එක්සත් රාජධානියේ සිවිල් යුද්ධයක් ඇති වීම වැලැක්විය නොහැකියි -එලොන් මස්ක්
එක්සත් රාජධානිය සිවිල් යුද්ධයකට තල්ලුවීමේ අවදානමකට ලක්ව ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරන්නේ රට තුළ පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇති බව පෙන්වා දෙමිනි.
එංගලන්තයේ සවුත්පෝර්ට් හිදි පිහි ප්‍රහාරයකින් ළමයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු ලිවර්පූල්, නොටින්හැම්, ලීඩ්ස්, බෙල්ෆාස්ට්, ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට්, බ්ලැක්පූල් සහ හල් ඇතුළු එක්සත් රාජධානියේ නගර කිහිපයක් තුළ ගැටුම්කාරි තත්වයන් වර්ධනය විය. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුවන්ඩාවේ දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපන් 17 හැවිරිදි ඇක්සෙල් රුදකුබානා නම් තරුණයෙකු විසිනි. සිද්ධියෙන් පසු අපරාධකරු බෝට්ටුවෙන් බ්‍රිතාන්‍යයට පලා ගිය සිරියානු සංක්‍රමණිකයෙකු බවට අන්තර්ජාලය පුරා ව්‍යාජ තොරතුරු පැතිර යමින් තිබේ.
මෙම ඛේදවාචකය නොයෙකුත් විරෝධතාවලට තුඩු දී ඇති අතර, විරෝධතා සියල්ලම ප්‍රචණ්ඩකාරී නොවූවද, මෝටර් රථ පුළුස්සා දැමීම් ,ගොඩනැගිලිවලට හානි සිදු කිරීම් ආදිය දක්නට ලැබුණි. පෙලපාලිකරුවන් සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී සටන් පාඨ කියමින්, ගිනි තැබීම් සහ රතිඤ්ඤා පත්තු කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා සංසරණය විය. සමහර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියගණනක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ නිතිය බලාත්මක කරන නිලධාරීන් තුවාල ලබා ඇත.
එක්සත් රාජධානියට විශාල ප්‍රමාණයේ සංක්‍රමණ සහ විවෘත දේශසීමා ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා අවුල් සහගත තත්වයක් ඇතිව තිබෙන බව අදහස් දැක්වූ සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් මුදා හරින ලද නොසන්සුන්තාව පෙන්නුම් කරන X (කලින් ට්විටර්) හි වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් එංගලන්තයේ “සිවිල් යුද්ධය වැළැක්විය නොහැකිය” මස්ක් පැවසුවේය.
ස්වදේශ ලේකම් Yvette Cooper අනතුරු ඇඟවූයේ "අපේ වීදිවල සාපරාධී ව්‍යාකූලත්වයට සහ ප්‍රචණ්ඩ මැරකම්වලට සම්බන්ධ අයට මිල ගෙවීමට සිදුවනු ඇති "අතර" හැකි ප්‍රබලම දඬුවම්වලට" මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මීට මාසයකට අඩු කාලයකට පෙර තනතුර භාරගත් අගමැති කීර් ස්ටාර්මර්ගේ කාර්යාලය පැවසුවේ එක්සත් රාජධානියේ රජය “අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට සහාය දෙන” බවයි.
සවුත්පෝට් ප්‍රහාරයේ අපරාධකරු සංක්‍රමණිකයෙකු බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් රුසියාව විරෝධතාවලට ඉන්ධන සැපයීමට උත්සාහ කරන බවට MI6 ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන Richard Dearlove සාක්ෂි නොමැතිව කියා සිටියේය. රුසියාවට සම්බන්ධ බව කියන Channel3 Now වෙබ් අඩවිය මගින් මෙම අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවද ඔහු පැවසීය. X හි Channel3 Now පිටුවට අනුගාමිකයින් 3,000ක් පමණ ඇත.
ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ප්‍රකාශයන් “අපයෝජකයා තම ගොදුරේ මනස තුළ ස්වයං සැකය සහ ව්‍යාකූලත්වය වැපිරීමට උත්සාහ කරන මානසික අපයෝජන හෝ උපාමාරු ආකාරයක්” ලෙස ප්‍රතික්ෂේප කළේය. “පෙර නොවූ විරූ සරණාගත ප්‍රවාහයන් ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවල් සහ කලාප” අස්ථාවර කිරීමට උදව් කළ අය අතර Richard Dearlove ද සිටින බවද පැවසීය.
Channel3 Now පුවත් වෙබ් අඩවිය සිද්ධියට සම්බන්ධ සැකකරු පසුගිය වසරේ බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි බව කියන සරණාගතයෙකු වන අලි-අල්-ෂකාටි ලෙස නම් කර තිබුණි. ඔහු "MI6 නිරීක්ෂණ ලැයිස්තුවේ සිටි අතර ලිවර්පූල් මානසික සෞඛ්‍ය සේවාව වෙත යොමු කළ අයෙකු බවද වාර්තාවේ. විශේෂයෙන්ම ඇමරිකාවේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් ආවරණය කිරීම සඳහා විශේෂඥයෙකු ලෙස පෙනී සිටින Channel3 Now - පසුව ඒවා මකා දැමීමට කටයුතු කරණු ලබයි. වෙබ් අඩවිය බොහෝ විට ව්‍යාජ තොරතුරු වෛරල් කිරීමට කරන ව්‍යාජ වෙබ් අඩවියක් ලෙස පෙනී යයි.
Channel3 Now 2023 දී ලිතුවේනියානු වෙබ් අඩවියක් යටතේ ලියාපදිංචි වී ඇති අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එයට “ජේම්ස් ලෝලි නම් තනි නම් කර්තෘවරයෙක් සිටින බවත්, ඔහුගේ ළින්කෙඩෛන් ගිණුමේ සඳහන් වන්නේ ඔහුට කැනඩාවේ Nova Scotia හි ගෙවතු වගා සමාගමක් අයත්ව තිබෙන බවයි. වෙබ් අඩවියේ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු නිර්නාමිකව තිබෙන අතර මැසචුසෙට්ස් පදනම් කරගත් පුවත් සේවාවක් හරහා මෙහෙයවනු ලැබේ.
යුරෝපා සංගමය මෙන්ම, බ්‍රිතාන්‍යය ද වසර කිහිපයක් තිස්සේ සංක්‍රමණිකයන් ගලා ඒම සමඟ පිළිබඳව අරගල කරමින් සිටී. 2023 ජූනි මස වන විට,ඊට පෙර මාස 12 තුළ බ්‍රිතාන්‍ය වෙත ශුද්ධ සංක්‍රමණිකයන් ගණන නිල සංඛ්‍යා ලේඛන අනුව 685,000 ක් වූ අතර, යුරෝපා සංගම් නොවන ජාතිකයන් පස්දෙනා ඉන්දියානු (253,000), නයිජීරියානු (141,000), චීන (89,000), පකිස්ථානු (55,000) සහ යුක්රේනියානු (35,000) ජාතිකයන් ලෙස එම ගණන බෙදී යයි.
UK civil war ‘inevitable’ – Musk
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..