News Category
From Date
To Date
Maximum Number of Result

පොහොට්ටුව රනිල්ට සහාය නොදැක්වීම රනිල් ශක්තිමත් කිරීමට කරන ලද ක්‍රියාවක් දැයි සැකයි - උදය ගම්මන්පිල

Jul 30, 2024 at 06:36 PM
|

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරනු ලැබුවේ අද (30) උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන්‍ සර්වජන බලය සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව හා එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවූ ලිපිය එම පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරමින් එම පෙරමුණෙන් ද වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරන් තියෙනවා.

මේක දුර්වල රනිල් තවදුරටත් දුර්වල කරන්න කරපු දෙයක්ද එහෙමත් නැත්නම් දුර්වල රනිල්ව ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා.

රාජපක්ෂවරුන් ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊලම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තියෙන ලොකුම බාධාව. ඒ වගේම කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහයන් පිලිස්සීමට කටයුතු කළ රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්වීමට සමහර මුස්ලිම් පක්ෂ වලට තිබිච්ච බාධාව. ඒ වගේම සමගි ජන බලවේගයට එකතුවෙලා ඉන්න පිරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයව අතෑරියේ ඔහුට දිනන්න බෑ කියලා මිසක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියලා නෙවෙයි. මෙලෙස ඉවත් වුණු සජබයේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහතා ගාවට යන්න තිබිච්ච බාධාව තමයි රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ප්‍රමාණයක ශක්තියක් ලබාදීම සඳහා මේ ඉවත්වීම සිදුකළාද කියන එකත් වීමට ඉඩක් තියෙනවා.

මේ ජනාධිපතිවරණයට කවුද ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, විජයදාස රාජපක්ෂ මැතිතුමා, සරත්න්සේ ෆොන්සේකා මැතිතුමා, මේ පස්දෙනාගේ තිබෙන මහ පොදු සාධකය මොකක්ද ? මේ පස්දෙනාම යහපාලනයේ නායකයො. මොකද අනුර කුමාර දිසානායක මහත්තයාත් යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියෙක්. අද ජනාධිපතිවරයයි අනුර කුමාර දිසානායක මහතයි, දෙපැත්තට කියව ගන්නවා තාම පයිල් අපි ගාව තියෙනවා කියලා.

යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ ආගමික කටයුතු අමාත්‍යවරයා තමයි විජයදාස රාජපක්ෂ මහත්තයා. යහපාලන ආණ්ඩුවේ වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා තමයි සරත් පොන්සේකා මහත්තයා. යහපාලන ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා. මේ පස්දෙනාම නියෝජනය කරන්නේ ලක්ෂ හැට නමයක් ජනතාව එකට එකතු වෙලා පරාජය කරපු යහපාලන ආණ්ඩුව. මේ අය කණ්ඩායම් පහකට බෙදිලා ආවත් එකම මතවාදයක් තමයි නියෝජනය කරන්නේ. මේ අයගෙන් කෙනෙක් ඊළඟ ජනාධිපතිවරයා විය යුතු නම් අපරාදෙනේ 2019 දී 69 ලක්ෂයක් ජනතාව එකතු වෙලා මේගොල්ලන්ගේ ආණ්ඩුව පරාජයට පත් කළේ. ඔන්න ඔහේ කරගෙන යන්න ඉඩ දෙන්න තිබ්බා.

එදා යහපලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති රටට ජනතාවට හානි කරයි කියලා ආණ්ඩුව පරාජයට පත් කිරීමේ මෙවලමක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න හැට නම ලක්ෂයක් ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කරන්න හැකි අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත් වෙලා නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න ගිහිල්ල ඒ ආණ්ඩුව කඩාගෙන වැටුණා නම්, ලක්ෂ 69කගේ බලාපොරොත්තු වැරදි, ඒවා අමතක කරලා දාලා ඊට කලින් තිබුණු යහපාලන ආණ්ඩුවට සහාය දීම සාධාරණයි කියලා කියන්න තිබුණා. නමුත් සෞභාග්‍යයේ දැක්මට පටහැනිව කටයුතු කිරීම නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසාර්ථක වුණේ.

ඉන්දියාවට දෙන්නෑ කියපු නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනතාව නැගී සිටියේ. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඡන්දය ඉල්ලීමේ අයිතිය දෙනවා කියලා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ නෑ. නමුත් ඒ ආණ්ඩුව ආපු ගමන්ම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ දේ කරන්න හදපු නිසයි ආණ්ඩුව ඇතුලෙන්ම ආණ්ඩුවට එරෙහි රැල්ල ආරම්භ වුණේ. ඒ වගේම වංචාවට දූෂණයට විරුද්ධව මහා හඬින් හඬ නගපු සෞභාග්‍යයේ දැක්මට පටහැනිව ගිහිල්ලා ටෙන්ඩර් කැඳවලා සැපයීම සඳහා සමාගමක් තෝරාගෙන තිබියදී බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් ගෑස් සැපයුම දෙන්න හැදුවේ.

ඉහත කාරණා නිසා තමයි ආණ්ඩුව ඇතුලෙන් පුපුරා ගිහිල්ලා ආණ්ඩු දුර්වල වෙලා අවසානයේ බිඳවැටීම සිද්ධ වුණේ. සෞභාග්‍යයේ දැක්ම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කළා නම් දේශීය ආර්ථිකය සවිමත් කරන වැඩපිළිවෙළකට ගියා නම් ඒ වියසනය ඒ ආණ්ඩුවට සිද්ධ වන්නේ නෑ.

ඒ අනුව හැට නම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අනිවාර්යෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.