
මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් නැවත පදිංචි කිරීමේ දී පමණක් බාධා ඇයි? - ජාතික සිංහල ගෝලීය සංසදයෙන් මන්නාරම් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක්
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල පදිංචිය අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සිදුවන නමුත් මන්නාරම් දිස්ත්‍රික්කය තුල අදාල නීත්‍යානුකූල ක්‍රමවෙිදයට අනුගතව සිංහල පවුල් පදිංචි කිරීමේදී ඊට බාධක සහ විටෙක තහනම් කිරීම්ද සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් ජාතික සිංහල ගෝලීය සංසදය විසින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.
අදාළ ලිපිය පහළින්...
දිස්ත්‍රික් ලේකම්,
මන්නාරම දිස්ත්‍රික්කය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මන්නාරම
ගරු දිස්ත්‍රික් ලේකම් තුමා,
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට නීත්‍යානුකූලව මේ භූමිය තුල කවර තැනක වුවද පදිංචි වීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1)ඌ හි සඳහන් පරිද්දෙන් ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහය යන ව්‍යවස්ථාව කෙරෙහි ඔබගේ අවධානය පළමුව යොමු කරවමි.
පැවැති යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල පදිංචිය අහිමි වූ මිනිසුන් වෙනුවෙන් දැනට රජය විසින් නැවත පදිංචි කිරීමෙි ප්‍රතිපත්තිය සහ සීමා නිර්ණය කිරීමේ ක්‍රමවේදයට අනුගතව උතුරු සහ නැගෙහිර පලාත් වල මෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ ද සිංහල ගම්මාන වල මිනිසුන් මෙි වන විට පදිංචි කරවීමේ නීත්‍යානුකූල කටයුතු සිදු කෙරෙමින් තිබේ.
එහෙත් ඔබ තුමාගේ රාජකාරි දිස්ත්‍රික්කය වන මන්නාරම් දිස්ත්‍රික්කය තුල සිංහල පවුල් සඳහා අදාල නීත්‍යානුකූල ක්‍රමවෙිදයට අනුගතව සිංහල පවුල් පදිංචි කිරීමේදී ඊට බාධක සහ විටෙක තහනම් කිරීම්ද සිදුවෙමින් පවතින බව කණගාටුවෙන් වුවද දන්වනු කැමැත්තෙමි
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව කවර හෝ ජාතියක් උදෙසා නීතිය වෙනස් ලෙස ක්‍රියාත්මක නොවිය යුතු නමුත් සිංහල පවුල් සඳහා වෙනස් ලෙසින් කටයුතු සිදුවන බවක් සහ එකම රටක එකම ප්‍රදේශයක නීතීය ක්‍රියාත්මක වීමේදී වෙනස් ලෙස නීතිය ක්‍රියාවේ යෙදවෙන තත්වයක් ද උද්ගතව පවතී.
මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කරවීමේ වැඩ සටහනේදී අදාල ග්‍රාම නිළධාරීන් විසින් එකී නීත්‍යානුකූල පදිංචි කරවීමට බාධා කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල විෂය භාර නිලධාරීන් සහ ග්‍රාම නිළධාරීන් ඔබ තුමා විසින් දී ඇති උපදෙස් අනුව පමණක් කටයුතු සිදු කරන බව ඔවුන් අප වෙත වාචිකව පවසා සිටිනු ලැබේ.
එසේ හෙයින් දැනට මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් කිහිපයක් සඳහා සියළු සුදුසුකම් සපුරා ඇතත් ඊට අදාල කටයුතු පමා කරමින් තිබේ.
ඒ සඳහා ඔබ තුමාගේ අපක්ෂපාතී මැදිහත්වීම සිදු කර මෙම සිංහල පවුල් සඳහා අදාල පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කේ.කේ.සුනිල් කුමාර
ජාතික සිංහල ගෝලීය සංසදය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
