
අගමැතිවරිය නෙරපූ අරගලය... බංග්ලාදේශ අගමැතිනි රටින් පලා යයි
බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙනි.
හමුදාපති ජෙනරාල් වෙකර් උස් - සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය.
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ අගාර්තාලා නගරය වෙත ළඟා වූ බවයි.
1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹීය.
එම උද්ඝෝෂණ පාලනයට රජය බලය පාවිච්චි කළ අතර ඉන් විශාල පිරිසක් මරණයට පත්විය.
පසුව ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ තීරණය වෙනස් කළේය.
අනතුරුව එරට තුළ උද්ඝෝෂණ අඩු වුවද පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරකිනි.
එහිදී උද්ඝෝෂකයින් බලකර සිටියේ අගමැතිවරිය ඉවත්විය යුතු බවයි.
පසුගිය දින දෙකේදී 100කට අධික පිරිසක් මියගොස් තිබුණි.
ඊයේ බංග්ලාදේශය පුරා නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවූ අතර නමුත් විරෝධතාකරුවන් එය නොසලකා හරිමින් ඩකා අගනුවරට එක්රැස් විය.
පසුව ඔවුන් අගමැතිවරියගේ නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණි.
උද්ඝෝෂකයින් පැමිණීමට පෙර අගමැතිවරිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත්විය.
කෙසේ නමුත් උද්ඝෝෂකයින් විසින් අගමැතිවරියගේ නිල නිවසේ තිබූ බඩු භාණ්ඩ රැගෙන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
