ජනපති හමුවට පොහොට්ටු මන්ත්‍රීන් කැඳවූවේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් බව කියලලු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (31 දා) ජාතික පුවත්පතකට පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30 දා) පැවැති රැස්වීමට සහභාගි වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනාගෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් තවමත් තම පක්ෂය ගන්නා තීරණය සමග කටයුතු කරන බව සහතිකව කිව හැකි බව ද ඔහු එහිදී පවසා ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ දැනුම් දීමකට අනුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ලෙස බව ද ඔහු පවසයි.
එහිදී ආණ්ඩුවේ ඇමැති පදවි දරන හා නොදරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ජනාධිපතිවරයාට සහය දෙන බව ප්‍රකාශ කළ නමුත් බහුතරයක් නිහඬව සිටියේ වෙන්නේ මොකක් දැයි සිතා ගැනීමට නොහැකිව බව ද ඔහු සඳහන් කරයි.
කලින් ගත් තීරණය මතම කටයුතු කරමින් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන පරිදි ලබන 14වැනිදා මධ්‍යාහ්න 12.00ට පෙර තම පක්ෂයේ අපේක්ෂකයාගේ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව ද මහ ලේකම්වරයා මෙහිදී පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය