ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90% දක්වා වැඩිකරනවා - ඇමැති රමේෂ් පතිරණ
කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මහාචාර්ය සේනක බිබිලේ මහතා ආරම්භ කළ දේශීය ඖෂධ නිෂ්පාදනය මේ වනවිට විශාල වර්ධනයක් ලබා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු කරමින් පවතින බවත්, ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90% දක්වා වැඩිකර ගත හැකි බවට තමා විශ්වාස කරන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ – Sri Lanka Pharmaceutical Manufacturers’ Association) 61 වන සංවත්සර වැඩසටහනට එක් වෙමිනි.
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරමින් සහ දේශීය වෙළෙදපොලින් සියයට 25 ක් ආවරණය කරන බවත් එය විශාල ජයග්‍රහණයක් බවත්, වසරින් වසර ඉදිරියට යමින් ඖෂධ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ නිෂ්පාදනය, නියාමනය කෙරෙහි මහත් දායකත්වයක් ලබාදුන් බවත්, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ විශ්වාසය තහවුරු කිරිම සහ දිරිමත් කිරිම සදහා දේශීය නිෂ්පාදකයින්ගෙන් එම නිෂ්පාදන නැවත රජයටම මිලදි ගැනීමේ ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..