News Category
From Date
To Date
Maximum Number of Result

e-Visa වංචාවෙන් දවසකට කෝටි පහක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට යනවා - පාඨලී හෙළිකරයි

Aug 5, 2024 at 06:54 AM
|

ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන e – Visa වංචාව හරහා දිනකට මෙරටින් කෝටි 5 කට ආසන්න මුදලක් ඉන්දියාවේ පෙට්ටි කඩයකට ගමන් කරන බවත් ඊට එරෙහිව නගන ලඳ පෙත්සම් නිසාවෙන් අධිකරණයෙන් ලබාදුන් තහනම නිසා මීට සම්බන්ධ පුද්ගලයන් මේ වනවිට මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කරමින් සංචාරක කර්මාන්තයට මේ හේතුවෙන් බලපෑමක් වී ඇති බවට කතාවක් සමාජගත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

e – Visa ක්‍රමයට එරෙහිව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සුමන්දිරන් යන මහත්වරුන් විසින් ගොනුකරන ලද පෙත්සම් වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකට සම්බන්ධ වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“මේ රටේ ඉතිහාසයේ සිදු වෙච්ච විශාලම වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීලා තියෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර, ෆයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නේ පෙනුනේ නැහැ. නමුත් අපි පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් හැටියට මමත්, රවුෆ් හකීම් මහතාත්, සුමන්දිරන් මහතාත් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින් ඉදිරිපත් වුණා. රටක පළවෙනි ආරක්ෂක වළල්ල අපේ රටේ දේශසීමාව. ඒ දේශසීමාව මුර කරන්න ඉන්නේ ආගමන, විගමන දෙපාර්තමේන්තුව. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වගකීමක් පුද්ගලික අංශයට, එහෙමත් නැත්නම් විදේශිකයන්ට පවරලා දීලා නැහැ ලෝකෙ කවුරුවත්. ඒක නිසා තමයි පසුගිය මැයි මාසේ දවසක තරුණයෙක් තමන්ගේ පවුලත් එක්ක මේ රටට එන කොට ඉන්දියන් ජාතිකයෝ රටේ වීසා නිකුත් කරනවා කියන එක මේ රටට ගෞරවනීය විදිහට හෙළි කළේ. නමුත් මේ රටේ මහජන ආරක්ෂක ඇමති සහ පොලිසිය කළේ මොකක්ද? තමන්ගේ බලය යොදවලා ඒ අයුක්ති සහගත දේශද්‍රෝහී වැඩේ හෙළි කරපු පුද්ගලයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඇත්තටම දේශ සීමා පාලනය විදේශිකයන්ට පවරා දීම තරම් දේශද්‍රෝහිත්වයක් තවත් නෑ. අපි පුදුම වෙන්නෑ මේ අය ගැන. මොකද මේ සමහර අය කොටි සංවිධානය බලවත් වෙලා හිටපු කාලේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරපු අය. ඉතින් වරක් දේශද්‍රෝහියෝ සදහටම දේශද්‍රෝහියෝ බව නැවත වතාවක් ඔප්පු වෙලා තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ජාතික සම්පත, ජාතියේ ආරක්ෂාව, දේශමාමකත්වය ගැන කතා කරන බොහෝ දෙනෙක් රටේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට පවරා දීම ගැන දක්වන නිහඬතාවය. රටක ජාතික සම්පත්, රාජ්‍ය මූල්‍ය ජනතාව දේශපාලඥයින්ට සහ රජයේ නිලධාරීන්ට පවරන්නේ එය ඔවුන් ඉතා කාර්යක්ෂමව පාලනය කරලා නැවත ජනතාවට ලබා දෙයි කියන පරමාර්ථයෙන්. පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට බංකොලොත් කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වරදකාරයෝ කළේ. ඔවුන් ඔවුන්ට භාර දීපු, මේ භාරය නිසි ආකාරයෙන් කළමනාකරණය කළේ නැහැ කියන පදනම මත. එම පදනම මත තමයි අපිත් මේ නඩු පවරලා තියෙන්නේ.

ටෙලිකොම් ආයතනය 50% කට අධික කොටස් ප්‍රමාණයක් තියෙන රජය සතු ආයතනයක්. 2012 ඉඳන් ඉතාම වැදගත් විදියට මේ වැඩ කටයුත්ත කළා. අපි ඒකේ ගෞරවය කිසි පැකිලීමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙපළට දෙනවා. මොකද රටේ දේශසීමාව පිළිබඳ ප්‍රශ්නයේදී ටෙලිකොම් ආයතනය මේ සඳහා තෝරා ගැනීම ගැන. ඒ වගේම ඒ කාලයේ ආපු මේ electronic travel authorization එහෙම නැත්නම් ETA ක්‍රමය ලෝකේ බොහෝ තැන්වල දේශද්‍රෝහී වුණේ නෑ. මේ කලාපයේ කොහොමවත් තිබුනේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වුණා මොබිටෙල් එකට. මොබිටෙල් ආයතනය දිගින් දිගටම මේ ක්‍රියාවලිය කරමින් ආවා. 2020 දී මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන්ට බලතල ලබා දුන්නා. මොබිටෙල් ආයතනය තමන්ගේ අතින් 50% කට වඩා වියදම් කරලා තියෙනකොට ඒ වැඩ කොටස් නතර කරලා මේ ක්‍රියාවලිය පසුගිය අප්‍රේල් 17 වෙනිදා භාර දුන්නා මේ විදේශීය සමාගමකට. ETA වෙනුවට, e – Visa කියලා එකක් හදන්න යනවා කියලා. අද අපිට පේනවා නිකං හාහූවක් හදන්න යනවා සංචාරකයින්ට දැන් එන්න විදිහක් නෑ ආදී වශයෙන් කියලා. මතක තියාගන්න දෙසැම්බර් මාසේ පැය 08 යි කල් දුන්නේ මොබිටෙල් එකට ඉවත් වෙලා මේ ඉන්දියන් සමාගමට භාරදෙන්න කියලා.

