අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් නඩු මඟට
අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(12) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේදී විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්තාවේදී ආගමන ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා තිබුණි. වසර 8ක කාලයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කෙරිණි.
එම නඩුවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නගත ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවට සිය කරුණු දැක්වීම් හා හරස් ප්‍රශ්න කිරීම්වලදී ඔප්පු කිරීමට සමත් විය. එම කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කෙරුණු අතර අක්‍රිය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අපරාධමය වරදක් නොවන බවත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය කූඨ ලෙස හෝ ව්‍යාජව හෝ සැකසූ එකක් නොවන බවට ඔප්පු වී ඇති බවත් එම නියෝගයේ සඳහන් වේ.
ඒ අනුව, එකී නඩුව ද්වේශ සහගතව පවරා, පවත්වා ගෙන යාමෙන් තමන්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් තමකීර්ති නාමය සහ සමාජ ගෞරවය පහත හෙළා ඇති බවත් සඳහන් කරමින් අසත්‍ය හා ද්වේශ සහගත පැමිණිල්ල සිදු කළ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව අද ගොනු කරනු ලැබුවේය.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවක හිටපු නිලධාරීන් විත්තිකරුවන් කරම්න් මෙම නඩුව ගොනු කර ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර, අපරාධමය වරදක් නොවන බවට දනිමින්ම එම නිලධාරීන් විසින් ද්වේශ සහගතව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව ද වන්දි ඉල්ලා අද ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය. නීතිඥ දිනේශ් ද සිල්වා, නීතිඥ සිනෙත් බණ්ඩාර , නීතිඥ තිළිණි පෙරේරා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ එම නිලධාරීන් එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥනයින්ගේ අවශ්‍යතාවට හෝ උපදෙස් මත එලෙස ක්‍රියා කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවය.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..