
ජනාධිපතිවරණ දිනය සැප්තැම්බර් 21 ද? 28 ද? - තීරණය මේ සතියේ
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
2024 ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 15 අතර පැවැත්වීම අනිවාර්ය වන අතර එය තීන්දු කෙරෙන්නේ ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එය ප්‍රකාශයට පත් කළ දින පටන් දින 16ත් 21ත් අතර කාලය තුළ දිනක නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර අනතුරුව නාමයෝජනා භාරගත් දිනයේ සිට දින 28ත් දින 42ත් අතර කාලය තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසිම පැවැත්විය යුතු වේ.
ඡන්ද විමසීම අනිවාර්යෙන්ම සෙනසුරාදාවක පැවැත්වෙන අතර ඒ අනුව ජනාධිපතිවරණය බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
