News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන 10කට ප්‍රහාර එල්ල කළා- හිස්බුල්ලා සංවිධානය

Aug 11, 2024 at 01:48 PM
|

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය.

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය.

හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත. 

2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළදා සිට ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ තත්වය උත්සන්න වී ඇත. ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාවේ ප්‍රදේශවල දිනපතා එකිනෙකාගේ ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරති. ලෙබනන් විදේශ අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් 100,000 කට පමණ දකුණු ලෙබනනයේ සිය නිවෙස් අතහැර යාමට සිදුවිය. ඊශ්‍රායල පාර්ශවය වාර්තා කළේ උතුරු ඊශ්‍රායලයේ පදිංචිකරුවන් 80,000 ක් පමණ නිවාස අතහැර යාමට ස්දිවන තත්වයකට පත්ව ඇති බවයි.

මෑත සතිවලදී, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගුවන් ප්‍රහාරවල ඉහළ පෙළේ හිස්බුල්ලා අණ දෙන නිලධාරීන් සහ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම් වාර්තා කර ඇත.හිස්බුල්ල ව්‍යාපාරය සෑම ඝාතනයකටම ප්‍රතිචාර දක්වන්නේ උතුරු ඊශ්‍රායලයට දැවැන්ත ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, රොකට් සහ ඩ්‍රෝන දුසිම් ගනනක් දියත් කිරීමෙනි. බොහෝ විට, ලෙබනනයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ලැව්ගිනි ඇති වන අතර, දැනටමත් හෙක්ටයාර් සිය ගණනක් භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇත. ජූනි මස මැදදී, ඊශ්‍රායල හමුදා විධානය ලෙබනනයේ ප්‍රහාරයක් සඳහා සටන් සැලසුම් අනුමත කරන බව නිවේදනය කළේය. මෙයින් පසු විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් හිස්බුල්ලා සංවිධානය විනාශ කරන බවට තර්ජනය කළ අතර පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇති වුවහොත් ලෙබනනයට බරපතල හානියක් සිදු කරන බවත් ඊශ්‍රායලය උතුරු පෙරමුණේ නීති වෙනස් කරන තීරණයක් ගැනීමට ආසන්න බවත් පැවසීය. අනෙක් අතට, හිස්බුල්ලා මහලේකම් හසන් නස්රල්ලා ජූනි 19 දා කියා සිටියේ ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් හිස්බුල්ලා සංවිධානයට උතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට හැකියාව ලැබෙන බවයි. BEIRUT (Sputnik)

සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.