News Category
From Date
To Date
Maximum Number of Result

"සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර" ජනපති සටනට එන්නේ "දැඩි සත්කාර ඒකකයේ" සිටින ශ්‍රී ලංකා මාතාවට "සුදුසුම ප්‍රතිකර්මය" ද රැගෙනයි - සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවන කෙටුම්පත ජනගත කරමින් විමල් කියයි

Aug 11, 2024 at 08:48 PM
|

"දැඩි සත්කාර ඒකකයේ" ප්‍රතිකාර  ලබන "ශ්‍රී ලංකා මාතාව" නැමැති රෝගියා සුවපත් කළ හැකි "සුදුසුම ප්‍රතිකර්මය" සතු "හොඳම දොස්තර" තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවත් ඒ "සුදුසුම ප්‍රතිකර්මය" අතැතිව සර්වජන බලය විධායක සභික, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපති සටනට පැමිණ ඇති බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත"  ජනතා සංවාදයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු අදහස් සහ යෝජනා ද ඇතුළත් කර සැකසූ "දෙවන කෙටුම්පත" ඊයේ(10) සවස කුරුණෑගල කතරගම දේවාලය අසල වැව් තාවුල්ලේ දී විද්වත් සංවාදය පිණිස ඉදිරිපත් අනතුරුව එම උත්සව සභාව අමතමින් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

'හොඳම දොස්තර සහ ගොඩ වෙද්දු'

"ශ්‍රී ලංකාව මේ වනවිට තම මෑත ඉතිහාසයේ බරපතළම දේශපාලන සහ ආර්ථික අර්බුදයට ගොදුරු වී තිබෙනවා. 'ශ්‍රී ලංකා මාතාව' නමැති ලෙඩා මේ වන විට ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. මේ ලෙඩාට 'සුදුසුම ප්‍රතිකර්මය' සිදුකළ හැකි 'හොඳම දොස්තර' තෝරන්න තමයි මෙවර ජනාධිපතිවරණය එන්නේ. දැනට 'දොස්තරලා' විසිඅටක් ඇප තැන්පත් කරලා. මේ අල්ලපනල්ලේ මේ 'දොස්තරලාට' කඩේ යන 'ගොඩ වෙද්දු' ටිකකුත් ඉන්නවා. රෙදි ඇඳගෙනද නැතුවද මම දන්නේ නැහැ, දැන් 'ඩල්ල - ඩලා' කියනවා, 'සජිත් දොස්තර මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් ලෙඩා ගොඩ.  අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි' කියලා.  කලින් මැතිවරණයේදී 'සජිත් මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් බඩඑළිය යනවා' කියපු 'දයාබර - සිරි' දැන් කියනවා, 'සජිත් මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව බිව්වොත් ලෙඩේ සුරුස් ගාලා සනීප වෙනවා. අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි' කියලා.

වැල් පාලම සහ පින් දොස්තර

ගෝඨාභය රාජපක්ෂ ඔටුන්න පළඳලා ගියේ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ හිසෙයි.. ඊට පස්සේ පොහොට්ටුවෝ ටික හිතුවා, 'ගෝඨාභයගේ කාලෙ අපේ සාක්කු පිරුණේ නැහැ. දැන් අපේ සාක්කු හොඳට පිරෙනවා. සාක්කු පිරෙනවා නම් පොහොට්ටුව මොකටද? මේ පින් දොස්තරත් එක්කම ඉන්නවා.' කියලා. මේ පින් දොස්තර කියනවා, 'මේ අයිඑම්එෆ් පාලමේ අමාරුවෙන් හරි යමු!' කියලා අනුර දිසානායක දොස්තර මහත්තයත් කියනවා, 'අපි ආවත් ඉතිරි ටික යන්නේ අයිඑම්එෆ් පාලමේ තමයි' කියලා. අනුර දිසානායකලා පසුගිය කාලය පුරාම කිව්වා, 'රාජපක්ෂලා ඇතුළු නඩය හොරා කාපු සල්ලි අතන මෙතන තියෙනවා. මේ හොරු හිරේ දාලා, අපි ඒ සල්ලි ටික ගේනවා. ඊට පස්සේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ලෙඩා සුරුස් ගාලා නැගිටිනවා.' කියලා. මේක අහපු තෙල් පෝලිමේ හිටපු සමහර අම්මලා, තාත්තලා, නංගිලා, මල්ලිලා හිතුවා, 'මේක තමයි හේතුව. මුන්ගෙන් පළිගන්න ඕනේ. ඒකට හොඳම වෛරය වඩවාලන දොස්තර(WWD)' කියලා.

බංග්ලාදේශයේ මොකද වුණේ? 

