News Category
From Date
To Date
Maximum Number of Result

අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් නඩු මඟට

Aug 12, 2024 at 02:49 PM
|

අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(12) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේදී විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්තාවේදී ආගමන ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා තිබුණි. වසර 8ක කාලයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින්  විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කෙරිණි. 

එම නඩුවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින්  මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නගත  ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන  බවට සිය කරුණු දැක්වීම් හා හරස් ප්‍රශ්න කිරීම්වලදී ඔප්පු කිරීමට සමත් විය. එම  කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  නිදොස් කොට නිදහස් කෙරුණු අතර අක්‍රිය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අපරාධමය වරදක් නොවන බවත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය කූඨ ලෙස හෝ ව්‍යාජව හෝ සැකසූ එකක් නොවන බවට ඔප්පු වී ඇති බවත් එම නියෝගයේ සඳහන් වේ. 

ඒ අනුව, එකී නඩුව ද්වේශ සහගතව පවරා, පවත්වා ගෙන යාමෙන් තමන්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් තමකීර්ති නාමය  සහ සමාජ  ගෞරවය පහත හෙළා ඇති බවත් සඳහන් කරමින් අසත්‍ය හා ද්වේශ සහගත පැමිණිල්ල සිදු කළ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව අද ගොනු කරනු ලැබුවේය.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවක හිටපු නිලධාරීන් විත්තිකරුවන් කරම්න් මෙම නඩුව ගොනු කර ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර,  අපරාධමය වරදක් නොවන බවට දනිමින්ම එම නිලධාරීන් විසින් ද්වේශ සහගතව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව ද වන්දි ඉල්ලා අද ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය. නීතිඥ දිනේශ් ද සිල්වා, නීතිඥ සිනෙත් බණ්ඩාර , නීතිඥ තිළිණි පෙරේරා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ එම නිලධාරීන් එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥනයින්ගේ අවශ්‍යතාවට හෝ උපදෙස් මත එලෙස ක්‍රියා කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.