හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න හා කොමිසමේ නිලධාරීන් මූලික අයිතීන් කඩකරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
සහකාර පොලිස් අධිකාරි ධුරවලට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා තිබූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පිරිසක් සිටියදීත් ඔවුන්ගේ සුදුසුකම් නොසලකා පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීමක් ලබාදීමෙන් එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චන්දන වික්‍රමරත්න හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් පෙත්සම්කාර පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි අත්තනෝමතික අයුරින් කටයුතු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
2003 වසරේදී තමාට ලැබිය යුතුව තිබූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරට අදාළ උසස්වීම් නිසි කලට නොලැබී 2006 වසරේදී ලැබීමෙන් වසර තුනක අසාධාරණයක් සිදුවී ඇති බව කියමින් එවකට පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා 2020 වසරේදී ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනාවක් ගොනු කර තිබිණි. එවකට වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ කමල් පුෂ්ප කුමාර මහතාගේ නිර්දේශය ද සහිතව ඉදිරිපත් කර තිබූ අභියාචනාව සලකා බැලූ ජාතික පොලිස් කොමිෂන් සභාව අතීතයට බලපාන පරිදි සියලු උසස්වීම් ලබාදී තිබූ අතර එම නිර්දේශ මගින් තමන් ඇතුළු නිලධාරීන් පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් හයක් විභාගයට ගත් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම තීන්දුව නිකුත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..