බලන්න, අද බංග්ලාදේශයේ මොකද වෙන්නේ? බංග්ලාදේශයේ තෙල් - ගෑස් පෝලිම් තිබුණා ද? විදේශ විනිමය අර්බුදයක් හෝ ආර්ථිකයේ කඩාවැටීමක් තිබුණා ද? නැහැනේ. බංග්ලාදේශයේ වෙන ආකාරයකටයි 'අරගලය' ආවේ. බංග්ලාදේශය ගොඩනැගීමට දායක වූ  වීරයන්ගේ දරුවන්ට රජයේ රැකියා කෝටාවෙන් සියයට තිහක් දෙනවා. 'අරගලේ' ආවේ 'කෝටා ක්‍රමය නවත්වලා හැකියාව අනුව රැකියා දීපල්ලා!' කියලයි. පළමු සටන් පාඨය 'රැකියා කෝටා ක්‍රමය අහෝසි කරව්!' වුණාට පසුව ඒක 'ෂීක් හසීනා ගෝ හෝම්!' වුණා. බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය මේ රැකියා කෝටාව සියයට හත දක්වා අඩු කළත් ඒ තීන්දුවත් මේ අරගලකරුවන් පිළිගත්තේ නැහැ. අරගලය දිගටම යනවා; ෂීක් හසීනා වෙන රටකට පලා යනවා; ආරක්ෂක ඇමති - හමුදාපති මරලා එල්ලනවා. බංග්ලාදේශයේ සිදුවෙමින් තිබූ ආර්ථික වර්ධනය දැකපු ඇමරිකන් පිල්ලි නිහඩව හිටියේ නැහැ මේ සියල්ල සිදුවන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සාමාජිකත්වය දරන QUAD මිලිටරි සන්ධානය හෙවත් දකුණු ආසියාවේ නේටෝව මගින් දියත් වන ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය අනුවයි. බංග්ලාදේශය පමණක් නොවෙයි ශ්‍රී ලංකාවත් මේ ඔවුන්ගේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයට ඇතුළත්. බංග්ලාදේශය, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල් තමන්ගේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයෙන් එළියට යනවා නම් ඔවුන් ඒක නවත්වන්න මළකඳන් ලක්ෂ ගණන් ගොඩගැහෙන තරමේ ඕනෑම නින්දිත ක්‍රියාදාමයකට පාර කපන බව අපි පසුගිය අරගල කාලයේ දුටුවා.

රාහු කාලය සහ ධම්මික පෙරේරා 

රාහු කාලයේ එළියට නොබහින ධම්මික පෙරේරාට රාහු කාලයේ නැකතක් දාලා එව්වාම එයා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වෙලා තියෙනවා. ඒ විතරක් ද? එයා හිතන්න ඇති 'ඩල්ල ඩලාලා, දයාබර සිරිලා සජිත් එක්ක යනවා. පොහොට්ටුවේ ඉතිරි වෙන්නේ රාජපක්ෂලාට අමතරව තව හත්අට දෙනයි. මෙයාලත් එක්ක කොහොමද මැච් එකක් ගහන්නේ? මට මේ කීපදෙනා එක්ක කැසිනෝ තමයි ගහන්න වෙන්නේ.' කියලා. අන්තිමට පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැති වුණා. නාමල් රාජපක්ෂ කොලුවා, 'බිය නොවන්න පියතුමනි, මම මද්දුම බණ්ඩාරයන්ට වඩා හොඳින් ගහලයාට ගෙල පානවා.' කියලා මේ මරාලයට බෙල්ල තියලා තිබෙනවා.

පොහොට්ටුව සහ පොකට්ටුව

කොහොම නමුත් ජාතික බලවේගය සීසීකඩ කරලා බෙදන තත්ත්වයට වගකිවයුත්තේ මේ පොහොට්ටු නායකයෝ තමයි. මේ පොහොට්ටු නායකයන්ට පොහොට්ටුවට වඩා 'පොකට්ටුව' ලොකු වුණා. පොහොට්ටු නායකයෝ, පොකට්ටුවට වඩා ඉහළින් රට, දැය, සමය තිබ්බානම් අද රනිල් වික්‍රමසිංහ පස්සේ බඩගාන පොහොට්ටුකාරයෝ බිහි වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ පස්සේ බඩගාන මේ පොහොට්ටුකාරයෝ දිහා බලන්නත් ලැජ්ජයි. දැන් බලන්න, කුරුණෑගල ඉතිරි වෙලා ඉන්නේ කවුද? 'සාටකයේ ඔන්චිලි පදින' ජොනීට අමතරව තව දෙකයි; අනෙක් ඔක්කොම රනිල්ගේ සාක්කුවේ. අද නාමල් රාජපක්ෂට හම්බන්තොට අතහැරලා අනුරාධපුරයට පල්ලම් බහින්න සිදුවෙලා තිබෙනවා.

ඔටුන්න වැරදි ඔළුවට දැමීම

මේ රටේ ජාතික බලවේග අතේ තිබුණු ජාතික කොඩිය, රනිල් වික්‍රමසිංහ කියන බටහිර ඒජන්තයා මත පාවා දීපු නිසයි පොහොට්ටු නායකයෝ මේ විපාක විඳින්නේ. 'බැසිල් රට ගියා' කියලා මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. ඡන්ද ප්‍රතිඵල ආවාම 'නාමල්ට බඩ ගියා' කියා තමයි කියන්න ඉතිරි වෙන්නේ. රාජපක්ෂලා  69 ලක්ෂයේ ජනවරමේ කොටස්කරුවකුගේ හිසට නොවෙයි ඔටුන්න දැම්මේ. ඔවුන් ඔටුන්න දැම්මේ විජාතික පඹයාගේ හිසට. අන්තිමේදී ඒ විජාතික පඟරනැට්ටාට පොහොට්ටුවත් ලැබුණා.

