
වෙනිසියුලාවේ පශ්චාත් ජනාධිපතිවරණ ගැටුම්වලට සහභාගි වූ අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන තිබෙනවා- ජනාධිපති නිකොලස් මදුරෝ
"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි 28 වෙනිදා පැවැත්විණි. ජාතික මැතිවරණ කවුන්සිලය ජුලි 29 දා 2025-2031 සඳහා මදුරෝ ජනාධිපති ලෙස පත්ව ඇතැයි ප්‍රකාශයට පත් කළේය. මැතිවරණ කවුන්සිලයට අනුව 51% ක ඡන්ද ප්‍රතිශතයක් මදුරෝට ලැබිණි. මදුරෝගේ පත්වීමට එරෙහිව ජූලි 29 වැනිදා වෙනිසියුලාවේ විරෝධතා ආරම්භ විය.ඒ අනුව කැරකස් හිදි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ආරම්භ විය. විරෝධතාකරුවන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉලක්ක කර ගල් හා මොලොටොව් කොක්ටේල් විසි කළහ. වෙනිසියුලානු අධිකරණ ආරංචි මාර්ග වලට අනුව, ගැටුම් හේතුවෙන් නීතිය බලාත්මක කරන නිලධාරීන් 77 දෙනෙකු තුවාල ලබා ඇත.එලෙසම රාජ්‍ය දේපල විනාශ කිරීම, වෛරය ඇවිස්සීම සහ ත්‍රස්තවාදය පැතිරවීම යන චෝදනා රඳවා සිටි අයට එරෙහිව එල්ල කර තිබේ.
වෙනිසියුලානු රජය පැවසුවේ රටවල් ගණනාවක් වෙනිසියුලානු ජනාධිපතිවරණය නිරීක්ෂණයට සහ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සුරැකීමට මැදිහත් වූ බවයි.
මේ අතර මොස්කව් පරිපාලනය කියා සිටියේ වෙනිසියුලානු විපක්ෂය මැතිවරණ පරාජය පිළිගත යුතු බවයි. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වෙනිසියුලාව තුළ තත්වය අස්ථාවර කිරීමට සහාය දැක්වන තුන්වන පාර්ශවයේ රටවලට එරෙහිව අනතුරු ඇඟවීය.
CARACAS, August 1 (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
