
මන්නාරම සුළං බලාගාරය අදානිට ලබා නොදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයට අවසර
මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) අවසර ලබා දුන්නේය.
වනජීවී හා ස්වභාව සම්පත් ආරක්‍ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් ගොනු කර තිබූ එම පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තයක් වන ශ්‍රී ලකාවේ මන්නාරම ප්‍රදේශය සංක්‍රමික පක්‍ෂීන් සඳහා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවත් මිලියනයක පමණ පක්‍ෂීන් සීත සෘතුව ගෙවීමට එම භූමියට පැමිණෙන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.
මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා මන්නාරම කණ්ඩතිව් දූපත් ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා අනෙකුත් අවශේෂ බාහිර කරුණු මත බවත් ඒ සඳහා විද්‍යාත්මක හෝ පාරිසරික ඇගයීම් සිදු කර නොමැති බවත් සිය පෙත්සම් මගින් අධිකරණයට කියා තිබූ
පෙත්සම්කරුවන් එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය බලරහිත කරනා ලෙසත් ඉල්ලා තිබිණි. පෙත්සම ලබන ඔක්තෝබර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය නීතිපතිවරයා නියෝජනය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
