එක්සත් ජනපදයේ ජාතික ණය කන්ද ඩොලර් ට්‍රිලියන 35 පසුකරයි
එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.
කමිටුවේ ප්‍රධානී, ජෝඩි අරිග්න්ටන් ජාතික ණය ප්‍රමානයේ මෙම සංවර්ධනය "භයානක සන්ධිස්ථානයක්" ලෙස නම් කර ඇති අතර, බැලුනයක් මෙන් පිම්බෙමින් තිබෙන ජාතික ණය වර්ධනය නිවැරදි කිරීම සඳහා වැඩි මූල්‍ය හා වියදම් වගකීමක් ඉල්ලා සිටියේය.
"ඉතිහාසයේ බලවත්ම සහ සමෘද්ධිමත් ජාතියේ මූල්‍ය පරිහානියේ තවත් සැක සහිත සන්ධිස්ථානයක් පසු කිරීම හේතුවෙන් අද අපි ශෝකයට පත්වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළ අරින්ග්ටන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් රිපබ්ලිකන් පක්ෂයට කෙසේ හෝ තත්වය සමනය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන්ගේ නායකත්වය යටතේ අමෙරිකා එක්සත් ජනපද ණය කන්ද අහස් උසට නැග තිබෙනු දක්නට ලැබේ. කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ 2016 මැතිවරණ වේදිකාවේදී දිගින් දිගටම ප්‍රතිඥ දුන්නේ එක්සත් ජනපදයේ ජාතික ණය ප්‍රමානය අඩු කිරීමටය.
කෙසේ වුවද ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වන විට, එක්සත් ජනපද ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 8.4 කින් ඉහළ ගොස් ඩොලර් ට්‍රිලියන 27.7 දක්වා වර්ධනය වී තිබුණි. ඔහුගේ ණය ගැනීම් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආශ්‍රිතව පැන නැගුණු අර්බූද විසඳීමේ ක්‍රියාමාර්ගවලට සම්බන්ධවූ ඒවා විය. බයිඩන්ගේ කාලයේදීද ජාතික ණය ප්‍රමානය ඉහළ යාම දිගටම පැවතුණු අතර වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය මේ වන විට එක්සත් ජනපද ණය කන්ද ඩොලර් ට්‍රිලියන 35 සීමාව පසුකිරීමට සමත්ව තිබේ. ට්‍රම්ප් යුගයට සාපේක්ෂව බයිඩන්ගේ පාලන සමයේ පළමු භාගය තුළ ණය ගැනීම් අනුපාතය තරමක් මන්දගාමී වූ අතර, එක්සත් ජනපදය මේ වසරේ පමණක් තවත් ඩොලර් ට්‍රිලියන 1 ක් ජාතික ණය ගොන්නට එකතු කිරීමත් සමඟ රාජ්‍ය ණය ගැනීමේ වේගය දැන් වේගවත් වී ඇත.
එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුවේ ගණනය කිරීම්වලට අනුව,එක්සත් ජනපද රාජ්‍ය ණය දැන් එක් අමෙරිකානු පුරවැසියෙකුට ඩොලර් 104,497 ක් බවට පත්ව තිබේ. එය එක් අමෙරිකානු කුටුම්භයකට ඩොලර් 266,275 ක අගයකට ළඟා වී තිබේ. දෙනෙතට කඳුලු උනන කාරණය නම් එක් ඇමරිකානු ළමයෙකුගේ රාජ්‍ය ණය බර ඩොලර් 483,889 ට සමාන වීමය. පසුගිය මාස 12 තුළ, අමෙරිකානු රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 2.35 කින් වැඩි වූ අතර, ණය වැඩිවීමේ අනුපාතය තත්පරයට නව ණය ඩොලර් 74,401 ට සමාන වේ.
එක්සත් ජනපද මූල්‍ය ප්‍රතිපත්තියේ නොනවතින “නොගැලපීම” පසුගිය මාසයේ අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි ලෙස විවේචනයට ලක් කරන ලද අතර, වොෂින්ටනයේ අයවැය හිඟය සහ ණය අනුපාත සමස්ත ගෝලීය ආර්ථික ශරීරය සඳහා “වර්ධනය වන අවදානමක්” ලෙස හැඳින්වීය.
“මෙවැනි ඉහළ හිඟයන් සහ ණය එක්සත් ජනපදයට සහ ගෝලීය ආර්ථිකයට වර්ධනය වන අවදානමක් ඇති කරයි, ඉහළ මූල්‍ය මූල්‍ය පිරිවැයට පෝෂණය විය හැකි අතර කල් පිරෙන වගකීම් සුමට ලෙස පෙරළීමේ අවදානම වැඩි කරයි” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "මෙම නිදන්ගත මූල්‍ය හිඟයන් කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු අතර සැලකිය යුතු නොනැසී පවතින ප්‍රතිපත්තිමය නොගැලපීම නියෝජනය කරයි." යනුවෙන් අවධාරණය කරමිනි.
US national debt tops $35 trillion
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..