පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන 10කට ප්‍රහාර එල්ල කළා- හිස්බුල්ලා සංවිධානය
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය.
හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය.
හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත.
2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළදා සිට ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ තත්වය උත්සන්න වී ඇත. ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාවේ ප්‍රදේශවල දිනපතා එකිනෙකාගේ ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරති. ලෙබනන් විදේශ අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් 100,000 කට පමණ දකුණු ලෙබනනයේ සිය නිවෙස් අතහැර යාමට සිදුවිය. ඊශ්‍රායල පාර්ශවය වාර්තා කළේ උතුරු ඊශ්‍රායලයේ පදිංචිකරුවන් 80,000 ක් පමණ නිවාස අතහැර යාමට ස්දිවන තත්වයකට පත්ව ඇති බවයි.
මෑත සතිවලදී, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගුවන් ප්‍රහාරවල ඉහළ පෙළේ හිස්බුල්ලා අණ දෙන නිලධාරීන් සහ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම් වාර්තා කර ඇත.හිස්බුල්ල ව්‍යාපාරය සෑම ඝාතනයකටම ප්‍රතිචාර දක්වන්නේ උතුරු ඊශ්‍රායලයට දැවැන්ත ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, රොකට් සහ ඩ්‍රෝන දුසිම් ගනනක් දියත් කිරීමෙනි. බොහෝ විට, ලෙබනනයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ලැව්ගිනි ඇති වන අතර, දැනටමත් හෙක්ටයාර් සිය ගණනක් භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇත. ජූනි මස මැදදී, ඊශ්‍රායල හමුදා විධානය ලෙබනනයේ ප්‍රහාරයක් සඳහා සටන් සැලසුම් අනුමත කරන බව නිවේදනය කළේය. මෙයින් පසු විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් හිස්බුල්ලා සංවිධානය විනාශ කරන බවට තර්ජනය කළ අතර පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇති වුවහොත් ලෙබනනයට බරපතල හානියක් සිදු කරන බවත් ඊශ්‍රායලය උතුරු පෙරමුණේ නීති වෙනස් කරන තීරණයක් ගැනීමට ආසන්න බවත් පැවසීය. අනෙක් අතට, හිස්බුල්ලා මහලේකම් හසන් නස්රල්ලා ජූනි 19 දා කියා සිටියේ ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් හිස්බුල්ලා සංවිධානයට උතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට හැකියාව ලැබෙන බවයි. BEIRUT (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..