News Category
From Date
To Date
Maximum Number of Result

අගමැති දිනේෂ් සහ චමල් මහා සත්‍යක්‍රියාවක

Aug 13, 2024 at 07:12 AM
|

මව්බිමේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, සුරැකීම උදෙසා මහා සඟරුවනේ ආශිර්වාදයෙන්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහා සත්‍යක්‍රියාව හා අධිෂ්ඨාන පූජාව ම.එ.පෙ නායක අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්වන වරටත් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේදී සිදුකෙරිණි.

මෙහිදී අනුශාසනා කළ, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති,  රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි –

“ඓතිහාසික කිරි වෙහෙර සෑ මළුවේ මේ  සිදුකරන්නේ ඓතිහාසික වටිනා පින්කමක්.

අග්‍රාමාත්‍යතුමන්, අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්  මහා මෙහෙවරක් සිදු කරන්නට යෙදුණු, අපේ රටේ සියලු දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට අප කවුරුත් දැනගෙන හඳුනගෙන තියෙනවා. එදා වසර තිහකට කළින් ආරම්භ කළ පින්කම දීර්ඝ කාලයක් පුරා කිරි වෙහෙර පුදබිමේ පවත්වන  මහා වටිනා කියන පින්කමක් බවට පත්වෙලා තියෙනවා.

ආචාර්ය අලුත් වැව ශ්‍රී සෝරතාභිධාන අපගේ ගුරු දේවයන් වහන්සේගේ සමය තුළ දිනේෂ් ගුණවර්ධන මැතිඳුන්ගේ මූළිකත්වය යටතේ රටවාසී සියලු දෙනාට ආශිර්වාද කරන්නට අරමුණු කරගෙන මේ උදාර වූ පින්කම එදා ආරම්භ කරන්නට යෙදුණා. අපේ නායක ස්වාමීන් වහන්සේ දශක දෙකක් පුරා මේ පින්කම පවත්වාගෙන යන්නට අවවාද අනුශාසනා ලබා දුන්නා. ඒ අනුශාසනා දායකත්වය ලබා දෙන්න අපටත් පුළුවන් වුණා.”

මෙහිදී අදහස් දැක්වූ ම.එ.පෙ. නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  –

“අපේ රටේ සම්බුද්ධ ශාසනයේත්, මාතෘ භූමියේත් ඒකීයභාවය සඳහා මේ  පින්කම වසර 30 ක් පුරා අඛණ්ඩව පවත්වනු ලබනවා. ඒ තුළින් මහා සඟරුවනගේ ආශිර්වාදය මහජනතාවට  සහ ජාතියට  ලබාදීම සඳහා දායක වූ සැම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපවත් වී වදාළ අලුත්වල සෝරත නායක ස්වාමීන් වහන්සේ අප සිහිපත් කරනවා.

කිරිවෙහෙර මහා පුණ්‍ය භූමිය, ශතවර්ෂ ගණනාවක අධිෂ්ඨාන ශක්තියෙන් අපේ ජාතිය ඔපවත් කළා. ඒනිසාම තිස් වසරක් පුරා අඛණ්ඩව මෙම පින්කම පවත්වාගෙන යාමට  අපට පුළුවන්කම ඇතිවුණා.

දුක්බර සහ සැහැල්ලු අවස්ථාවන් හරහා මේ පින්කම් මාලාව අඛණ්ඩව ගෙන යාමට මහා සඟරුවන දක්වන ලද ආශිර්වාදය රටේ විවිධ ජාතික සංවිධාන අපත් සමග එකතු වීමෙන් දැක්වූ ආශිර්වාදයේ ගොනුව ජයග්‍රහණයෙන් ජයග්‍රහණයටත්, අලුත් විශ්වාසයක් ඇති කිරීමටත්, රටක් ගොඩනැගීමේ අභිප්‍රාය සඳහා කැපවන්නටයි.

කුමන කරදර බාධක මධ්‍යයේ වුවත්, අපි වසර තිහක් පුරා අඛණ්ඩව  මේ මහා පින්කම පවත්වනු ලැබුවා. අපේ රටේ අමාරු කාල පරිච්ඡේදයන් තුළ රටේ හිටපු නායකයින් මාතෘ භූමිය ආරක්ෂා කරන්නට  ගනු ලැබූ උත්සාහයන් අප කිසිලෙසකින් අමතක කරන්නේ නැහැ. මේ පුණ්‍ය භූමිය වටා ඇති කරන ලද පින්කම් මාලාවන් රට පුරා ගමින් ගමටත් එලෙසම සිදුවුණා.

මාතෘභූමියේ එක් සේසත්කම ඇති කරන්නට  දිවිඳුන් උතුම් රණවිරුවන් අපි අදත් සිහිපත් කරනවා. මහා පරිත්‍යාගයන්ගේ ජයග්‍රහණයන් මත අදත් රට එක්සේසත්ව පවතිනවා. විශේෂයෙන් අමාරු කාලපරිච්ඡේදයකට මුහුණ දුන් අපේ ජනාධිපතිවරු සියලු දෙනා ඇති කළ තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමට මහජනතාව බැඳී සිටිනවා.

අද දින මේ ලබා දෙන ප්‍රතිඥාව පරිදි අපේ රටේ ගොවි ජනතාවටත්, අපේ රටේ වැඩ කරන ජනතාවටත්, අපේ තරුණ, ශිෂ්‍ය සහ කාන්තා පරම්පරාවටද අනාගතය වඩාත් විශ්වාසවන්ත බවට පරිවර්තනය කිරීමටත් හැකිවේවා කියා අප අධිෂ්ඨාන කරනවා. කඩා වැටුණු රටක් එලෙස පරිවර්තනය කරන්නට යෙදෙන දැවැන්ත සමගිය සහ උත්සාහය සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්යය මේ මහා පින්කමින් ඇති වේවා.”

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කතරගම අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි, සංඛපාල විහාරාධිකාරී පූජ්‍ය කොකාවල කෝසල හිමි, කිරුළපන පුෂ්පාරාමාධිපති පූජ්‍ය  ඇල්කඩුවේ නාගිත හිමි, කෝට්ටේ නාග විහාරාධිකාරී පූජ්‍ය කොටහේනේ නාරද හිමි ඇතුළු ගරුතර මහා සඟරුවන, හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, චමල් රාජපක්ෂ, ම.ඒ.පෙ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ජගත් පුෂ්ප කුමාර, අශෝක ප්‍රියන්ත, ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි  ගුණවර්ධන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර, ජාතික සංවිධාන, විද්වත් සංවිධාන, බැතිමතුන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.