මේ වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් ඕනේ ද ? මේක ද ජනාධිපතිවරයෙකු විසින් ජනතාවට කිවයුතු දේ . මේ රටේ මිනිස්සු මෝඩයින් ලෙස සලකා පරණ පුරුදු දේම කියනවා නම් මෙන්න මේක නිවැරදි කර ගන්න ඕනේ. ඒ නිසා තමයි උපායමාර්ගික වැඩපිළිවෙලේ දෙවන කෙටුම්පත් අපි මේ ඔබ වැනි විද්වතුන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි අපි යෝජනා කරලා තියෙන සංකල්ප වලින් වඩා වැදගත්ම සංකල්පය ඔබ සියලුදෙනා දැන ගත යුතුයි. උපායමාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය , මෙහි අපි යෝජනා කරන්නේ ජාතික ප්‍රමුඛතා හා අරමුණු ජයගැනීම වෙනුවෙන් නිශ්චිත උපායමාර්ගික කාලරාමුවක් සහිතව ඉලක්ක කරා මෙහෙයවන මධ්‍යම අධිකාරියක්. මේ ඇමතිවරුන්ට ඕනේ සෙල්ලම් කරන්නට බැරි වෙන්න රටට අවශ්‍ය යි මෙන්න මේ අධිකාරිය.  අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් මෙවැනි සංකල්ප එළියට ගන්න මිසක් පරණ පුරුදු විදියටම මිනිස්සු රවට්ටන එක නෙමෙයි. "

- දෙරණ -


සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 - 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.

ප්‍රධාන පුවත්

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.