
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු නොකළ රනිල් ජනාධිපතිවරණයට සුදුසු නෑ - අතුරු තහනමක් ඉල්ලා අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පිළියන්දල පදිංචි ශාන් රණසූරිය මහතා නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (3) ව්‍යවස්ථාව අනුව එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 24 වැනිදා ලබාදුන් නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් සුදුසු අයකු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පළමු වන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කාර නීතිඥවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන් ඇතුළු රටේ ජනතාවට දැඩිව බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් වගඋත්තරකාර ජනාධිපතිවරයා තමන්ගේ මෙන්ම රටේ ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කාර නීතිඥ ශාන් රණසූරිය මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