රජයේ නඩු තීන්දුවකට එරෙහිව ආගමන විගමන පාලකවරයා යනවා නම් ඔහුට එරෙහිව ලබන සතියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්. ඔහු බැඳිලා ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව ක්‍රියාත්මක කරන්න. ඇත්තටම මේ මගින් සිද්ධ වුණේ මොකක්ද මේ රටට ඉදිරි අවුරුදු16 දී නැති වෙන්න ගිය ඩොලර් බිලියන 2.7 දැවැන්ත ධනය මේ රටට උරුම කරලා දෙන එක තමයි අපි කල පළවෙනිම මෙහෙවර. මතක තියාගන්න දවසකට කෝටි 5 කට ආසන්න මුදලක් මේ හරහා සංසරණය වෙනවා ඒ විදේශීය සමාගමකට. අන්න ඒක වැළැක්වීම සඳහා තමයි අපි ක්‍රියා කළේ.

මේ මගින් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදිලා තියෙනවා. අද මේ රටට සංචාරකයෙක් එනවනම් ආණ්ඩුවට ඩොලර් 75 ක් ගෙවන්න ඕනේ. මේ විදේශ සමාගමට ඩොලර් 25 ශත 77 ක් ගෙවන්න ඕනේ. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන අනෙක් රටවල් වල ඩොලර් ශත 50 එහෙම නැත්නම් කිසිම ඩොලරයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා සංචාරක ව්‍යාපාරයට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් යැපෙන මිනිස්සුන්ට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සංචාරක ව්‍යාපාරයේ පිරිසුත් මේ නඩු වරයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

මේ නඩු වරයට මමත්, අපේ සහෝදර මන්ත්‍රිතුමන්ලා දෙදෙනාත් කිසිම නීතිවේදියෙකුගේ සහයක් නැතුව අපේ පෙත්සම් වෙනුවෙන් අපි පෞද්ගලිකව පෙනී හිටියා. ඇත්තටම අද මොබිටෙල් ආයතනය විකුණන්න තීරණය කරලා තියෙනවා ටෙලිකොම් එකත් එක්ක. අද ආණ්ඩුවේ ඒ කොටස් ප්‍රමාණය අගය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 200 කට. මේ ව්‍යාපාරය තිබුණා නම් මේ වගේ නම ගුණයක් එම ආයතන වලට ලැබෙන්න නියමිතව තිබුණා. ඒ නිසා රට අඳුනාගත යුතුයි යම් යම් බලපෑම් කණ්ඩායම් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍ය ක්‍රියාවලීන්ට බලපෑම් කරලා මේ ප්‍රශ්නයේ බරසාරභාවය යට ගහන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා. හැබැයි අපි මේ අරගලය අතාරින්නෑ. මං නැවත මතක් කරනවා ආගමන විගමන පාලකතුමාට ඔබට මේ උසාවි නියෝගය ලැබිලා ඔබ ක්‍රියා නොකරනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳ ක්‍රියා මාර්ගයක් ගන්න.

මේ රටේ සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ත්‍රාඩ දේශපාලනය, ජාවාරම්කාර දේශපාලනය නිසා තමයි රට බංකොලොත් වුණේ. අම්මගේ මිනිය ගෙදර තියාගෙන බූරු ගහනවා වගේ වැඩ කරන මේ දේශපාලකයින්ට එරෙහිව නැගිටින්න. ඔබව මර්දන කිරීමට පොලීසිය අනෙකුත් ආයතන යොදාගෙන ගෙන ගිය කාලය දැන් ඉවරයි.

මේ අමාත්‍යාංශයේම දැන් සිදුවෙමින් යන ඊළඟ ක්‍රියාවලිය තමයි පාස්පෝට් ලක්ෂ 5 ක් මුද්‍රණය කිරීමට යන ක්‍රියාවලිය. ETA , e – VIsa කලා වගේ, e – passport නමින් ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙනුත් ඉදිරි කාලයේදී අපි සෘජුව ක්‍රියා කරනවා. ඒකට දායක වෙලා ඉන්න මේ පොලිස් ඇමති ඇතුළු සියලු දෙනාගේම තත්වය හෙළි කරලා, ඒ ක්‍රියාවලියේ යම් දූෂණයක් වෙත්නම්, එයට එරෙහිවත් ක්‍රියා කරන්න අපි කටයුතු කරනවා.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


සම්බන්ධිත පුවත් | Related News

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ආරම්භ කළ දවසේ පටන් රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ද එම හැඳුනුම්පත ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව නිකුත්කරන ලද අංක 2413/44 දරන ගැසට් නිවේදනය මගින් එකී වරප්‍රසාදය ඉවත් කර ඇති බව රාජ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කර තියෙනවා. මේවාට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා” යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වී පසුව ජනාධිපති සමාව ලබාදුන් ජූඩ් ශ්‍රමන්ත ජයමහ තවදුරටත් සිංගප්පූරුවේ නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ප්‍රධාන පුවත්

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.