දයාසිරි සජබය එක්ක ගැසූ ගිවිසුමේ එකඟතා අනාවරණය කරන්න - මෛත්‍රීගෙන් දයාසිරිට අභියෝගයක්
දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගතවීමේදී ඇති කරගත් එකඟතා හැකි නම් අනාවරණය කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අභියෝගයක් සිදුකර තිබේ.
අගෝස්තු 08 වන දින දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග එක්වීමට මේ වනවිටත් ගිවිසුම්ගතව සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමා බව හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසමින් එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.
ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බව හා ඔහු නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට දයාසිරි ජයසේකර මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය ද මුලුමනින්ම සත්‍යය විකෘති කිරීමක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබුයේ සිය පක්ෂයේ විධායක සභාව විසින් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..