ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස් ගණනක් ඉදිරිපත් වී ඇතත් 13 බලාත්මක කිරීමෙන් සිදුවන හානිය ගැන හෝ අනෙකුත් පනත්වලින් රටට සිදුවන හානිය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ... ඔවුන්ට ඒ ගැන සටනක් නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.
එහිදී අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය මීට පෙර නිකුත් කළ මහජන කොමිෂන් වාර්තා 5ක් මත පදනම් වී දීර්ඝ කාලයක් සාකච්ඡා කර සකස්කළ යොජනාවලියක් බවය.
ජනාධිපතිවරණය අපේක්ෂකයන් තිස් ගණනක් ඉදිරිපත් වී ඇති මොහොතක මෙය අත්‍යවශ්‍ය යෝජනාවලියක් බවත්, කිසිඳු අපේක්ෂකයකු මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව කිසිවක් කතා නොකර බවත් ඒ මහතා පවසයි.
රණවිරුවන් පාවාදෙන බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවක් වන සත්‍ය සෙවිමේ කොමිසම පනත ගෙනවිත් එය සංශෝධනය කරන බව පවසා කාරක සභා අවස්ථාවේ දී වචන හරඹයක් පමණක් සිදුකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මෙහිදී ගොනාට අන්දවා ඇති බවත් ඒ මහතා පැවසීය.
13 වැනි සංශෝධන බලාත්මක කිරීමෙන් රටට සිදුවන හානිය, ආර්ථික පරිවර්තන පනත නමින් ගෙනවිත් ඇති පනතෙන් සිදුවන හානිය වැනි රටට විනාශය ගෙන එන පනත් මගින් සිදුවන හානිය ගැන කිසිඳු අපේක්ෂකයකු කිසිවක් කතා නොකරන බවත් පවසන වසන්ත බන්ඩාර මහතා, සෝෆා හා එට්කා වැනි ගිවිසුම් හරහා රටට එල්ලවන ඉන්දු - අමෙරිකා ආක්‍රමණකාරී තර්ජනය ගැන පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන්නේ මොනවාදැයි යන්න පවා කිසිවක් පවසා නැති බවද සඳහන් කරයි.
විදේශ විනිමය පනත හා මහ බැංකු පනත සංශෝධනය නොකර රටේ මෙම අර්බුදය අවසන් කිරීමට නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..