News Category
From Date
To Date
Maximum Number of Result

"සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර" ජනපති සටනට එන්නේ "දැඩි සත්කාර ඒකකයේ" සිටින ශ්‍රී ලංකා මාතාවට "සුදුසුම ප්‍රතිකර්මය" ද රැගෙනයි - සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවන කෙටුම්පත ජනගත කරමින් විමල් කියයි

Aug 11, 2024 at 08:48 PM
|

"දැඩි සත්කාර ඒකකයේ" ප්‍රතිකාර  ලබන "ශ්‍රී ලංකා මාතාව" නැමැති රෝගියා සුවපත් කළ හැකි "සුදුසුම ප්‍රතිකර්මය" සතු "හොඳම දොස්තර" තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවත් ඒ "සුදුසුම ප්‍රතිකර්මය" අතැතිව සර්වජන බලය විධායක සභික, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපති සටනට පැමිණ ඇති බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත"  ජනතා සංවාදයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු අදහස් සහ යෝජනා ද ඇතුළත් කර සැකසූ "දෙවන කෙටුම්පත" ඊයේ(10) සවස කුරුණෑගල කතරගම දේවාලය අසල වැව් තාවුල්ලේ දී විද්වත් සංවාදය පිණිස ඉදිරිපත් අනතුරුව එම උත්සව සභාව අමතමින් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

'හොඳම දොස්තර සහ ගොඩ වෙද්දු'

"ශ්‍රී ලංකාව මේ වනවිට තම මෑත ඉතිහාසයේ බරපතළම දේශපාලන සහ ආර්ථික අර්බුදයට ගොදුරු වී තිබෙනවා. 'ශ්‍රී ලංකා මාතාව' නමැති ලෙඩා මේ වන විට ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. මේ ලෙඩාට 'සුදුසුම ප්‍රතිකර්මය' සිදුකළ හැකි 'හොඳම දොස්තර' තෝරන්න තමයි මෙවර ජනාධිපතිවරණය එන්නේ. දැනට 'දොස්තරලා' විසිඅටක් ඇප තැන්පත් කරලා. මේ අල්ලපනල්ලේ මේ 'දොස්තරලාට' කඩේ යන 'ගොඩ වෙද්දු' ටිකකුත් ඉන්නවා. රෙදි ඇඳගෙනද නැතුවද මම දන්නේ නැහැ, දැන් 'ඩල්ල - ඩලා' කියනවා, 'සජිත් දොස්තර මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් ලෙඩා ගොඩ.  අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි' කියලා.  කලින් මැතිවරණයේදී 'සජිත් මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් බඩඑළිය යනවා' කියපු 'දයාබර - සිරි' දැන් කියනවා, 'සජිත් මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් ලෙඩේ සුරුස් ගාලා සනීප වෙනවා. අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි' කියලා.

වැල් පාලම සහ පින් දොස්තර

ගෝඨාභය රාජපක්ෂ ඔටුන්න පළඳලා ගියේ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ හිසෙයි.. ඊට පස්සේ පොහොට්ටුවෝ ටික හිතුවා, 'ගෝඨාභයගේ කාලෙ අපේ සාක්කු පිරුණේ නැහැ. දැන් අපේ සාක්කු හොඳට පිරෙනවා. සාක්කු පිරෙනවා නම් පොහොට්ටුව මොකටද? මේ පින් දොස්තරත් එක්කම ඉන්නවා.' කියලා. මේ පින් දොස්තර කියනවා, 'මේ අයිඑම්එෆ් පාලමේ අමාරුවෙන් හරි යමු!' කියලා අනුර දිසානායක දොස්තර මහත්තයත් කියනවා, 'අපි ආවත් ඉතිරි ටික යන්නේ අයිඑම්එෆ් පාලමේ තමයි' කියලා. අනුර දිසානායකලා පසුගිය කාලය පුරාම කිව්වා, 'රාජපක්ෂලා ඇතුළු නඩය හොරා කාපු සල්ලි අතන මෙතන තියෙනවා. මේ හොරු හිරේ දාලා, අපි ඒ සල්ලි ටික ගේනවා. ඊට පස්සේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ලෙඩා සුරුස් ගාලා නැගිටිනවා.' කියලා. මේක අහපු තෙල් පෝලිමේ හිටපු සමහර අම්මලා, තාත්තලා, නංගිලා, මල්ලිලා හිතුවා, 'මේක තමයි හේතුව. මුන්ගෙන් පළිගන්න ඕනේ. ඒකට හොඳම වෛරය වඩවාලන දොස්තර(WWD)' කියලා.

බංග්ලාදේශයේ මොකද වුණේ? 

