ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු නොකළ රනිල් ජනාධිපතිවරණයට සුදුසු නෑ - අතුරු තහනමක් ඉල්ලා අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පිළියන්දල පදිංචි ශාන් රණසූරිය මහතා නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (3) ව්‍යවස්ථාව අනුව එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 24 වැනිදා ලබාදුන් නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් සුදුසු අයකු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පළමු වන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කාර නීතිඥවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන් ඇතුළු රටේ ජනතාවට දැඩිව බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් වගඋත්තරකාර ජනාධිපතිවරයා තමන්ගේ මෙන්ම රටේ ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කාර නීතිඥ ශාන් රණසූරිය මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..