
ඡන්දෙ කටේ තියාගෙන රැකියා 50,000ක් – මැ.කො පියවරක් ගැනීමේ සූදානමින්
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර (24දා) උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීම සඳහා ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙන ලෙස කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අද (29දා) පියවරක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවන බවට මේ වනවිට කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ලැබෙන සියලු පැමිණිලි එම අවස්ථාවේම නීති අංශයට යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ සභාපතිවරයා මහජනතාවටද පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් කඩිනමින් හඳුන්වා දීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත් පැවසීය.
2020 වසරේදී එවකට ජනාධිපතිවරයා විසින් උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බවත් එම තීරණය අනුව යමින් 2024 ජූලි 24 වැනිදා එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර අංක PS/CM/SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරමින් කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවට හා ඒ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කළ පාලකයන්ම හදිසියේ මෙම තීරණය ගැනීම මගින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ක්‍රියාවක් බවට පෙනී යන බැවින් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
