ඡන්දෙ කටේ තියාගෙන රැකියා 50,000ක් – මැ.කො පියවරක් ගැනීමේ සූදානමින්
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර (24දා) උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීම සඳහා ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙන ලෙස කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අද (29දා) පියවරක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවන බවට මේ වනවිට කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ලැබෙන සියලු පැමිණිලි එම අවස්ථාවේම නීති අංශයට යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ සභාපතිවරයා මහජනතාවටද පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් කඩිනමින් හඳුන්වා දීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත් පැවසීය.
2020 වසරේදී එවකට ජනාධිපතිවරයා විසින් උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බවත් එම තීරණය අනුව යමින් 2024 ජූලි 24 වැනිදා එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර අංක PS/CM/SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරමින් කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවට හා ඒ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කළ පාලකයන්ම හදිසියේ මෙම තීරණය ගැනීම මගින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ක්‍රියාවක් බවට පෙනී යන බැවින් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..