News Category
From Date
To Date
Maximum Number of Result

චීන ආයෝජන තුළින් බංග්ලාදේශයේ ආර්ථිකය ගොඩනැගීමට එරෙහිව බංග්ලාදේශ රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා කුමන්ත්‍රණයක් සිදු වුනාද?

Aug 6, 2024 at 08:34 AM
|

මේ වන විට බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැරගොස් ඇති අතර,  රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතී. 

ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අතර, එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.

මේ වන විට බංගලාදේශ හමුදා ප්‍රධානියා විසින් එරට අන්තර්වාර පාලනයක් පත් කරන තෙක් හමුදා පාලනයක් පවතින බව ප්‍රකාශයට පත් කර තිබේ.

බංග්ලාදේශයේ මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම පිටුපස  දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවූ බවට දේශපාලන විචාරකයන් නොයෙක් අදහස් දැක්වීම් ද සිදුකර ඇති පසුබිමක මෑත කාලයේ චීන - බංග්ලාදේශ ආර්ථික සහයෝගීතාවයේ වර්ධනය වීමක් ද සිදුව තිබූ බව එරට ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ පරිවර්තනය සාක්ෂි දරයි.

චීනය බංග්ලාදේශයට සමීප වීම අධිරාජවාදී බටහිර ආදිපත්‍යයට දැඩි පහරක් වූ බව සනාථ කෙරෙන සාක්ෂිද එරට ක්‍රියාත්මක වන අරගලය තුළින් සොයාගැනීමට අපහසු නැත.

 පසුගිය කාලයේ  බලශක්ති ක්ෂේත්‍රයේ චීනයේ මැදිහත්වීම පුළුල් කිරීමට බංග්ලාදේශය දැඩි උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ. 

විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් රාජ්‍ය අමාත්‍ය නස්රුල් හමීඩ් බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් සමඟ පැවති හමුවකදී මෙම උපායමාර්ගික දැක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 30ක ආයෝජනයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි.

එහිදී දෙරට අතර ගැඹුරු සහයෝගීතාව සඳහා අඩිතාලම දමමින්, අන්‍යෝන්‍ය අවශ්‍යතා රාශියක් ආවරණය කර තිබේ.

විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය සඳහා චීන සමාගම් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති අතර, සහයෝගීතාවයේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා දෙරටටම එක්වීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඉදිරි වසර පහ තුළ බංග්ලාදේශය වඩාත් සමෘද්ධිමත්, ශක්තිමත් සහ සංවර්ධිත රාජ්‍යයක් වනු ඇතැයි චීන තනාපත්වරයා එහිදී පවසා ඇති අතර, චීන අරමුදල් සහිත ව්‍යාපෘති, ලිතියම් බැටරි කර්මාන්තශාලාව, අර්ධ සන්නායක කර්මාන්තශාලාව, විදුලි වාහන, බැටරි ගබඩා පද්ධතිය, ස්මාර්ට් මීටරය, සූර්ය හා සුළං බල ව්‍යාපෘතිය, අපද්‍රව්‍යවලින් විදුලිය, ගෑස් නිස්සාරණය ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද ඔවුහු එහිදී සාකච්ඡාකොට තිබේ.

මෙවැනි ආර්ථික පරිවර්තනයකට එළෙඹෙමින් තිබිය දී එරට තුළ ඇතිවූ මෙම අරගලය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවා දැයි අද වන විට දේශපාලන විචාරකයන් සැක පහළකරයි.

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ආරම්භ කළ දවසේ පටන් රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ද එම හැඳුනුම්පත ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව නිකුත්කරන ලද අංක 2413/44 දරන ගැසට් නිවේදනය මගින් එකී වරප්‍රසාදය ඉවත් කර ඇති බව රාජ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කර තියෙනවා. මේවාට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා” යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වී පසුව ජනාධිපති සමාව ලබාදුන් ජූඩ් ශ්‍රමන්ත ජයමහ තවදුරටත් සිංගප්පූරුවේ නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ප්‍රධාන පුවත්

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.