
ජනාධිපතිවරයා නම් කර, පාර්ලිමේන්තුව අනුමත කළ පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - ජනපති ශ්‍රේෂ්ධිකරණයේ මතය විමසීමට සැරසේ
ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සුදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.
එසේම, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩුවක් සඳහා සුදුසු බවට නම් කරනු ලැබූ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු එම ඡන්ද වීමසීමට නොපැමිණීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හෝ එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව අර්ථ නිරූපණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා නම් කළ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ඡන්දය දීමට නොපැමිණිම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව තීරණය කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්, මෙලෙස ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු දෙක සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගනු ඇති බවත්, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරෙනු ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියේ උප වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා දීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.
– රංජිත් පද්මසිරි (සන්ඩේ ටයිම්ස්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
