හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිසියේ 4කට සිර දඬුවම්
තරුණයකු මරණයට පත්කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට නියම කොට තිබූ වසර පහ බැගින් වූ සිර දඬුවම් ස්ථිර කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ සිරදඬුවම් වහාම ක්‍රියාත්මක කිරීමට ඊයේ (25දා) නියෝග කළේය.
එම නඩුවේ පස්වන විත්තිකාර රංජිත් ජයසේකර නමැති නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමට ද මේනකා විජේසුන්දර හා විකුම් කළුආරච්චි යන විනිසුරු මඬුල්ල නියෝග කළේය.
1989.01.01 වැනිදා නිල ඇඳුමින් සැරසී දෙල්ගොඩ ප්‍රදේශයේදී රත්න චන්ද්‍ර ලියනගේ නමැත්තා මරණයට පත්කිරීමේ අරමුණින් පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට වසර පහ බැගින් සිරදඬුවම් 2009.08.26 වැනිදා නියම කොට තිබිණි.
එකී දඬුවමට එරෙහිව ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ඊයේ නිකුත් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ 1, 2, 3, 4 යන විත්තිකාර පොලිස් නිලධාරීන් හතරදෙනාට ලබාදී තිබූ තීන්දුව නීතියට අනුකූල බවය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියේය.
(දිවයින)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට