
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියන්නෙ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සෙලු
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති ප්‍රසන්න රණතුංග කියාසිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයකු බවත් පක්ෂය විනාශ වනු දැකීමට තමාට අවශ්‍ය නොවන බවත්ය.
එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට තමන් සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය.
අරගලයෙන් පසු රටේ නීතිය හා සාමය ඇති කර ආර්ථිකය ගොඩනැගූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතු බව තමාගේ පෞද්ගලික ස්ථාවරය බව පාර්ලිමේන්තු ඇමැති රණතුංග පැවසීය.
මේ පිළිබඳව එහිදී තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වනතුරු සහය දැක්වීමට තීරණයකට එළැඹ ඇති බවත්, රණතුංග ඇමැතිවරයාගේ අදහස් එම තීරණයට අනුකූල බවත්ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ මන්ත්‍රීවරුන් ආණ්ඩුව තුළ ඇමැති ධුර දරන අතර ඔවුන් තවදුරටත් ජනාධිපතිවරයාට සහාය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පැවසීය.
කෙසේවෙතත් ආණ්ඩුවේ තීරණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය එකක් නොවන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට මුහුණදීමට බිය නොවන බව යළිත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ නම අනාවරණය නොකිරීමට හේතුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ සතියක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
