
ඉරානයේ අභිප්‍රාය කුමක් වුවත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දෙනු ඇත - රහස්‍ය වාර්තාවක් පවසයි
ටෙහෙරානයේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරානයේ ලබාදෙන ප්‍රතිචාරය කුමක් වුවත් ලෙබනනයේ ෂියා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දිය හැකි බව බුද්ධි මූලාශ්‍ර උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.
ලෙබනන් ව්‍යාපාරය ක්‍රියාකාරිත්වයෙන් ඉරානයට වඩා වේගයෙන් ඉදිරිගාමීව කටයුතු කරන අතර ඉදිරි දිනවලදී ඊශ්‍රායලයට පහර දීමට සැලසුම් කරමින් සිටින බව CNN පුවත් සේවය ඊයේ(07) වාර්තා කළේය.
ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරානය තවමත් එහි සැලසුම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් සිටින බව නිලධාරීන් කිහිප දෙනෙක් CNN ප්‍රවෘත්ති සේවයට පවසා ඇතැයිද පවසයි. එක්සත් ජනපද හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය පවසන්නේ ඉරානය යම් සූදානමක් කර ඇති නමුත් ඊශ්‍රායලයට එල්ල විය හැකි ප්‍රධාන ප්‍රහාරයකට පෙර එක්සත් ජනපදය බලාපොරොත්තු වූ සියල්ල නොවන බවයි.
ඊශ්‍රායලය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
ඊශ්‍රායලයේ ප්‍රධාන අණ දෙන නිලධාරි ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමේ කොටසක් ලෙස ලෙබනනයේ ෂියා මුස්ලිම්වරුන්ගේ හිස්බුල්ලා ව්‍යාපාරය ඊශ්‍රායල සිවිල් වැසියන්ට හානි කළහොත් අසමානුපාතික මිලක් ගෙවන බව ඊශ්‍රායලය එක්සත් ජනපදයට ප්‍රකාශ කර ඇති බව ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් ඇxඉඔස් ප්‍රවෘත්ති සේවය අද(08) වාර්තා කළේය.
මධ්‍යම ඊශ්‍රායලයේ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමේදී හිස්බුල්ලා සංවිධානය ඉශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශවලට පහර දිය හැකි බවට තමන් සැලකිලිමත් වන බවට ඊශ්‍රායලය මෑතකදී එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ. විශේෂයෙන්, ඊශ්‍රායල නිලධාරීන් හිස්බුල්ලා ව්‍යාපාරය විසින් වැරදි මිසයිල ප්‍රහාර එල්ල කරන බව පෙන්වා දුන්නේය.
"එක්සත් ජනපදය සමඟ අභ්‍යන්තර සාකච්ඡා වලදී, ඊශ්‍රායලය අවධාරණය කළේ තවත් හිස්බුල්ලා අනතුරක පිරිවැය අධික වනු ඇති බවත්, හිස්බුල්ලා ප්‍රතිප්‍රහාරයේ කොටසක් ලෙස සිවිල් වැසියන්ට හානි කළහොත් අසමානුපාතික මිලක් ගෙවන බවත්" ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවය පවසයි.
MOSCOW (Sputnik)
ඊශ්‍රායලය පසුගිය සතියේ ලෙබනනයේ බේරූට්හිදී හිස්බුල්ලා සංවිධානයේ ඉහළම හමුදාපති ෆුවාඩ් ෂුක්ර් ඝාතනය කළේය. ජුලි 31 වැනිදා ටෙහෙරානයේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම සම්බන්ධයෙන්, හමාස් ව්‍යාපාරය මෙන්ම ඉරානය ද ඊශ්‍රායලයට චෝදනා කළද, ඊශ්‍රායලය එහි වගකීම මෙතෙක් භාරගෙන නැත.
"ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ". NBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ, නම් නොකළ ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමිනි. යුදෙව් රාජ්‍යය හමාස් සහ හිස්බුල්ලා යන දෙඅංශයේම දිගුකාලීන ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, ඔවුන්ගේ නායකයින්ගේ මරණවලට පළිගැනීමේ ආශාවෙන් සිටින බවත් එම නම සඳහන් නොඛළ යුද හමුදා නිළධාරියා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
