බ්‍රිතාන්‍ය කැරලිකරුවන් සංක්‍රමණිකයන් රැඳි සිටි හෝටලයකට ගිනි තබති.
සංක්‍රමණිකයන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව එංගලන්තය පුරා විරෝධතා පැන නැගිද්දි, එංගලන්ත වැසියන් ජීවත්වන ර්‍ඔතෙර්හම් නගරයේ සරණාගතයින් නවාතැන් ගෙන සිටින හෝටලයකට දක්ෂිනාංශික විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇතැයි වාර්තාවේ. කෙසේ වුවද කැරලිකරුවන් “නීතිය හමුවට” පමුණුවන බවට අගමැති කීර් ස්ටාර්මර් ප්‍රතිඥා දුන්නේය.
ඊයේ(04) දහවල් රොදර්හැම් හි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් ශාලාවෙන් පිටත සියගණනක් ජනයා රැස්ව, 2022 සිට හෝටලයේ රඳවා සිටින සරණාගතයින් 130 දෙනා වෙත විරෝධ්ය පල කරමින් පොලිස් නිලධාරීන්ට ලී සහ බෝතල් වලින් ප්‍රහාර එල්ල කරමින් “ඔවුන් එළියට දමන” ලෙස කෑ ගසමින් විරෝධතාවයේ යෙදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු යෝක්ෂයර් පොලිසිය පැවසුවේ, හෝටලයේ බිම් මහල තුළ ගිනි තැබීමට පෙර, එහි ජනෙල් කඩා ගොඩනැගිල්ලෙන් පිටත කුණු කසළ පුළුස්සා දැමීමට විරෝධතා කරුවන් කටයුතු කර ඇති බවයි. කැරලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් නිලධාරීන් දස දෙනෙකු තුවාල ලබා ඇති බවද යෝක්ෂයර් පොලිසිය මාධ්‍ය වෙත පැවසුවේය.
පොලිසිය පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර සුළු මොහොතකට පසු ගින්න නිවා දමන ලදී.
පසුගිය ජූලි 29 වනදා සිට බ්‍රිතාන්‍යයේ නගර බොහෝ ගණනක් දක්ෂිණාංශික විරෝධතා සහ කෝලාහල වලින් කැළඹීමට ලක්ව ඇත. රුවන්ඩා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික යෞවනයෙකු ලිවර්පූල් අසල සවුත්පෝර්ට් නගරයේ ළමුන් තිදෙනෙකුට පිහියෙන් ඇන තවත් දස දෙනෙකුට තුවාල සිදු කළේය. පිහි ඇනුම සඳහා වගකිව යුතු පිහිකරු මුස්ලිම් බවට සාවද්‍ය කටකතාවකින් මුලදී ඇවිල ගියද, පසුව එම පෙලපාලි ඉස්ලාමයට, මහා සංක්‍රමණවලට සහ දේශපාලන නායකයින් සංක්‍රමණිකයන්ට එරෙහිව කටයුතු කිරීමට වඩා දක්ෂිණාංශික විසම්මුතිය යටපත් කිරීමට වැඩි සැලකිල්ලක් දක්වන බවට වන මතයට එරෙහිව පුලුල් විරෝධතාවයක් දක්වා වර්ධනය වී ඇත.
පසුගිය 03වනදා ලිවර්පූල්, මැන්චෙස්ටර්, ස්ටෝක්, ලීඩ්ස් සහ අනෙකුත් නගරවල ඇති වූ කෝලාහලවලින් පසු පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ(04) මිඩ්ල්ස්බ්‍රෝ, බ්ලැක්බර්න් සහ ටැම්වර්ත් ඇතුළු ස්ථානවල ද එවැනිම කැරලි ඇති විය. බෝල්ටන් සහ ස්ටෝක් ඇතුළු සමහර නගරවල මුස්ලිම් විරෝධතාකරුවන්ගේ මැර කල්ලි, පිහි සහ මුගුරුවලින් සන්නද්ධව සිටිනු දක්නට ලැබුණු බව ප්‍රවෘත්ති වාර්තා පවසයි.
ඊයේ(04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති ස්ටාර්මර් අනතුරු ඇඟවූයේ ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවයි. “මෙම ප්‍රචණ්ඩත්වයට සහභාගී වූවන් නීතියේ සම්පූර්ණ ආධිපත්‍යට මුහුණ දෙනු ඇත.” ඔහු ප්‍රකාශ කළේ, වගකිව යුත්තන් “මෙම අක්‍රමිකතාවට සහභාගී වීම ගැන කනගාටු වනු ඇති” බවට අනතුරු අඟවමිනි. ඊයේ(04) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සහ මෙම සතිය මුලදී කළ එවැනිම අදහස් දැක්වීමකදි, ස්ටාර්මර් නොසන්සුන්තාවයට මුල් වූ හේතු කිසිවක් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ කළේ නැත. ඒ වෙනුවට ඔහු "අන්ත දක්ෂිණාංශික වෛරය" සහ අන්තර්ජාල "වැරදි තොරතුරු" මත ප්‍රචණ්ඩත්වයට මහජනයා යොමුවීම වෙනුවෙන් සියලු දොස් පැවරීය.
රොදර්හැම් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 1980 ගණන්වල අගභාගයේ සිට 2013 දක්වා කාලය තුළ තරුණියන් 1,400ක් පමණ ලිංගික අපයෝජනයට ලක් කළ ප්‍රධාන වශයෙන් කුප්‍රකට බ්‍රිතාන්‍ය-පකිස්තාන සම්භවයක් සහිත මුස්ලිම් 'ස්ත්‍රී දූෂක කල්ලිය' බ්‍රිතාන්‍ය තැති ගැන්වීමට ලක් කර තිබේ. කෙසේ වුවද කල්ලියේ අපරාධ වසන් කිරීමට හේතු වූයේ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් කිරීම “ජාතිවාදී” ලෙස සලකනු ඇතැයි යන බිය නිසා ය.
WATCH British rioters torch migrant hotel
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..