
බංග්ලාදේශ අරගලකරුවෝ හසීනාගේ අවාමි ලීගයේ මන්ත්‍රීන් 20ක් මරා දමලා
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශ වලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇත.
අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවෙසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවෙසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය පෙරේදා (06) සොයා ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවෙසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත්, එම නිවෙසේ තිබී පිළිස්සී ගිය මළ සිරුරු 6 ක් සොයාගෙන ඇති බවත්, විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මූලස්ථානයට ගිනි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භ වී ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය.
අවසානයේ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරය ඉල්ලා සිටි පරිදි මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග බංග්ලාදේශයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
– විමුක්ති එස්. රුද්‍රිගු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
