නාමල් දිනවිල්ල පැත්තකට දමා පවිත්‍රාත් රනිල් හා එක්වෙයි
ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇති අතර, ඇය පවසන්නේ තම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත මෙම තීන්දුය ගත් බවයි.
මේ බව පවසමින් ඇය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
"2024 ජනාධිපතිවරණයේ දී මාගේ දේශපාලන ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරමි.
මා සමඟ දේශපාලනිකව කටයුතු කරන පාක්ෂිකයින්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ දීර්ඝ දේශපාලන කථිකාවකින් අනතුරුව මා මෙම දේශපාලන තීරණය ගැනීමට කටයුතු කළෙමි.
2022 ර්වෂයේ අපගේ මාතෘ භූමිය ආර්‌ථීක, දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්වයකට පත් වූ බව අප සියළු දෙනා දන්නා කරුණකි.
එවකට පැවති අස්ථාවරත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහොමයක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එකී වෙනත් දේශපාලන බලවේග ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව ඇත.
එම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ අති බහුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් මා වෙත දන්වා සිටිනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙසයි.
තීරණාත්මක දේශපාලන තීන්දු ගැනිමේ දී මා සමඟ කටයුතු කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සහ පාක්ෂිකයන්ට ඇහුම්කන් දීම මාගේ දේශපාලන දිවියේ සැමවිටම මා අනුගමනය කළ ප්‍රතිපත්තියයි.
තවද, අප සියළු දෙනා එක්ව මහත් කැපකිරීම් සහිතව ස්ථාවරත්වයකට පත් කර ගත් අපගේ මාතෘ භූමිය තවදුරටත් ගොඩනැගීම සඳහා සෘජු හා යථාර්ථවාදී තීරණ ගන්නා රාජ්‍ය නායකයෙකු මේ මොහොතේ අවැසි බව මාගේ විශ්වාසයයි.
එබැවින්, මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි තවදුරටත් රැඳෙමින්, ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වී ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සහයෝගය ලබාදීමට තීරණය කළෙමි.
ඒ සඳහා ඔබ සියළු දෙනාගේ ආශිවාදය හා සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමි."
– ස්තුතියි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..