
ජනපති අපේක්ෂක ධුරය පිටස්තරයෙකුට දෙනවා නම් අගමැතිකම පොහොට්ටුවට ඕනෑ - නාමල් කියයි
ජනාධිපති අපේක්ෂක ධූරය පිටස්තර පුද්ගලයකුට ලබාදෙන්නේ නම්, අගමැතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිලනිවසේ පැවැති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ ජනමාධ්‍ය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය.
“ප්‍රශ්නය – ඔබට අගමැතිකම දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කතාකළාද ?
පිළිතුර – අගමැතිකම දෙන්න පුද්ගලයන්ට කතාකරලා වැඩක් නැහැ. ඒකට පක්ෂය සමඟ තමයි කතාකරන්න ඕනේ. පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත්කර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කළයුතු වෙනවා. මම පැහැදිලිව කියනවා මම පුද්ගලයන් හම්බ වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. මගේ පියා මට උගන්වලා තියන දේශපාලන තමයි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා. මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි සාකච්ඡා කරනවා නම් පක්ෂ සමඟ තමයි සාකච්ඡා කරන්නේ. පුද්ගලයන් හමුවෙලා අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ.
ප්‍රශ්නය – ඔබට අගමැතිකම දුන්නොත් භාර ගැනීමට සූදානම්ද ?
පිළිතුර – අපි එළියෙන් අපේක්ෂයෙක් ගේනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් කරනවා නම් දේශපාලන මණ්ඩලය එම තීන්දු තීරණ ගනීවි. එම තීන්දු තීරණ පුද්ලගලයන් ගතයුතු ඒවා නොවෙයි.
අපේක්ෂයකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනගේ බෙදීම මම දන්නේ නැහැ. නමුත් අපේක්ෂකයෝ වැඩි නිසා මත බොහෝමයක් තිබෙනවා. කළින් එක්කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා. ධම්මික පෙරේරා මහතාත් අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම කැබිනට් එකේ අය ඉන්නවා. ව්‍යවසායකයොත් ඉන්නවා. මේ කැබිනට් එකේ ජනාධිපතිතුමා සමඟ තව එක්කෙනෙක් ඉන්නවා.
අපි ගන්න ඕනේ රනිල් මහත්තයාට හොද තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොද තීන්දුවවත් නොවෙයි. අපේ පක්ෂය ආරක්ෂා කිරීම වගේම, අපේ පාක්ෂිකයන් ආරක්ෂා කිරීම වගේම රටට හොද තීන්දුව තමයි අපි ගත යුත්තේ. අපි නැකත බලලා අපේ අපේක්ෂකයා ගැන කියන්නම්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
