පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියන්නෙ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සෙලු
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති ප්‍රසන්න රණතුංග කියාසිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයකු බවත් පක්ෂය විනාශ වනු දැකීමට තමාට අවශ්‍ය නොවන බවත්ය.
එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට තමන් සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය.
අරගලයෙන් පසු රටේ නීතිය හා සාමය ඇති කර ආර්ථිකය ගොඩනැගූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතු බව තමාගේ පෞද්ගලික ස්ථාවරය බව පාර්ලිමේන්තු ඇමැති රණතුංග පැවසීය.
මේ පිළිබඳව එහිදී තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වනතුරු සහය දැක්වීමට තීරණයකට එළැඹ ඇති බවත්, රණතුංග ඇමැතිවරයාගේ අදහස් එම තීරණයට අනුකූල බවත්ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ මන්ත්‍රීවරුන් ආණ්ඩුව තුළ ඇමැති ධුර දරන අතර ඔවුන් තවදුරටත් ජනාධිපතිවරයාට සහාය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පැවසීය.
කෙසේවෙතත් ආණ්ඩුවේ තීරණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය එකක් නොවන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට මුහුණදීමට බිය නොවන බව යළිත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ නම අනාවරණය නොකිරීමට හේතුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ සතියක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..