ජනාධිපතිවරයා නම් කර, පාර්ලිමේන්තුව අනුමත කළ පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - ජනපති ශ්‍රේෂ්ධිකරණයේ මතය විමසීමට සැරසේ
ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සුදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.
එසේම, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩුවක් සඳහා සුදුසු බවට නම් කරනු ලැබූ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු එම ඡන්ද වීමසීමට නොපැමිණීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හෝ එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව අර්ථ නිරූපණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා නම් කළ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ඡන්දය දීමට නොපැමිණිම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව තීරණය කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්, මෙලෙස ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු දෙක සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගනු ඇති බවත්, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරෙනු ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියේ උප වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා දීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.
– රංජිත් පද්මසිරි (සන්ඩේ ටයිම්ස්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..