News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් රාජධානියේ සිවිල් යුද්ධයක් ඇති වීම වැලැක්විය නොහැකියි -එලොන් මස්ක්

Aug 7, 2024 at 10:56 AM
|

එක්සත් රාජධානිය සිවිල් යුද්ධයකට තල්ලුවීමේ අවදානමකට ලක්ව ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරන්නේ රට තුළ පවතින සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇති බව පෙන්වා දෙමිනි.

එංගලන්තයේ සවුත්පෝර්ට් හිදි පිහි ප්‍රහාරයකින් ළමයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු ලිවර්පූල්, නොටින්හැම්, ලීඩ්ස්, බෙල්ෆාස්ට්, ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට්, බ්ලැක්පූල් සහ හල් ඇතුළු එක්සත් රාජධානියේ නගර කිහිපයක් තුළ ගැටුම්කාරි තත්වයන් වර්ධනය විය. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුවන්ඩාවේ දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපන් 17 හැවිරිදි ඇක්සෙල් රුදකුබානා නම් තරුණයෙකු විසිනි. සිද්ධියෙන් පසු අපරාධකරු බෝට්ටුවෙන් බ්‍රිතාන්‍යයට පලා ගිය සිරියානු සංක්‍රමණිකයෙකු බවට අන්තර්ජාලය පුරා ව්‍යාජ තොරතුරු පැතිර යමින් තිබේ.

මෙම ඛේදවාචකය නොයෙකුත් විරෝධතාවලට තුඩු දී ඇති අතර, විරෝධතා සියල්ලම ප්‍රචණ්ඩකාරී නොවූවද, මෝටර් රථ පුළුස්සා දැමීම් ,ගොඩනැගිලිවලට හානි සිදු කිරීම් ආදිය දක්නට ලැබුණි. පෙලපාලිකරුවන් සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී සටන් පාඨ කියමින්, ගිනි තැබීම් සහ රතිඤ්ඤා පත්තු කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා සංසරණය විය. සමහර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියගණනක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ නිතිය බලාත්මක කරන නිලධාරීන් තුවාල ලබා ඇත.

එක්සත් රාජධානියට විශාල ප්‍රමාණයේ සංක්‍රමණ සහ විවෘත දේශසීමා ප්‍රතිපත්තිය අනුගමනය කිරීම  නිසා අවුල් සහගත තත්වයක් ඇතිව තිබෙන බව අදහස් දැක්වූ  සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් මුදා හරින ලද නොසන්සුන්තාව පෙන්නුම් කරන X (කලින් ට්විටර්) හි වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් එංගලන්තයේ “සිවිල් යුද්ධය වැළැක්විය නොහැකිය” මස්ක් පැවසුවේය. 

ස්වදේශ ලේකම් ‍Yvette Cooper අනතුරු ඇඟවූයේ "අපේ වීදිවල සාපරාධී ව්‍යාකූලත්වයට සහ ප්‍රචණ්ඩ මැරකම්වලට සම්බන්ධ අයට මිල ගෙවීමට සිදුවනු ඇති "අතර" හැකි ප්‍රබලම දඬුවම්වලට" මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මීට මාසයකට අඩු කාලයකට පෙර තනතුර භාරගත් අගමැති කීර් ස්ටාර්මර්ගේ කාර්යාලය පැවසුවේ එක්සත් රාජධානියේ රජය “අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට සහාය දෙන” බවයි.

සවුත්පෝට් ප්‍රහාරයේ අපරාධකරු සංක්‍රමණිකයෙකු බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් රුසියාව විරෝධතාවලට ඉන්ධන සැපයීමට උත්සාහ කරන බවට MI6 ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වන Richard Dearlove සාක්ෂි නොමැතිව කියා සිටියේය. රුසියාවට සම්බන්ධ බව කියන Channel3 Now වෙබ් අඩවිය මගින් මෙම අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවද ඔහු පැවසීය. X හි Channel3 Now පිටුවට අනුගාමිකයින් 3,000ක් පමණ ඇත.

ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ප්‍රකාශයන් “අපයෝජකයා තම ගොදුරේ මනස තුළ ස්වයං සැකය සහ ව්‍යාකූලත්වය වැපිරීමට උත්සාහ කරන මානසික අපයෝජන හෝ උපාමාරු ආකාරයක්” ලෙස ප්‍රතික්ෂේප කළේය. “පෙර නොවූ විරූ සරණාගත ප්‍රවාහයන් ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවල් සහ කලාප” අස්ථාවර කිරීමට උදව් කළ අය අතර Richard Dearlove ද සිටින බවද  පැවසීය.

Channel3 Now පුවත් වෙබ් අඩවිය සිද්ධියට සම්බන්ධ සැකකරු පසුගිය වසරේ බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි බව කියන සරණාගතයෙකු වන අලි-අල්-ෂකාටි ලෙස නම් කර තිබුණි. ඔහු "MI6 නිරීක්ෂණ ලැයිස්තුවේ සිටි අතර ලිවර්පූල් මානසික සෞඛ්‍ය සේවාව වෙත යොමු කළ අයෙකු බවද වාර්තාවේ. විශේෂයෙන්ම ඇමරිකාවේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් ආවරණය කිරීම සඳහා විශේෂඥයෙකු ලෙස පෙනී සිටින Channel3 Now - පසුව ඒවා මකා දැමීමට කටයුතු කරණු ලබයි. වෙබ් අඩවිය බොහෝ විට ව්‍යාජ තොරතුරු වෛරල් කිරීමට කරන ව්‍යාජ වෙබ් අඩවියක්  ලෙස පෙනී යයි.

Channel3 Now 2023 දී ලිතුවේනියානු වෙබ් අඩවියක් යටතේ ලියාපදිංචි වී ඇති අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එයට “ජේම්ස් ලෝලි නම් තනි නම් කර්තෘවරයෙක් සිටින බවත්, ඔහුගේ ළින්කෙඩෛන් ගිණුමේ සඳහන් වන්නේ ඔහුට කැනඩාවේ Nova Scotia හි ගෙවතු වගා සමාගමක් අයත්ව තිබෙන බවයි. වෙබ් අඩවියේ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු නිර්නාමිකව තිබෙන අතර මැසචුසෙට්ස් පදනම් කරගත් පුවත් සේවාවක් හරහා මෙහෙයවනු ලැබේ.

යුරෝපා සංගමය මෙන්ම, බ්‍රිතාන්‍යය ද වසර කිහිපයක් තිස්සේ සංක්‍රමණිකයන් ගලා ඒම සමඟ පිළිබඳව අරගල කරමින් සිටී. 2023 ජූනි මස වන විට,ඊට පෙර මාස 12 තුළ බ්‍රිතාන්‍ය වෙත ශුද්ධ සංක්‍රමණිකයන් ගණන නිල සංඛ්‍යා ලේඛන අනුව 685,000 ක් වූ අතර, යුරෝපා සංගම් නොවන ජාතිකයන් පස්දෙනා ඉන්දියානු (253,000), නයිජීරියානු (141,000), චීන (89,000), පකිස්ථානු (55,000) සහ යුක්රේනියානු (35,000) ජාතිකයන් ලෙස එම ගණන බෙදී යයි.

UK civil war ‘inevitable’ – Musk


සම්බන්ධිත පුවත් | Related News

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.