
නාමල් දිනවිල්ල පැත්තකට දමා පවිත්‍රාත් රනිල් හා එක්වෙයි
ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇති අතර, ඇය පවසන්නේ තම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත මෙම තීන්දුය ගත් බවයි.
මේ බව පවසමින් ඇය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
"2024 ජනාධිපතිවරණයේ දී මාගේ දේශපාලන ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරමි.
මා සමඟ දේශපාලනිකව කටයුතු කරන පාක්ෂිකයින්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ දීර්ඝ දේශපාලන කථිකාවකින් අනතුරුව මා මෙම දේශපාලන තීරණය ගැනීමට කටයුතු කළෙමි.
2022 ර්වෂයේ අපගේ මාතෘ භූමිය ආර්‌ථීක, දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්වයකට පත් වූ බව අප සියළු දෙනා දන්නා කරුණකි.
එවකට පැවති අස්ථාවරත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහොමයක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එකී වෙනත් දේශපාලන බලවේග ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව ඇත.
එම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ අති බහුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් මා වෙත දන්වා සිටිනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙසයි.
තීරණාත්මක දේශපාලන තීන්දු ගැනිමේ දී මා සමඟ කටයුතු කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සහ පාක්ෂිකයන්ට ඇහුම්කන් දීම මාගේ දේශපාලන දිවියේ සැමවිටම මා අනුගමනය කළ ප්‍රතිපත්තියයි.
තවද, අප සියළු දෙනා එක්ව මහත් කැපකිරීම් සහිතව ස්ථාවරත්වයකට පත් කර ගත් අපගේ මාතෘ භූමිය තවදුරටත් ගොඩනැගීම සඳහා සෘජු හා යථාර්ථවාදී තීරණ ගන්නා රාජ්‍ය නායකයෙකු මේ මොහොතේ අවැසි බව මාගේ විශ්වාසයයි.
එබැවින්, මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි තවදුරටත් රැඳෙමින්, ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වී ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සහයෝගය ලබාදීමට තීරණය කළෙමි.
ඒ සඳහා ඔබ සියළු දෙනාගේ ආශිවාදය හා සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමි."
– ස්තුතියි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