ශ්‍රී සුමංගල හිමිගේ පරපුර

දැන් රනිල් වික්‍රමසිංහ සමඟ බොරළුගොඩ සිංහයාගේ පුතාත් ඉන්නවා. 'රනිල් හිරේ දානකම් නින්ද යන්නෙ නැහැ!' කියපු මහින්දානන්දත් දැන් රනිල් එක්කයි. ඒ නිසා ජොලිය වැඩි වෙලා රනිල් කියනවා, 'මේ ජාතිකවාදී - ප්‍රගතිශීලී බලවේග සමග මට එකට හිටගන්න ලැබුණු  පළමු අවස්ථාව ඉතා වැදගත් කොට සලකනවා' කියා. සැබෑ ජාතිකවාදී බලවේග කියන්නේ ඔය වගේ බටහිර කුක්කන්ගේ අගුපිල්වල ලගින එවුන්ට නොවෙයි; උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර සුද්දා උන්ගේ කතිර කොඩිය උඩට එසවූවාට පසු ඒක පහතට දාලා යළි අපේ සිංහලේ කොඩිය ඉහළට ඔසවපු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ පරපුරෙන් තමයි මේ ජාතිකවාදී බලවේග බිහි වුණේ. මොන විදිහට වෙස් බැඳගෙන ආවත් මේ බටහිර කුක්කන්ගේ පිල්ලිවලට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලක්මාතාව  නැගිටුවන්න බැහැ.

සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළ 

සර්වජන බලය කරළියට ආවේ බොරු කරන්න නොවෙයි. අපි අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත මීට මාසයකට පමණ පෙර රට හමුවේ තැබුවා. රට පුරා ජනහමු පවත්වලා ඒ ගැන මහජන අදහස් ගත්තා. ඒ අදහස් යෝජනා අනුව තමයි අද මේ විද්වත් සංවාදයට බඳුන් කෙරෙන අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවෙනි කෙටුම්පත එළිදැක්වූයේ. අගෝස්තු 15 වැනිදා වෙනකොට දිලිත් ජයවීර මහත්මයා ඔබ හමුවට එන්නේ සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළේ අවසන් කෙටුම්පත ද සමගයි. 'දැඩි සත්කාර ඒකකයේ කෙඳිරිගාමින් ඉන්න' ලක් මාතාව සුවපත් කරන ආකාරය කියන්න පමණක් නොවෙයි ඒක කරලා පෙන්වන්න අපි සූදානම්. මේ ලෙඩාට වැරදි ප්‍රතිකර්ම සිදුකරන්න එන හොර දොස්තරලාගෙන් බේරාගෙන රටට, දෑහිතකාමීන්ට ගැලපෙන ප්‍රතිකර්මය තමයි අපි රැගෙන එන්නේ.

දිලිත් ජයවීර ජනාධිපති සටනට එන්නේ ඇයි?

 ජාතික සමගිය වඩවාලන, නූතනත්වය බලගන්වන, ඩිජිටල් අංකය සැමදෙනාට ලබා දෙන - ඒ මගින් සොරකම නතර කරවන  ප්‍රතිකර්මය රැගෙන තමයි සර්වජන බලය ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇත්තේ. එසේ දැඩි සත්කාර ඒකකයේ සිටින ලක් මාතාව සුවපත් කළ හැකි ප්‍රතිකර්මය ද සහිතව කාටත් හුරුපුරුදු ලකුණකින් දිලිත් ජයවීර ජනාධිපති සටනට එන්නේ හතරවැනියා, තුන්වැනියා හෝ දෙවැන්නා වීමට නෙවෙයි; පළමුවැනියා වී වසර පහක් තුළ  තම ප්‍රතිකර්මය ක්‍රියාත්මක කිරීමටයි. දුටුගැමුණු රජතුමන් දස මහා යෝධයන් සමඟ පැමිණ දුෂ්කර මොහොතක රට බේරාගත් අන්දමින් සර්වජන  බලයට ද මේ දුෂ්කර මොහොතේ රට බේරාගැනීමට සිදුව තිබෙනවා ඒ දුෂ්කර අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු! එක්ව සටන් වදිමු!"

මෙම සුවිශේෂී අවස්ථාව අමතා සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන  යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභිකයෝ ද අදහස් දැක්වූහ. පිවිතුරු හෙළ උරුමයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකා ඉන්දු ගමග් මහත්මිය පැමිණි පිරිස පිළිගනු ලැබුවාය.

සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත ජනගත.කළ  මෙම අවස්ථාවට, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ඇතුළු සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් පක්ෂවල සහ ජාතික සංවිධානවල සෙසු නායකයෝ ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,











සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.