News Category
From Date
To Date
Maximum Number of Result

පිළිගනු – බැරිනම් බැරිබව රටට කියනු‍...! - 60 වැදෑරුම් සමාජ සම්මුතිය” ජනගත වෙයි

Aug 13, 2024 at 03:19 PM
|

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් සහ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය චන්ද්‍ර විමල හිමියන් ඇතුළු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වවෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ලක්මව දියණියෝ සංවිධානයේ සභාපතිනී ප්‍රියංගා කොතලාවල, නීතිඥ මධුමාලි අල්විස්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න, පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ කැඳවුම්කරු බුද්ධික විමලසිරි, ප්‍රවීන පර්යේෂණ මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර යන මහත්ම මහත්මීහු  මෙම අවස්ථාව නියෝජනය කරමින්  පැමිණ සිටිය හ.

එහිදී ප්‍රධාන දෙසුම පවත්වමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන්කර සිටියේ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බවයි.

රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව මෙලෙස ජාතික සංවිධාන තුළට කාන්දු වී ජාතික සංවිධාන විසින් එය ඔපමට්ටම් කර ප්‍රකාශයට පත්කරන බවත්, සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.

අද වන විට මේ රට රෝගී වූ දේශයක් බවට පත්ව ඇති බවද, විවිධ දොස්තරලා සහ වෙද මහත්වරු මෙන්ම වෙද හාමිනේලා ද විවිධ බෙහෙත් වට්ටෝරු රැගෙන කාලයෙන් කාලයට පැමිණිය ද රෝගී වූ දේශය සුවපත් කිරීම සඳහා ඔවුන් කිසිවෙකුට නොහැකි වූ බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

ජාතික දේහය එම බෙහෙත් වට්ටෝරුවලට තවදුරටත් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති මොහොතක විදේශීය බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ වන විට පාවිච්චි කරමින් සිටින බවද පැවසූ උන්වහන්සේ, රෝගීවූ ජනතාව ලෙස අපට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව කුමක්දැයි තීරණය කිරීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද සඳහන් කළහ.

රේනුකානේ මහනායක හිමියන් මෙන්ම ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් සිටින කාලයේ පටන්ම මෙරට නායකයන්ට මේ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබද යෝජනා ඉදිපත් කළ ද, එම යෝජනා ඉටුවීමට ආසන්න අවස්ථාවට එළඹුනු විටදී එය වැළැක්වූ කුප්‍රකට ඉතිහාසයක් මෙරට තුළ ඇති බවත්, එනිසා නිවැරදි ඉලක්කය කරා රට ගෙනයාමට නොහැකි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.

මෙවර මෙම යෝජනාවලිය පැමිණෙන්නේ 60 වැදෑරුම් යොජනාවලියක් ලෙසින් බවත් පවසන උන්වහන්සේ, ලෝක දේශපාලන උණුසුම තුළ මෙරටට විවිධ ආක්‍රමණ දියත්වීමට හැකි අසන්න තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළහ.

රට පිළිබඳව සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුතුව ඇත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවන බවද, ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම ඒ සඳහා හැදෑරීම කාලීන අවශ්‍යතාවක් බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

රටක් ලෙස අප සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් මෙන් වීමට වෑයම් කළා මිස දකුණු ආසියාවේ සතුටින්ම සිටින මෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන  දියුණු ජනතාවක් වෙසෙන භූතානය වැනි රටවල් පිළිබඳව හැදෑරීමට උත්සාහ නොකළ බවත්, භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ්‍රී ලංකිකයකු වූ අනගාරික ධර්මපාල තුමන් බවත්, අද වන විට භූතානය සතුට ධනය කරගත් විශිෂ්ට රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි බොහෝ විට සිදුවන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව බවයි.

කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුන ද අවංකව ක්‍රියාත්මක කරන තාක් එහි දෝෂ මතු නොවන බවත් ඔහු පවසයි.

මෙහිදී අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතු බවත්, බොහෝ නායකයන්ට නැත්තේ ද මෙම අවබෝධය බවත් සඳහන් කළ ඒ මහතා, අත්තනෝමතික ලෙස බලය භාවිතයට නොගන්නා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මෙහිදී අවදාරණය කළේය.