බලන්න, අද බංග්ලාදේශයේ මොකද වෙන්නේ? බංග්ලාදේශයේ තෙල් - ගෑස් පෝලිම් තිබුණා ද? විදේශ විනිමය අර්බුදයක් හෝ ආර්ථිකයේ කඩාවැටීමක් තිබුණා ද? නැහැනේ. බංග්ලාදේශයේ වෙන ආකාරයකටයි 'අරගලය' ආවේ. බංග්ලාදේශය ගොඩනැගීමට දායක වූ  වීරයන්ගේ දරුවන්ට රජයේ රැකියා කෝටාවෙන් සියයට තිහක් දෙනවා. 'අරගලේ' ආවේ 'කෝටා ක්‍රමය නවත්වලා හැකියාව අනුව රැකියා දීපල්ලා!' කියලයි. පළමු සටන් පාඨය 'රැකියා කෝටා ක්‍රමය අහෝසි කරව්!' වුණාට පසුව ඒක 'ෂීක් හසීනා ගෝ හෝම්!' වුණා. බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය මේ රැකියා කෝටාව සියයට හත දක්වා අඩු කළත් ඒ තීන්දුවත් මේ අරගලකරුවන් පිළිගත්තේ නැහැ. අරගලය දිගටම යනවා; ෂීක් හසීනා වෙන රටකට පලා යනවා; ආරක්ෂක ඇමති - හමුදාපති මරලා එල්ලනවා. බංග්ලාදේශයේ සිදුවෙමින් තිබූ ආර්ථික වර්ධනය දැකපු ඇමරිකන් පිල්ලි නිහඩව හිටියේ නැහැ මේ සියල්ල සිදුවන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සාමාජිකත්වය දරන QUAD මිලිටරි සන්ධානය හෙවත් දකුණු ආසියාවේ නේටෝව මගින් දියත් වන ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය අනුවයි. බංග්ලාදේශය පමණක් නොවෙයි ශ්‍රී ලංකාවත් මේ ඔවුන්ගේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයට ඇතුළත්. බංග්ලාදේශය, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල් තමන්ගේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයෙන් එළියට යනවා නම් ඔවුන් ඒක නවත්වන්න මළකඳන් ලක්ෂ ගණන් ගොඩගැහෙන තරමේ ඕනෑම නින්දිත ක්‍රියාදාමයකට පාර කපන බව අපි පසුගිය අරගල කාලයේ දුටුවා.

රාහු කාලය සහ ධම්මික පෙරේරා 

රාහු කාලයේ එළියට නොබහින ධම්මික පෙරේරාට රාහු කාලයේ නැකතක් දාලා එව්වාම එයා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා. ඒ විතරක් ද? එයා හිතන්න ඇති 'ඩල්ල ඩලාලා, දයාබර සිරිලා සජිත් එක්ක යනවා. පොහොට්ටුවේ ඉතිරි වෙන්නේ රාජපක්ෂලාට අමතරව තව හත්අට දෙනයි. මෙයාලත් එක්ක කොහොමද මැච් එකක් ගහන්නේ? මට මේ කීපදෙනා එක්ක කැසිනෝ තමයි ගහන්න වෙන්නේ.' කියලා. අන්තිමට පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැති වුණා. නාමල් රාජපක්ෂ කොලුවා, 'බිය නොවන්න පියතුමනි, මම මද්දුම බණ්ඩාරයන්ට වඩා හොඳින් ගහලයාට ගෙල පානවා.' කියලා මේ මරාලයට බෙල්ල තියලා තිබෙනවා.

පොහොට්ටුව සහ පොකට්ටුව

කොහොම නමුත් ජාතික බලවේගය සීසීකඩ කරලා බෙදන තත්ත්වයට වගකිවයුත්තේ මේ පොහොට්ටු නායකයෝ තමයි. මේ පොහොට්ටු නායකයන්ට පොහොට්ටුවට වඩා 'පොකට්ටුව' ලොකු වුණා. පොහොට්ටු නායකයෝ, පොකට්ටුවට වඩා ඉහළින් රට, දැය, සමය තිබ්බානම් අද රනිල් වික්‍රමසිංහ පස්සේ බඩගාන පොහොට්ටුකාරයෝ බිහි වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ පස්සේ බඩගාන මේ පොහොට්ටුකාරයෝ දිහා බලන්නත් ලැජ්ජයි. දැන් බලන්න, කුරුණෑගල ඉතිරි වෙලා ඉන්නේ කවුද? 'සාටකයේ ඔන්චිලි පදින' ජොනීට අමතරව තව දෙකයි; අනෙක් ඔක්කොම රනිල්ගේ සාක්කුවේ. අද නාමල් රාජපක්ෂට හම්බන්තොට අතහැරලා අනුරාධපුරයට පල්ලම් බහින්න සිදුවෙලා තිබෙනවා.

ඔටුන්න වැරදි ඔළුවට දැමීම

මේ රටේ ජාතික බලවේග අතේ තිබුණු ජාතික කොඩිය, රනිල් වික්‍රමසිංහ කියන බටහිර ඒජන්තයා මත පාවා දීපු නිසයි පොහොට්ටු නායකයෝ මේ විපාක විඳින්නේ. 'බැසිල් රට ගියා' කියලා මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. ඡන්ද ප්‍රතිඵල ආවාම 'නාමල්ට බඩ ගියා' කියා තමයි කියන්න ඉතිරි වෙන්නේ. රාජපක්ෂලා  69 ලක්ෂයේ ජනවරමේ කොටස්කරුවකුගේ හිසට නොවෙයි ඔටුන්න දැම්මේ. ඔවුන් ඔටුන්න දැම්මේ විජාතික පඹයාගේ හිසට. අන්තිමේදී ඒ විජාතික පඟරනැට්ටාට පොහොට්ටුවත් ලැබුණා.

