ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක අවශ්‍යතාව මතුකරමින් දිලිත් ජයවීර රට ගොඩනගන උපාය මාර්ගික සැලසුම පැහැදිලි කරයි
ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඊයේ (18) මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.ෙ
"ඔන්න දැන් ජනාධිපතිවරණයක් ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නවා. අපි දාමු නාමල් රාජපක්ෂත් මෙතනට. මේ හැමෝම කැබිනට් ඇමතිවරු වෙලා ඉඳලා තියෙනවා. අනුර කුමාර ලංකාවේ හිටපු බලවත්ම කැබිනට් ඇමතිවරයෙක්. ඔහුට තරමි බලවත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කවදාකවත් හම්බවෙලා නෑ. අපේ නාමල් කුමාරයත් එහෙමයි. ඔහුට අමාත්‍යංශ 5ක් දුන්නා. මේගොල්ලො තමා කියන්නේ අපි යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. අනුර කුමාර අපේ මිත්‍රයා, ඔහු තමයි ලොකුම බොරුව කරන්නේ. ඔහු වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදව් කරලා තියෙනවා. සෘජුව ආණ්ඩු 2ක ඉඳලා තියෙනවා. විශේෂයෙනම් මේ රට මෙතරම් දූෂිතවීමට හේතුවක් වුණු මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය . ඉතින් දැන් දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඔවුන් එක මොහොතක්වත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ද? ගෙනාව යෝජනාවට විරුද්ධ වෙනවා හැරෙන්නට. ඇයි මේ දුෂිත දේශපාලනයේ ඔවුන් කොටස්කරුවන්. දැන් බලන්න ඔවුන්ගේ වේදිකාවල රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් ටැංකියක් ගෙනැල්ලා ගෑස් ටැංකිය පුපුරවන්න පුළුවන් ආයි පෝලිම් එයි කියලා මිනිස්සු බය කරලා ඡන්දේ ගන්න හදනවා. පෝලිම් ඇති කරපු අයත් එක්ක එකතුවෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන කියාගෙන ගියා ලැයිස්තුවක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන. උසුළු විසුළු සහගතයි. වැඩපිළිවෙලක් එකේ කිව්වේ නෑ. ඒ වගේම අනුර කුමාර කියනවා. අපි ආවාම ඉන්ධන මිල අඩු කරනවා කියලා. අපි ආවාම පොත්පත්වලට ගහපු වැට් එක අයින් කරනවා මේ වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් ඕනේ ද ? මේක ද ජනාධිපතිවරයෙකු විසින් ජනතාවට කිවයුතු දේ . මේ රටේ මිනිස්සු මෝඩයින් ලෙස සලකා පරණ පුරුදු දේම කියනවා නම් මෙන්න මේක නිවැරදි කර ගන්න ඕනේ. ඒ නිසා තමයි උපායමාර්ගික වැඩපිළිවෙලේ දෙවන කෙටුම්පත් අපි මේ ඔබ වැනි විද්වතුන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි අපි යෝජනා කරලා තියෙන සංකල්ප වලින් වඩා වැදගත්ම සංකල්පය ඔබ සියලුදෙනා දැන ගත යුතුයි. උපායමාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය , මෙහි අපි යෝජනා කරන්නේ ජාතික ප්‍රමුඛතා හා අරමුණු ජයගැනීම වෙනුවෙන් නිශ්චිත උපායමාර්ගික කාලරාමුවක් සහිතව ඉලක්ක කරා මෙහෙයවන මධ්‍යම අධිකාරියක්. මේ ඇමතිවරුන්ට ඕනේ සෙල්ලම් කරන්නට බැරි වෙන්න රටට අවශ්‍ය යි මෙන්න මේ අධිකාරිය. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් මෙවැනි සංකල්ප එළියට ගන්න මිසක් පරණ පුරුදු විදියටම මිනිස්සු රවට්ටන එක නෙමෙයි. "
- දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..