වෙනිසියුලාවේ පශ්චාත් ජනාධිපතිවරණ ගැටුම්වලට සහභාගි වූ අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන තිබෙනවා- ජනාධිපති නිකොලස් මදුරෝ

"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි 28 වෙනිදා පැවැත්විණි. ජාතික මැතිවරණ කවුන්සිලය ජුලි 29 දා 2025-2031 සඳහා මදුරෝ ජනාධිපති ලෙස පත්ව ඇතැයි ප්‍රකාශයට පත් කළේය. මැතිවරණ කවුන්සිලයට අනුව 51% ක ඡන්ද ප්‍රතිශතයක් මදුරෝට ලැබිණි. මදුරෝගේ පත්වීමට එරෙහිව ජූලි 29 වැනිදා වෙනිසියුලාවේ විරෝධතා ආරම්භ විය.ඒ අනුව කැරකස් හිදි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ආරම්භ විය. විරෝධතාකරුවන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉලක්ක කර ගල් හා මොලොටොව් කොක්ටේල් විසි කළහ. වෙනිසියුලානු අධිකරණ ආරංචි මාර්ග වලට අනුව, ගැටුම් හේතුවෙන් නීතිය බලාත්මක කරන නිලධාරීන් 77 දෙනෙකු තුවාල ලබා ඇත.එලෙසම රාජ්‍ය දේපල විනාශ කිරීම, වෛරය ඇවිස්සීම සහ ත්‍රස්තවාදය පැතිරවීම යන චෝදනා රඳවා සිටි අයට එරෙහිව එල්ල කර තිබේ.
වෙනිසියුලානු රජය පැවසුවේ රටවල් ගණනාවක් වෙනිසියුලානු ජනාධිපතිවරණය නිරීක්ෂණයට සහ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සුරැකීමට මැදිහත් වූ බවයි.
මේ අතර මොස්කව් පරිපාලනය කියා සිටියේ වෙනිසියුලානු විපක්ෂය මැතිවරණ පරාජය පිළිගත යුතු බවයි. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වෙනිසියුලාව තුළ තත්වය අස්ථාවර කිරීමට සහාය දැක්වන තුන්වන පාර්ශවයේ රටවලට එරෙහිව අනතුරු ඇඟවීය.
CARACAS, August 1 (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..