ශ්‍රී සුමංගල හිමිගේ පරපුර

දැන් රනිල් වික්‍රමසිංහ සමඟ බොරළුගොඩ සිංහයාගේ පුතාත් ඉන්නවා. 'රනිල් හිරේ දානකම් නින්ද යන්නෙ නැහැ!' කියපු මහින්දානන්දත් දැන් රනිල් එක්කයි. ඒ නිසා ජොලිය වැඩි වෙලා රනිල් කියනවා, 'මේ ජාතිකවාදී - ප්‍රගතිශීලී බලවේග සමග මට එකට හිටගන්න ලැබුණු  පළමු අවස්ථාව ඉතා වැදගත් කොට සලකනවා' කියා. සැබෑ ජාතිකවාදී බලවේග කියන්නේ ඔය වගේ බටහිර කුක්කන්ගේ අගුපිල්වල ලගින එවුන්ට නොවෙයි; උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර සුද්දා උන්ගේ කතිර කොඩිය උඩට එසවූවාට පසු ඒක පහතට දාලා යළි අපේ සිංහලේ කොඩිය ඉහළට ඔසවපු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ පරපුරෙන් තමයි මේ ජාතිකවාදී බලවේග බිහි වුණේ. මොන විදිහට වෙස් බැඳගෙන ආවත් මේ බටහිර කුක්කන්ගේ පිල්ලිවලට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලක්මාතාව  නැගිටුවන්න බැහැ.

සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළ 

සර්වජන බලය කරළියට ආවේ බොරු කරන්න නොවෙයි. අපි අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත මීට මාසයකට පමණ පෙර රට හමුවේ තැබුවා. රට පුරා ජනහමු පවත්වලා ඒ ගැන මහජන අදහස් ගත්තා. ඒ අදහස් යෝජනා අනුව තමයි අද මේ විද්වත් සංවාදයට බඳුන් කෙරෙන අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවෙනි කෙටුම්පත එළිදැක්වූයේ. අගෝස්තු 15 වැනිදා වෙනකොට දිලිත් ජයවීර මහත්මයා ඔබ හමුවට එන්නේ සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළේ අවසන් කෙටුම්පත ද සමගයි. 'දැඩි සත්කාර ඒකකයේ කෙඳිරිගාමින් ඉන්න' ලක් මාතාව සුවපත් කරන ආකාරය කියන්න පමණක් නොවෙයි ඒක කරලා පෙන්වන්න අපි සූදානම්. මේ ලෙඩාට වැරදි ප්‍රතිකර්ම සිදුකරන්න එන හොර දොස්තරලාගෙන් බේරාගෙන රටට, දෑහිතකාමීන්ට ගැලපෙන ප්‍රතිකර්මය තමයි අපි රැගෙන එන්නේ.

දිලිත් ජයවීර ජනාධිපති සටනට එන්නේ ඇයි?

 ජාතික සමගිය වඩවාලන, නූතනත්වය බලගන්වන, ඩිජිටල් අංකය සැමදෙනාට ලබා දෙන - ඒ මගින් සොරකම නතර කරවන  ප්‍රතිකර්මය රැගෙන තමයි සර්වජන බලය ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇත්තේ. එසේ දැඩි සත්කාර ඒකකයේ සිටින ලක් මාතාව සුවපත් කළ හැකි ප්‍රතිකර්මය ද සහිතව කාටත් හුරුපුරුදු ලකුණකින් දිලිත් ජයවීර ජනාධිපති සටනට එන්නේ හතරවැනියා, තුන්වැනියා හෝ දෙවැන්නා වීමට නෙවෙයි; පළමුවැනියා වී වසර පහක් තුළ  තම ප්‍රතිකර්මය ක්‍රියාත්මක කිරීමටයි. දුටුගැමුණු රජතුමන් දස මහා යෝධයන් සමඟ පැමිණ දුෂ්කර මොහොතක රට බේරාගත් අන්දමින් සර්වජන  බලයට ද මේ දුෂ්කර මොහොතේ රට බේරාගැනීමට සිදුව තිබෙනවා ඒ දුෂ්කර අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු! එක්ව සටන් වදිමු!"

මෙම සුවිශේෂී අවස්ථාව අමතා සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන  යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභිකයෝ ද අදහස් දැක්වූහ. පිවිතුරු හෙළ උරුමයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකා ඉන්දු ගමග් මහත්මිය පැමිණි පිරිස පිළිගනු ලැබුවාය.

සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත ජනගත.කළ  මෙම අවස්ථාවට, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ඇතුළු සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් පක්ෂවල සහ ජාතික සංවිධානවල සෙසු නායකයෝ ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,











සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.