News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යුත් වීසා ක්‍රමවේදයෙන් රටේ ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක්

Jul 26, 2024 at 07:00 AM
|

ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් විසින් (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරන ලදී.

පුද්ගලිකව ගොනු කර තිබෙන මෙම පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා, සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය හේතුවෙන්, රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවකාශ ඇති බවත්, එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව ද පෙත්සම්කරුවන් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස්,

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා;

“මේක මම නම් දකින්නේ මහබැංකු මංකොල්ලයෙන් පසු ඒ වගේ සිය ගුණයකට වඩා විශාල මංකොල්ලයක් මේක. ඒ පිළිබඳව කරුණු කාරණා සහිතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොයෙකුත් කරුණු ගොනු කරලා තියෙනවා. ඒක සනාථ කරමින් අපි ඒකට පක්ෂව අපේ තර්ක ඉදිරිපත් කරනවා.

IVS Global Services (Pvt) Ltd ඩොලර් 2.7 ක ලාභයක් විශාල ගනුදෙනුවක් කරන්න භාර දීලා තියෙන්නෙ මේ වගේ පෙට්ටි කඩේකට. මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවෙත් කරුණු දැක්වූවා VFS සමාගම පිළිගත් සමාගමක් වුවත් එය Technical Partner කෙනෙක් පමණයි. එවැනි සමාගමක් මේ වගේ ව්‍යාජ, අයිතිකරු නොදන්න මැදිහත්කාර සමාගම් දෙකක් මේකට ඇතුලත් කරලා, වංචනික ලෙස එක සංචාරකයෙකුට ඩොලර් 25 ක් බැගින් අය කරලා තියෙනවා. රටට ලැබිය යුතු විශාල ධනස්කන්දක් විදේශ සමාගමකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපේ දත්ත ආරක්ෂාව; පැමිණෙන සංචාරකයන්ගේ රහසිගතව තබාගත යුතු දත්තවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩ වෙන ආකාරයට මේක සිදුවෙලා තියෙනවා. මේ තොරතුරු ඔක්කොම ඩුබායිවල තිබෙන සර්වර් එකකට තමයි යන්නෙ

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

“අපි තිදෙනා රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයන් තිදෙනෙක් හැටියට තීරණය කළා මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න. මොකද පසුගිය දාහතර වෙනිදා තමයි මේ වාර්තාව ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒක ඉදිරිපත් වෙලා මාසයක් ඇතුළත මේක කරන්න ඕන නිසා අපි ඉදිරිපත් වෙලා මේක කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටට යුක්තිය ඉටුවෙයි කියලා මේ හරහා.

ගොඩාක් අය හිතුවා දැනටත් මේ වීසා ක්‍රියාවලිය කරගෙන යන GBS Global ආයතනය තමයි මේකත් කරන්නේ කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේ දී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්නෙ කියලා. මීට කළිනුත් මෙවැනි දෙයක් සිද්ධවුණා, රටට තෙල් ගේන්න කියලා Global Concept කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6 ක් ඒ අවස්ථාවෙදි රටට ගේන්න කියලා ගම්මන්පිල ඇමැතිතුමා පත්‍රිකාවක් ගෙනාවා, නමුත් රාජගිරියෙ පුංචි කඩයක් තමයි තිබුණෙ. හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ නෑ රටේ වාසනාවට, නමුත් එවැනි ම දෙයක් තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නෙ. තාක්ෂණික කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව අපේ පෙත්සමෙනුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්ථාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා නෑ. රට වෙනුවෙන් ඒ මෙහෙවර වසර 10 කට අධික කාලයක් තිස්සෙ කරපු මොබිටෙල් ආයතනය තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නෙ.

සංචාරකයින්ගේ පැමිණීමට මරු පහරක් මෙතන එල්ල වෙලා. අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින, තායිලන්තය වගේ අපිත් එක්ක තරග කරන සංචාරක රටවල් එක්ක. මේක ඉතාම අධික මිලක්. ඩොලර් 50 යි තිබ්බෙ ලංකාවට වීසා ගාස්තු මේ ක්‍රියාවලියට ඩොලර් 1 යි අය කළේ අද ඒක 25.77 ක් කරලා තියෙනවා. දැන් ඩොලර් 75 කරලා වීසා ගාස්තු, තව 25.77 ක් එකතු කරලා ඩොලර් 100.77 ක් සෑම සංචාරකයෙක්ගෙන්ම. පිටරට පුරවැසිභාවය ගත්ත ලංකාවෙ අය එද්දිත් ගෙවන්න ඕනෙ. ගෙවන්නෙ IVS කියලා සමාගමකට. ඒ සමාගමට ගෙව්ව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා.

අපි කණගාටු වෙනවා, හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවි යන කට්ටිය අද මේ ගැන නිහඬයි. අද මේ ඇමැතිතුමාගෙ නම මතක නෑ ඒ කට්ටියට. අපිට පේනවා මේ රට ඇතුලෙ දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා. IVS එකට මේ සල්ලි යන එක ගැන වචනයක්වත් නෑ. ඒකෙන් හිතාගන්න මේ රට ඇතුලෙ දේශපාලන පාතාලය කටයුතු කරන්නෙ කොහොමද කියන එක. අපි මේකට එරෙහිව සටන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රටට යුක්තිය ඉටුවෙයි කියලා, පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් කඩ කරලා තියෙනවා.”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.