News Category
From Date
To Date
Maximum Number of Result

බැසිල් ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පැනලා – විමල් වීරවංශ (වීඩියෝ)

Aug 7, 2024 at 08:25 AM
|

තමන්ට ද එක් එක් “අප්පොච්චිලා” “ඇමතිකම්-තාන්නමාන්න” සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් “තනතුරු පොදියට- ධන කුට්ටියට” රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත්- ඉන්පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත්-ඉන්පසුවත්’ ‘එදත්-අදත්’ තමන් ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව වැඩිදුරටත් පැවසූ ඒ මහතා, තමන් දිගු කලක් තිස්සේ නියෝජනය කළ දෑහිතකාමී, දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමග ඉතාම සමානව ගමන් කළ හැකි අයකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් තම කඳවුර මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.

අද(05) බොරැල්ල පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘සර්වජන අපේක්ෂාව’

ඊයේ(04) අපේ නියෝජිත සමුළුව අතිසාර්ථක අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බව ඔබ දන්නවා. එහිදී අපගේ සාමාජික පක්ෂ සහ ජාතික සංවිධානවල නියෝජිතයන් දහදහස් ගණනකගේ උද්වේගකර ප්‍රතිචාර මැද්දේ අපට පුළුවන්කම ලැබුණා, ‘සර්වජන අපේක්ෂාව’ ජනගත කිරීමට. එහිදී අපි කවුරුත් ඒකමතිකව තීරණය කළා, මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මැතිතුමන් අපගේ අපේක්ෂකයා හැටියට එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට.

උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත…

මේ රට හමුවී තිබෙන අභියෝග කන්දත් එක්ක බැලුවාම කිසිවකුටත් පොදු ජනතාව සමග සෙල්ලම් කිරීමට අයිතියක් නැහැ. ඒ නිසා අපි හිතනවා, මේ ජනාධිපතිවරණය තීරණාත්මක එකක්, කියලා. එම තීරණාත්මක ජනාධිපතිවරණයට, තීරණාත්මක අපේක්ෂකයෙකු සමග තීරණාත්මක වැඩපිළිවෙළක්(උපායමාර්ගික කෙටුම්පතක්) ඉදිරිපත් කිරීමට සර්වජන බලය දේශපාලන එකමුතුව කටයුතු කර තිබෙනවා. ඉහත කී උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අපි පසුගියදා ජනගත කළා. ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පැවැත්වූවා. එහිදී ඒ පිළිබඳව මහජනයාගේ අදහස් උදහස් එක්රැස් කර ගනු ලැබුවා. එම මහජන අදහස් යෝජනා ද ඇතුළත් කරමින් සැකැසූ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත, එළඹෙන අගෝස්තු 11 වැනිදා කුරුණෑගලදී ජනගත කිරීමට අපි සූදානමින් ඉන්නවා. දෙවන කෙටුම්පත ජනගත කිරීමෙන් පසුව ද අපි ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පවත්වලා ඊට මහජන අදහස් යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි මෙවර ජනාධිපතිවරණය සඳහා අපගේ උපායමාර්ගික වැඩපිළිවෙළ රට හමුවේ තැබීමට සූදානම්.

ජාතික ව්‍යාපාරය සමග පෙරටම…

ඒ වගේම උපායමාර්ගික වැඩපිළිවෙළ කෙටුම්පත් කිරීමට සමගාමීව අපි මේ රටේ ජාතික ව්‍යාපාරය සමඟ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඔවුන්ගේ ස්ථාවරය විමසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ජාතික ව්‍යාපාරය සමග ඉදිරියේදී කඩිනමින් සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

මහින්ද අප්පොච්චිගේ හිස් වන ඔඩොක්කුව

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා දැන් රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ කිරි පොවපු රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන වැනි මහ පැටව් පවා දැන් අනෙක් පැත්තට පැනලා තිබෙනවා.

තවත් ග්‍රහ මාරු කීපයක්ම…

මේ විදියට බැසිල් රාජපක්ෂලා කිරි පොවලා හදපු පොහොට්ටු පැටව් ටික මහින්ද අප්පොච්චිව සම්පූර්ණයෙන් අතහැරලා දාලා රනිල් අප්පොච්චි ළඟට යෑම නිසා අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණයි නාමල් රාජපක්ෂ සමඟ ඉතිරි වී සිටින්නේ. එයින් පස්දෙනෙකුම රාජපක්ෂලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ එක් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයෙක් අහනවා, ‘රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න මම එන්න ද?’ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා, ‘ඔබ ආවොත් අපේ පාර්ශ්වයට ආයෙත් රාජපක්ෂලා ගෑවුණා වගේ වෙයි. ඒ නිසා ඔබ මධ්‍යස්ථව සිටින බව පෙන්වන්න.’ කියලා. ඒ කවුදැයි මාධ්‍යවේදී ඔබ සොයාගත යුතුයි. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට සූදානම් වෙන්නේ රාජපක්ෂලා නැතිවයි. අපට මතකයි විපක්ෂයේ ඇතැමුන් කීවා, ‘ඔය රාජපක්ෂලා සමඟ මධුසමය ගතකරන තෙක් අපි ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ’ කියලා. දැන් ඒ අයට තිබුණු බාධාව ඉවත්ව තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.

‘එකම ප්‍රතිපත්තියක්! – එකම අරමුණක්!’

මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? මේ රටේ දේශපාලනය ඉතාමත් තක්කඩි මට්ටමකට ඇදවැටී ඇති බවයි. ඔබ දන්නවා, මම ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත් ඉන් පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත් ඉන් පසුවත්’ ‘එදත් අදත්’ ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව, කටයුතු කළ බව. අපටත් ඔය එක එක අප්පොච්චිලා ඇමතිකම්, තාන්නමාන්න වෙනුවෙන් එක එක ආරාධනා පත්‍ර එවලා තිබෙනවා. නමුත් අපි කිසිවිටෙකත් ඔවුන්ගෙන් ලැබෙන’ තනතුරු පොදියට-ධන කුට්ටියට’ රහ වැටිලා අපේ ප්‍රතිපත්ති-අරමුණු පාවා දීලා නැහැ. ඒ අනුව තමයි අපි අද අපේ දෑහිතකාමී- දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමඟ ඉතාමත් සමානව ගමන් කළ හැකි අයෙකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් අපේ කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගනු ලැබුවේ. ඔහුත් සමඟ දෑහිතකාමී-දේශහිතෛෂී බලවේගවල සටන, ජාතිකත්ව කඳවුරෙහි සටන, ප්‍රගතිශීලී-වාම කඳවුරෙහි සටන, නිමා නොවූ ඒ ජයග්‍රහණ ලබා ගැනීමට තිබෙන සටන ඉදිරියට ගෙනයන්න තමයි අපි කැපවී සිටින්නේ.

විමල්ගෙන් සහතිකයක්!

දැන් සමහර දේශපාලන පක්ෂ මීටර් 100 දුවන්න තිබුණු තරඟයට මීටර් 2000ක් විතර දුවලා හති වැටිලා ඉන්නවා. ඔවුන් ඒ මීටර් 2000ක් දුවනකොට කියපු කතා දැන් ‘අතේ පත්තු වෙලා’ තිබෙනවා. ඔවුන් ‘මොකක්ද මේ සිදුවෙන්නේ?’ කියා අද සිතමින් ඉන්නවා. නමුත් අපි මේ රටට පැහැදිලිව සහතිකයක් දෙනවා, ‘අපි නියෝජනය කළ දේශපාලන ගමනක් ජයග්‍රහණයෙන් තොරව කෙළවර කරලා නැහැ. දිලිත් ජයවීර, සර්වජන බලය, එමගින් මේ රටේ ජාතිකත්ව කඳවුර, වාම-ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කරවන්න අපි දිවිහිමියෙන් කැපවෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම්ව සිටින්න’ කියලා.

බුදු වදන් අරුත් ගන්වමින්…

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයේ පිරිහීම පිළිබඳවත් රාජ්‍ය පාලනය පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳවත් දේශනා කොට තිබෙනවා, කියා. බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රය දේශනා කරමින් දෙසා වදාළ පාලකයකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා. පළමුවැන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, දෙවැන්න ප්‍රඥාවන්ත බව, තෙවැන්න උගත් බව. මේ රටේ පාලකයන් ‘බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව’ පෙන්නුවාට ඔවුන්ට තිබෙන්නේ ‘තමන්ගේ වැඩේ කර ගැනීමේ ඇසූ පිරූ තැන්’ මිසක ‘රටේ ජනතාවට අවශ්‍ය දේ ඉටු කර දීමේ ඇසූ පිරූ තැන්’ නොවෙයි. ප්‍රඥාවන්තයි කියලා පෙන්නුවාට මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී ඇති ‘කසාය වට්ටෝරුවෙන්’ මුදා ගැනීමේ වැඩපිළිවෙළක් හැදීමේ ප්‍රඥාවන්ත බවක් මේ අයට නැහැ. ඒ වගේම ඔවුන් සැබෑ වියතුන් බවක් ප්‍රකට වන්නෙත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රයෙන් දෙසා වදාළ ඒ ලක්ෂණ ත්‍රිත්වයම සහිත අපේක්ෂකයෙකු අප ඉදිරිපත් කරනු ලැබුවේ. එතුමන් දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි; ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන් තුළ ක්‍රියාත්මක වෙමින් ද දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සිටිමින් සක්‍රියව සන්නාම නිර්මාණය කරමින් ද පුළුල් භූමිකාවක් ඉටු කළ අයෙක්. තම සියලු අත්දැකීම් උපයෝගී කරගනිමින් ඔහු මෙරට ජාතිකත්ව කඳවුරෙහි ජයග්‍රහණයට උරදේවි, කියා අපි විශ්වාස කරනවා.

කවුරුන් හෝ සිතාගෙන සිටියා නම්, ‘කොඳු බිඳලා-හතරගාතෙන් ඇදවට්ටලා තිබෙන මේ රටේ ජාතිකවාදී, ප්‍රගතිශීලී වාම කඳවුර යළි නැගිටින්නේ නැහැ, ගොඩගන්න බැහැ, ඔවුන්ගේ කාලය අවසන්’ කියලා ඒක වැරදීමක්. අපි ඔවුන්ට කියනවා, ‘නැහැ මහත්වරුනි, කාලය අවසන් නැහැ, දැන් සුදුසු කාලය එළඹ තිබෙනවා.’ කියා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,

සම්බන්ධිත පුවත් | Related News

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ආරම්භ කළ දවසේ පටන් රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ද එම හැඳුනුම්පත ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව නිකුත්කරන ලද අංක 2413/44 දරන ගැසට් නිවේදනය මගින් එකී වරප්‍රසාදය ඉවත් කර ඇති බව රාජ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කර තියෙනවා. මේවාට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා” යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වී පසුව ජනාධිපති සමාව ලබාදුන් ජූඩ් ශ්‍රමන්ත ජයමහ තවදුරටත් සිංගප්පූරුවේ නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රධාන පුවත්

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.