'උරුමය' ඔප්පු ලබාදීම අත්හිටුවයි
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් සිදු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
අස්වැසුම දෙවන අදියරට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ කාල සීමාව තුළදී රජයේ ඉඩම් බෙදාදීම, රජයේ ඉඩම් හිමිකම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්‍රදානය කිරීම්, වැවිලි කර්මාන්තය සඳහා හෝ වගා කටයුතු සඳහා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මුදල් හා විවිධ සහනාධාර, පොහොර, කෘෂි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, ස්වයං රැකියා සඳහා උපකරණ, පාපැදි, සූර්ය බල විදුලි පහන්, ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම, වන්දි මුදල් ප්‍රදානය වැනි වැඩසටහන් අත්හිටුවිය යුතු බවය.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..