පොහොට්ටුව සල්ලිකාරයන්ට කුලියට දෙන්න හදපු පක්ෂයක් නෙවෙයි - ප්‍රසන්න කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ලේ පිහිටි හෝටලයකදී පැවැත්විණ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය,
ප්‍රශ්නය – ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කළ බවට චෝදනාවක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර – මම ඉතාම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක අපිව වෙන්කරන්න, බෙදන්න කටයුතු කළේ නෑ. රටේ මිනිස්සුන්ගේ මතයට තමා එකට එක්වෙලා ඉල්ලීම කළේ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න කියලා. එතුමා හැමවෙලේම කියන්නේ පක්ෂයක් විදියට කටයුතු කරන්න කියලා තමා. ඔය නටන්න බැරි අයට පොළොව ඇදයි වගේ නිදහසට කාරණා කියන අයගේ මතයක් මිසක් අපේ මතයක් නෙමෙයි.
ප්‍රශ්නය – පක්ෂයට එකම මතයකට එන්න බැරි ඇයි?
පිළිතුර – මේ පොහොට්ටු පක්ෂය මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් මේක සල්ලිකාරයින්ට කුලියට දෙන්නවත්, බදු දෙන්නවත්, විකුණන්නවත් සුදුසු පක්ෂයක් නෙමෙයි. 2022දි ජනාධිපතිවරයා හොඳයි නම්, තමන්ගේ වගකීම ඔහු නිවරදිව ඉටු කරලා තිබේ නම් අද එතුමා නරක ඇයි.
ප්‍රශ්නය- මේ සාකච්ඡාවේදි කතා වුණේ මොනවද?
පිළිතුර – අපි කතා කළේ ජනාධිපතිවරයාගේ මෙහෙයුම් කටයුතු ගැන සාකච්ඡා කරා. ඒ වගේම තවම තීන්දුවක් ගනිපු නැති අයත් අද අපිත් එක්ක එකතු වෙලා කතා කළා.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..