
සැඟවී සිටින පාතාලයන් 164කට ඉන්ටපෝල් රතු වරෙන්තු
මෙරට අපරාධවල නිරත වෙමින් විවිධ රටවල සැඟවී සිටින පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 164 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙසේ රතු වරෙන්තු ලබාගෙන ඇති අපරාධකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද සිටින බව එම ආරංචි මාර්ග කියා සිටියි.
මෙම අපරාධකරුවන්ගෙන් වැඩි දෙනකු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර සෙසු අපරාධකරුවන් ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය ඇතුළු තවත් රටවල් කීපයක සැඟවී සිටින බව වාර්තා වෙයි.
ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ සැඟවී සිටින අතර රත්මලානේ කුඩු අංජු ද ඔහු සමග සිටින බව හෙළිවී ඇත. මොවුන් දෙදෙනාටම එරෙහිව ද මේ වනවිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන තිබේ.
මේ අතර මෙරට ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවන් බව කියන අන්නාසි මොරිල්, සිද්ධික් සහ ප්‍රධාන පෙළේ පාතාල නායකයන් බව කියන කොස්ගොඩ සුජී, කරන්දෙණියේ සුද්දා, ලොකු පැටී, පොඩි පැටී, අහුංගල්ලේ සංජීව, ඌරගුණේ වික්ටර් ඇතුළු තවත් අපරාධකරුවන් රැසක් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර ඉන්දියාවේ සැඟවී සිටින කිඹුලා ඇලේ ගුණා, පුකූුඩුකන්නා, බුම්මා ඇතුළු තවත් අපරාධකරුවන් රැසකට එරෙහිව ද රතු වරෙන්තු නිකුත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
