News Category
From Date
To Date
Maximum Number of Result

පිළිගනු – බැරිනම් බැරිබව රටට කියනු‍...! - 60 වැදෑරුම් සමාජ සම්මුතිය” ජනගත වෙයි

Aug 13, 2024 at 03:19 PM
|

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් සහ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය චන්ද්‍ර විමල හිමියන් ඇතුළු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වවෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ලක්මව දියණියෝ සංවිධානයේ සභාපතිනී ප්‍රියංගා කොතලාවල, නීතිඥ මධුමාලි අල්විස්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න, පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ කැඳවුම්කරු බුද්ධික විමලසිරි, ප්‍රවීන පර්යේෂණ මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර යන මහත්ම මහත්මීහු  මෙම අවස්ථාව නියෝජනය කරමින්  පැමිණ සිටිය හ.

එහිදී ප්‍රධාන දෙසුම පවත්වමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන්කර සිටියේ මෙම 60 වැදෑරුම් සමාජ සම්මුතිය එළිදැක්වීම සිදුවන්නේ අහම්බයක් ලෙස නොව ජනතාවගේ බලාපොරොත්තුවක් හා අපේක්ෂාවක් ලෙසින් බවයි.

රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව මෙලෙස ජාතික සංවිධාන තුළට කාන්දු වී ජාතික සංවිධාන විසින් එය ඔපමට්ටම් කර ප්‍රකාශයට පත්කරන බවත්, සෑම ජනාධිපති අපේක්ෂකයකුම මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.

අද වන විට මේ රට රෝගී වූ දේශයක් බවට පත්ව ඇති බවද, විවිධ දොස්තරලා සහ වෙද මහත්වරු මෙන්ම වෙද හාමිනේලා ද විවිධ බෙහෙත් වට්ටෝරු රැගෙන කාලයෙන් කාලයට පැමිණිය ද රෝගී වූ දේශය සුවපත් කිරීම සඳහා ඔවුන් කිසිවෙකුට නොහැකි වූ බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

ජාතික දේහය එම බෙහෙත් වට්ටෝරුවලට තවදුරටත් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති මොහොතක විදේශීය බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ වන විට පාවිච්චි කරමින් සිටින බවද පැවසූ උන්වහන්සේ, රෝගීවූ ජනතාව ලෙස අපට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව කුමක්දැයි තීරණය කිරීමට මෙරට ජනතාවට සිදුව ඇති බවද සඳහන් කළහ.

රේනුකානේ මහනායක හිමියන් මෙන්ම ආනන්ද මෛත්‍රී මහනායක හිමියන් සිටින කාලයේ පටන්ම මෙරට නායකයන්ට මේ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබද යෝජනා ඉදිපත් කළ ද, එම යෝජනා ඉටුවීමට ආසන්න අවස්ථාවට එළඹුනු විටදී එය වැළැක්වූ කුප්‍රකට ඉතිහාසයක් මෙරට තුළ ඇති බවත්, එනිසා නිවැරදි ඉලක්කය කරා රට ගෙනයාමට නොහැකි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.

මෙවර මෙම යෝජනාවලිය පැමිණෙන්නේ 60 වැදෑරුම් යොජනාවලියක් ලෙසින් බවත් පවසන උන්වහන්සේ, ලෝක දේශපාලන උණුසුම තුළ මෙරටට විවිධ ආක්‍රමණ දියත්වීමට හැකි අසන්න තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළහ.

රට පිළිබඳව සැබෑ චිත්‍රය විග්‍රහකරගත යුතුව ඇත්තේ ලෝක සිතියම දිගහැර බලා මිස රට දෙස පමණක් බලාසිට නොවන බවද, ලෝක දේශපාලනයේ දේශීය වසංගතය අනිවාර්යෙන්ම ඒ සඳහා හැදෑරීම කාලීන අවශ්‍යතාවක් බවද පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දෙන ලදී.

රටක් ලෙස අප සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් මෙන් වීමට වෑයම් කළා මිස දකුණු ආසියාවේ සතුටින්ම සිටින මෙන්ම ස්වාභාවික සම්පත්වලින් අනූන  දියුණු ජනතාවක් වෙසෙන භූතානය වැනි රටවල් පිළිබඳව හැදෑරීමට උත්සාහ නොකළ බවත්, භූතානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද්දේ ද ශ්‍රී ලංකිකයකු වූ අනගාරික ධර්මපාල තුමන් බවත්, අද වන විට භූතානය සතුට ධනය කරගත් විශිෂ්ට රටක් බවට පත්ව ඇති බවත් මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි බොහෝ විට සිදුවන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව බවයි.

කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුන ද අවංකව ක්‍රියාත්මක කරන තාක් එහි දෝෂ මතු නොවන බවත් ඔහු පවසයි.

මෙහිදී අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතු බවත්, බොහෝ නායකයන්ට නැත්තේ ද මෙම අවබෝධය බවත් සඳහන් කළ ඒ මහතා, අත්තනෝමතික ලෙස බලය භාවිතයට නොගන්නා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මෙහිදී අවදාරණය කළේය.

