මෝදිව විවේචනය කළා යැයි කියා ශ්‍රී ලාංකික ආචාර්යවරයාට එරෙහිව විනය පරීක්ෂණයක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්‍රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු දක්වන ලෙසටත් ඔහුගේ අධීක්ෂකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ආචාර්ය සසංක පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පියවර ගෙන ඇතැයි “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත උපුටා දක්වමින් “ද වයර්” වෙබ් අඩවිය සඳහන් කරයි.
පසුගිය නොවැම්බරයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු කාශ්මීරයේ ජනවාර්ගික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳ ආචාර්ය උපාධි යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා එම ශිෂ්‍යයා ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි සමඟ කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් නරේන්ද්‍ර මෝදි රජය විවේචනය කරන අදහස් ද ඇතුළත් කර ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපතිවරයා වෙත යැවීමට පෙර ඔහුගේ අධීක්ෂකවරයා විසින් එම නිබන්ධන යෝජනාවලිය අනුමත කර ඇතැයි ද පුවත්පත පවසයි.
නරේන්ද්‍ර මෝදි රැඩිකල් හින්දු සම්ප්‍රදායකින් පැවත එන්නකු බවද, ඔහු ඉන්දියානු ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට උත්සාහ කරන අතර, හින්දු තාක්ෂණාධිපත්‍ය පැනවීමට උත්සාහ කරන බවටත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කර ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්ය.
එම පර්යේෂණ මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය උපාධි අපේක්ෂකයා සහ ඔහුගේ අධීක්ෂක ආචාර්ය සසංක පෙරේරාගෙන් විශ්වවිද්‍යාලය කරුණු විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැද ඇතැයි ද, එම අදහස් දැක්වෙන වීඩියෝව ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.
විශ්වවිද්‍යාලය අධීක්ෂකවරයාගේ භූමිකාව සහ පර්යේෂණ යෝජනාව පිටුපස ඇති අභිප්‍රාය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම කමිටුව පිහිටුවීමෙන් පසු, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය සසංක පෙරේරා ඉල්ලා අස් වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුදු ආචාර්ය උපාධි නිබන්ධනයක් පිළිබඳ සිදුවීමක් මත ආචාර්යවරයකු ඉල්ලා අස් නොවූ බවටය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..