මෙම අත්තනෝමතික බලය හිමිවූයේ විධායක බලතල මගින් බවත්, ජනප්‍රිය නොවන  තීරණ ගැනීමට බලයක් අවශ්‍ය බව එදා ජේ. ආර්. ජයවර්ධන දැඩි මාන්නයකින් සිතූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වර්තමාන ජනාධිපතිවරයා අද අධිකරණයට අපහාස කිරීමට පවා පෙළඹී සිටින බවත් සරත් නන්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට එක්වෙමින් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසා සිටියේ කලාපීය හා ගෝලීය වශයෙන් අර්බුද ගණනාවක් මතුවෙමින් පවතින පසුබිමක, රටේ ජාතික දේහය ප්‍රතිශක්තිය හීන වී දුර්වල මට්ටමක පැවතීම මත රටට ඕනෑම තර්ජනයක් එල්ලවීමේ හැකියාව පවතින බවයි.

රට ගොඩ ගැනීමට නොයෙක් බටහිර වෙද වට්ටෝරු යෝජනා කළ ද රට ගොඩගත හැක්කේ දේශීය වට්ටෝරුවකින් පමණක් බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත්ය.

1988 වසරේ මාස 6ක් ඇතුළත විනාශකාරී සංශෝධන 3ක් ගෙන ඒමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද, එමගින් 14 වැනි සංශෝධන ක්‍රියාත්මක කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 196 සිට 225 දක්වා 29කින් ඉහළ දැමූ බවද, එය සිදුකරන ලද්දේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බවද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

එසේම ජාතික ලැයිස්තුව ගෙන ආ බවත්, තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාවට ලබාදී අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ බවත් පවසන ඒ මහතා, 1988 ජනාධිපතිවරණයේ දී 15 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය එකම දිනක් තුළ සිදුකර ආසනයක නියෝජනයක් ලබාගැනීම සඳහා වූ 12.5%ක ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ බවත්, 16 වැනි සංශෝධනය හරහා  දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ බවත් එමගින් සුළු ජාතික පක්ෂ වලට හොඳ ඉල්ලමක් පෑදුන බවත් පෙන්වාදෙන ලදී. 

2019 දී දෙමළ ඡන්ද ලබාදීමට නම් ඉල්ලීම් 13ක් ඉටුකළ යුතු බවට පුවත්පත් දැන්වීමක් පවා දෙමළ පක්ෂ පළ කළ බවද, එයට එකඟවීම නිසා සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර 88%ක් දෙමළ ඡන්ද ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනේ ඡන්ද 7%ක පමණ ප්‍රතිශතයක් පමණක්  බවද පෙන්වාදුන් ඒ මහතා, මෙම ජනාධිපතිවරණයේ දී ද මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේ මෙම  60 වැදෑරුම් සම්මුතිය නිර්මාණය කරන ලද්දේ මීට පෙර නිකුත් කළ මහජන කොමිෂන් වාර්තා 5ක් පදනම් කරගෙන බවයි.

කිසිඳු අපේක්ෂකයකු මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව කිසිවක් කතා නොකර බවත්, රණවිරුවන් පාවාදෙන බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවක් වන සත්‍ය සෙවිමේ කොමිසම පනත ගෙනවිත් එය සංශෝධනය කරන බව පවසා කාරක සභා අවස්ථාවේ දී වචන හරඹයක් පමණක් සිදුකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මෙහිදී ගොනාට අන්දවා ඇති බවත් ඒ මහතා පැවසීය.

13 වැනි සංශෝධන බලාත්මක කිරීමෙන් රටට සිදුවන හානිය, ආර්ථික පරිවර්තන පනත නමින් ගෙනවිත් ඇති පනතෙන් සිදුවන හානිය වැනි රටට විනාශය ගෙන එන පනත් මගින් සිදුවන හානිය ගැන කිසිඳු අපේක්ෂකයකු කිසිවක් කතා නොකරන බවත් පවසන වසන්ත බන්ඩාර මහතා, සෝෆා හා එට්කා වැනි ගිවිසුම් හරහා රටට එල්ලවන ඉන්දු - අමෙරිකා ආක්‍රමණකාරී තර්ජනය ගැන පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන්නේ මොනවාදැයි යන්න පවා කිසිවක් පවසා නැති බවද සඳහන් කරයි.

විදේශ විනිමය පනත හා මහ බැංකු පනත සංශෝධනය නොකර රටේ මෙම අර්බුදය අවසන් කිරීමට නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර පීඩනයට මුහුණ දෙන්නේ කෙසේ ද, රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේ ද, රටේ කර්මාන්ත පද්ධතිය ගොඩදමන්නේ කෙසේ ද සහ ජාතික ආරක්ෂව සහ සභ්‍යත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම පිළිබඳව ද කිසිඳු අපේක්ෂකයකු කිසිවක් පවසා නොමැති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව,  ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න යන මහත්වරුන් ද  60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීමේ මෙම අවස්ථාවට එක්වෙමින් කරුණු දැක්වීම් සිදු කළහ.


සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.