
බංග්ලාදේශයේ යළි ගිනි ඇවිලේ... ඇඳිරි නීතියත් දමයි... 76ක් මරුට
බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම විරෝධතා පැවැත්වෙන්නේ එරට අගමැතිනි ෂෙයික් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්.
බංග්ලාදේශයේ ඩකා අගනුවරට රැස්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා පාගමනේ නිරත වුණා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ රැකියා කෝටාවට එරෙහිව වීථි බැස විරෝධතාවය පළකර 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි.
මේ අතර පාලක අවාමි ලීගයේ ක්‍රියාකාරීන් මෙම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.
විරෝධතාකරුවන් ඩකා හි ෂාබාග් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක් වන බංගබන්ධු ෂෙයික් මුජිබ් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ප්‍රහාර එල්ල කළ අතර වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා.
ඩකා හි ප්‍රධාන මාර්ගයක් අවහිර කළ විරෝධතාකරුවන් සිය ගණනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
විරෝධතාකරුවන් නිවාසවලට ප්‍රහාර එල්ල කරමින් ගොඩනැගිලි රැසකට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.
ඊයේ පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන අතර සියලුම සමාජ ජාලා වෙත පිවිසීම සහ ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය තීරණය කර තිබෙනවා.
අගමැති හසීනාගේ පරිපාලනය චෝදනා කරන්නේ බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ තහනමට ලක්ව ඇති දක්ෂිණාංශික ජමාත්-ඊ-ඉස්ලාම් පක්ෂය විසින් සිසුන් නැවත ප්‍රචණ්ඩ වන ආකාරයේ උසිගැන්වීම් සිදුකරන බවටයි.
බංග්ලාදේශ අගමැතිනිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කළ ද ඇය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.
වසර 15කට අධික කාලයක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනාට මෙම විරෝධතා රැල්ල දැඩි පීඩනයක් වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
