ජනපති අපේක්ෂක ධුරය පිටස්තරයෙකුට දෙනවා නම් අගමැතිකම පොහොට්ටුවට ඕනෑ - නාමල් කියයි
ජනාධිපති අපේක්ෂක ධූරය පිටස්තර පුද්ගලයකුට ලබාදෙන්නේ නම්, අගමැතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිලනිවසේ පැවැති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ ජනමාධ්‍ය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය.
“ප්‍රශ්නය – ඔබට අගමැතිකම දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කතාකළාද ?
පිළිතුර – අගමැතිකම දෙන්න පුද්ගලයන්ට කතාකරලා වැඩක් නැහැ. ඒකට පක්ෂය සමඟ තමයි කතාකරන්න ඕනේ. පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත්කර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කළයුතු වෙනවා. මම පැහැදිලිව කියනවා මම පුද්ගලයන් හම්බ වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. මගේ පියා මට උගන්වලා තියන දේශපාලන තමයි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා. මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි සාකච්ඡා කරනවා නම් පක්ෂ සමඟ තමයි සාකච්ඡා කරන්නේ. පුද්ගලයන් හමුවෙලා අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ.
ප්‍රශ්නය – ඔබට අගමැතිකම දුන්නොත් භාර ගැනීමට සූදානම්ද ?
පිළිතුර – අපි එළියෙන් අපේක්ෂයෙක් ගේනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් කරනවා නම් දේශපාලන මණ්ඩලය එම තීන්දු තීරණ ගනීවි. එම තීන්දු තීරණ පුද්ලගලයන් ගතයුතු ඒවා නොවෙයි.
අපේක්ෂයකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනගේ බෙදීම මම දන්නේ නැහැ. නමුත් අපේක්ෂකයෝ වැඩි නිසා මත බොහෝමයක් තිබෙනවා. කළින් එක්කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා. ධම්මික පෙරේරා මහතාත් අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම කැබිනට් එකේ අය ඉන්නවා. ව්‍යවසායකයොත් ඉන්නවා. මේ කැබිනට් එකේ ජනාධිපතිතුමා සමඟ තව එක්කෙනෙක් ඉන්නවා.
අපි ගන්න ඕනේ රනිල් මහත්තයාට හොද තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොද තීන්දුවවත් නොවෙයි. අපේ පක්ෂය ආරක්ෂා කිරීම වගේම, අපේ පාක්ෂිකයන් ආරක්ෂා කිරීම වගේම රටට හොද තීන්දුව තමයි අපි ගත යුත්තේ. අපි නැකත බලලා අපේ අපේක්ෂකයා ගැන කියන්නම්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..