මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව අතළුවගේ මහතා සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් එම තීරණය ගත් බව අතළුවගේ මහතා පවසයි.
පසුගිය කාලසීමාව තුළ එම අනිසි බලපෑම් සහ මැදිහත්වීම් නිරන්තරයෙන් සිදුවූ අතර වර්තමානයේ දී ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම් සිදුකළ බව ඔහු සඳහන් කරයි.
පසුගිය වසර හතරහමාරක සේවා කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ කීර්තිනාමයට කැළලක් ඇති නොවන අයුරින් හා සේවකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ පවත්නා නීති රෙගුලාසිවලට අනුකූළව විනිවිදභාවයකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතීන්ට යටත්ව රාජකාරී සිදුකළ බව අතළුවගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..