මන්නාරම සුළං බලාගාරය අදානිට ලබා නොදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයට අවසර
මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) අවසර ලබා දුන්නේය.
වනජීවී හා ස්වභාව සම්පත් ආරක්‍ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් ගොනු කර තිබූ එම පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තයක් වන ශ්‍රී ලකාවේ මන්නාරම ප්‍රදේශය සංක්‍රමික පක්‍ෂීන් සඳහා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවත් මිලියනයක පමණ පක්‍ෂීන් සීත සෘතුව ගෙවීමට එම භූමියට පැමිණෙන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.
මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා මන්නාරම කණ්ඩතිව් දූපත් ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා අනෙකුත් අවශේෂ බාහිර කරුණු මත බවත් ඒ සඳහා විද්‍යාත්මක හෝ පාරිසරික ඇගයීම් සිදු කර නොමැති බවත් සිය පෙත්සම් මගින් අධිකරණයට කියා තිබූ
පෙත්සම්කරුවන් එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය බලරහිත කරනා ලෙසත් ඉල්ලා තිබිණි. පෙත්සම ලබන ඔක්තෝබර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය නීතිපතිවරයා නියෝජනය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..