පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පොළොව යට උද්‍යාන සහිත නටබුන් කලාපයක්... 'ලයිඩා' තාක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි
පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.
මේ අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දිස්වන භූමියක නටබුන් දැකගත හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඉතාමත්ම ඝන කැලෑවක තිබෙන පුරා විද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට නිරීක්ෂණය කර බැලීමට හැකි වීම බව බව ඒ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මසක පමණ කාලයක සිට මෙහි කැණීම් කටයුතු සිදු කරන අතර මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිතා කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජ මාලිගය පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම් තුළින් සොයා ගත් බව ඒ මහතා පැවසිය.
මේ අනුව 10 සහ 12 වැනි සියවස්වලට අයත් චීනයේ සෝන් යුගයේ චීන කාසි බවද ඒ මහතා කීය.
පොළොන්නරුව යුගයට වඩා අතීතයක් පුරාතනයක් ජනාවාස යුගයක් තිබුණු බවට මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය වනු ඇතැයි ඒ මහතා තවදුරටත් කීය.
හමුව ඇති චීන කාසි පබලු සහ මැටි බඳුන්වල කාල නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පර්යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළ අතර ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේදී සාක්ෂි තවදුරටත් ඔප්පු වන බවද ඒ මහතා අවධාරණය කළේය.
මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්)ලබා ගත් පුරා විද්‍යාත්මක සාධක සහ ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් සාධක පුරාවිද්‍යාත්මක සාධක වලට සමාන බවය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්‍ෂක ආචාර්ය කිය ස්ට්‍රික්ලන් මහතා ඇතුළු විදෙස් විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් එක්ව සිටි.
(ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..