
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස් ගණනක් ඉදිරිපත් වී ඇතත් 13 බලාත්මක කිරීමෙන් සිදුවන හානිය ගැන හෝ අනෙකුත් පනත්වලින් රටට සිදුවන හානිය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ... ඔවුන්ට ඒ ගැන සටනක් නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.
එහිදී අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය මීට පෙර නිකුත් කළ මහජන කොමිෂන් වාර්තා 5ක් මත පදනම් වී දීර්ඝ කාලයක් සාකච්ඡා කර සකස්කළ යොජනාවලියක් බවය.
ජනාධිපතිවරණය අපේක්ෂකයන් තිස් ගණනක් ඉදිරිපත් වී ඇති මොහොතක මෙය අත්‍යවශ්‍ය යෝජනාවලියක් බවත්, කිසිඳු අපේක්ෂකයකු මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව කිසිවක් කතා නොකර බවත් ඒ මහතා පවසයි.
රණවිරුවන් පාවාදෙන බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවක් වන සත්‍ය සෙවිමේ කොමිසම පනත ගෙනවිත් එය සංශෝධනය කරන බව පවසා කාරක සභා අවස්ථාවේ දී වචන හරඹයක් පමණක් සිදුකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මෙහිදී ගොනාට අන්දවා ඇති බවත් ඒ මහතා පැවසීය.
13 වැනි සංශෝධන බලාත්මක කිරීමෙන් රටට සිදුවන හානිය, ආර්ථික පරිවර්තන පනත නමින් ගෙනවිත් ඇති පනතෙන් සිදුවන හානිය වැනි රටට විනාශය ගෙන එන පනත් මගින් සිදුවන හානිය ගැන කිසිඳු අපේක්ෂකයකු කිසිවක් කතා නොකරන බවත් පවසන වසන්ත බන්ඩාර මහතා, සෝෆා හා එට්කා වැනි ගිවිසුම් හරහා රටට එල්ලවන ඉන්දු - අමෙරිකා ආක්‍රමණකාරී තර්ජනය ගැන පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන්නේ මොනවාදැයි යන්න පවා කිසිවක් පවසා නැති බවද සඳහන් කරයි.
විදේශ විනිමය පනත හා මහ බැංකු පනත සංශෝධනය නොකර රටේ මෙම අර්බුදය අවසන් කිරීමට නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