මෙම අත්තනෝමතික බලය හිමිවූයේ විධායක බලතල මගින් බවත්, ජනප්‍රිය නොවන  තීරණ ගැනීමට බලයක් අවශ්‍ය බව එදා ජේ. ආර්. ජයවර්ධන දැඩි මාන්නයකින් සිතූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වර්තමාන ජනාධිපතිවරයා අද අධිකරණයට අපහාස කිරීමට පවා පෙළඹී සිටින බවත් සරත් නන්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට එක්වෙමින් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසා සිටියේ කලාපීය හා ගෝලීය වශයෙන් අර්බුද ගණනාවක් මතුවෙමින් පවතින පසුබිමක, රටේ ජාතික දේහය ප්‍රතිශක්තිය හීන වී දුර්වල මට්ටමක පැවතීම මත රටට ඕනෑම තර්ජනයක් එල්ලවීමේ හැකියාව පවතින බවයි.

රට ගොඩ ගැනීමට නොයෙක් බටහිර වෙද වට්ටෝරු යෝජනා කළ ද රට ගොඩගත හැක්කේ දේශීය වට්ටෝරුවකින් පමණක් බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත්ය.

1988 වසරේ මාස 6ක් ඇතුළත විනාශකාරී සංශෝධන 3ක් ගෙන ඒමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද, එමගින් 14 වැනි සංශෝධන ක්‍රියාත්මක කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 196 සිට 225 දක්වා 29කින් ඉහළ දැමූ බවද, එය සිදුකරන ලද්දේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බවද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

එසේම ජාතික ලැයිස්තුව ගෙන ආ බවත්, තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාවට ලබාදී අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ බවත් පවසන ඒ මහතා, 1988 ජනාධිපතිවරණයේ දී 15 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය එකම දිනක් තුළ සිදුකර ආසනයක නියෝජනයක් ලබාගැනීම සඳහා වූ 12.5%ක ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ බවත්, 16 වැනි සංශෝධනය හරහා  දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ බවත් එමගින් සුළු ජාතික පක්ෂ වලට හොඳ ඉල්ලමක් පෑදුන බවත් පෙන්වාදෙන ලදී. 

2019 දී දෙමළ ඡන්ද ලබාදීමට නම් ඉල්ලීම් 13ක් ඉටුකළ යුතු බවට පුවත්පත් දැන්වීමක් පවා දෙමළ පක්ෂ පළ කළ බවද, එයට එකඟවීම නිසා සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර 88%ක් දෙමළ ඡන්ද ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනේ ඡන්ද 7%ක පමණ ප්‍රතිශතයක් පමණක්  බවද පෙන්වාදුන් ඒ මහතා, මෙම ජනාධිපතිවරණයේ දී ද මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේ මෙම  60 වැදෑරුම් සම්මුතිය නිර්මාණය කරන ලද්දේ මීට පෙර නිකුත් කළ මහජන කොමිෂන් වාර්තා 5ක් පදනම් කරගෙන බවයි.

කිසිඳු අපේක්ෂකයකු මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව කිසිවක් කතා නොකර බවත්, රණවිරුවන් පාවාදෙන බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවක් වන සත්‍ය සෙවිමේ කොමිසම පනත ගෙනවිත් එය සංශෝධනය කරන බව පවසා කාරක සභා අවස්ථාවේ දී වචන හරඹයක් පමණක් සිදුකර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මෙහිදී ගොනාට අන්දවා ඇති බවත් ඒ මහතා පැවසීය.

13 වැනි සංශෝධන බලාත්මක කිරීමෙන් රටට සිදුවන හානිය, ආර්ථික පරිවර්තන පනත නමින් ගෙනවිත් ඇති පනතෙන් සිදුවන හානිය වැනි රටට විනාශය ගෙන එන පනත් මගින් සිදුවන හානිය ගැන කිසිඳු අපේක්ෂකයකු කිසිවක් කතා නොකරන බවත් පවසන වසන්ත බන්ඩාර මහතා, සෝෆා හා එට්කා වැනි ගිවිසුම් හරහා රටට එල්ලවන ඉන්දු - අමෙරිකා ආක්‍රමණකාරී තර්ජනය ගැන පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන්නේ මොනවාදැයි යන්න පවා කිසිවක් පවසා නැති බවද සඳහන් කරයි.

විදේශ විනිමය පනත හා මහ බැංකු පනත සංශෝධනය නොකර රටේ මෙම අර්බුදය අවසන් කිරීමට නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර පීඩනයට මුහුණ දෙන්නේ කෙසේ ද, රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේ ද, රටේ කර්මාන්ත පද්ධතිය ගොඩදමන්නේ කෙසේ ද සහ ජාතික ආරක්ෂව සහ සභ්‍යත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම පිළිබඳව ද කිසිඳු අපේක්ෂකයකු කිසිවක් පවසා නොමැති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව,  ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න යන මහත්වරුන් ද  60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීමේ මෙම අවස්ථාවට එක්වෙමින් කරුණු දැක්වීම් සිදු කළහ.


සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.