ජනාධිපතිවරණය සැප්: 21දා... ජනපති නාමයෝජනා අගෝ. 15 දා
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26දා) නිකුත් කරනු ලැබීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන මස 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. භාරදුන් නාමයෝජනා පිළිබඳ විරෝධතා පළ කිරීම එදින පෙරවරු 11.30 දක්වා සිදුකළ හැකි අතර ඉන් අනතුරුව සියලු අපේක්‍ෂකයන් ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් පිළිගත් හා ප්‍රතික්ෂේප නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කරනු ඇත.
ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදු කෙරේ.
ඇප මුදල් භාර ගැනීම ඊයේ (26දා) පෙරවරු 8.30ට ආරම්භ වූ අතර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම භාර ගැනීම සිදුකෙරේ.
ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු රුපියල් 50,000 ක මුදලක් ද ලියාපදිංචි නොවූ පක්‍ෂයක හෝ සාමාන්‍ය පුරවැසියකු අපේක්‍ෂකයකු ලෙස තරග කරන්නේ නම් රුපියල් 75,000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වෙයි.
ඇප මුදල් භාර ගැනීම රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදු කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..