
ජනපති හමුවට පොහොට්ටු මන්ත්‍රීන් කැඳවූවේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් බව කියලලු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (31 දා) ජාතික පුවත්පතකට පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30 දා) පැවැති රැස්වීමට සහභාගි වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනාගෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් තවමත් තම පක්ෂය ගන්නා තීරණය සමග කටයුතු කරන බව සහතිකව කිව හැකි බව ද ඔහු එහිදී පවසා ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ දැනුම් දීමකට අනුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ලෙස බව ද ඔහු පවසයි.
එහිදී ආණ්ඩුවේ ඇමැති පදවි දරන හා නොදරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ජනාධිපතිවරයාට සහය දෙන බව ප්‍රකාශ කළ නමුත් බහුතරයක් නිහඬව සිටියේ වෙන්නේ මොකක් දැයි සිතා ගැනීමට නොහැකිව බව ද ඔහු සඳහන් කරයි.
කලින් ගත් තීරණය මතම කටයුතු කරමින් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන පරිදි ලබන 14වැනිදා මධ්‍යාහ්න 12.00ට පෙර තම පක්ෂයේ අපේක්ෂකයාගේ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව ද මහ ලේකම්වරයා මෙහිදී පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
