
මෝදිව විවේචනය කළා යැයි කියා ශ්‍රී ලාංකික ආචාර්යවරයාට එරෙහිව විනය පරීක්ෂණයක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්‍රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු දක්වන ලෙසටත් ඔහුගේ අධීක්ෂකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ආචාර්ය සසංක පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පියවර ගෙන ඇතැයි “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත උපුටා දක්වමින් “ද වයර්” වෙබ් අඩවිය සඳහන් කරයි.
පසුගිය නොවැම්බරයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු කාශ්මීරයේ ජනවාර්ගික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳ ආචාර්ය උපාධි යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා එම ශිෂ්‍යයා ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි සමඟ කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් නරේන්ද්‍ර මෝදි රජය විවේචනය කරන අදහස් ද ඇතුළත් කර ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපතිවරයා වෙත යැවීමට පෙර ඔහුගේ අධීක්ෂකවරයා විසින් එම නිබන්ධන යෝජනාවලිය අනුමත කර ඇතැයි ද පුවත්පත පවසයි.
නරේන්ද්‍ර මෝදි රැඩිකල් හින්දු සම්ප්‍රදායකින් පැවත එන්නකු බවද, ඔහු ඉන්දියානු ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට උත්සාහ කරන අතර, හින්දු තාක්ෂණාධිපත්‍ය පැනවීමට උත්සාහ කරන බවටත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කර ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්ය.
එම පර්යේෂණ මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය උපාධි අපේක්ෂකයා සහ ඔහුගේ අධීක්ෂක ආචාර්ය සසංක පෙරේරාගෙන් විශ්වවිද්‍යාලය කරුණු විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැද ඇතැයි ද, එම අදහස් දැක්වෙන වීඩියෝව ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.
විශ්වවිද්‍යාලය අධීක්ෂකවරයාගේ භූමිකාව සහ පර්යේෂණ යෝජනාව පිටුපස ඇති අභිප්‍රාය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම කමිටුව පිහිටුවීමෙන් පසු, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය සසංක පෙරේරා ඉල්ලා අස් වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුදු ආචාර්ය උපාධි නිබන්ධනයක් පිළිබඳ සිදුවීමක් මත ආචාර්යවරයකු ඉල්ලා අස් නොවූ බවටය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
