ජනාධිපතිවරණයට තරග නොකිරීමට ජෝ බයිඩන් තීරණය කරයි
එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බවත් බයිඩන් පවසා ඇත.
අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.
අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ඔස්සේය.
බයිඩන් යනු ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ට ඔහුගේ වයස හරස් වුණු අතර, කතා කරද්දී සහ තීන්දු තීරණ ගැනීමේදී එය නිවැරදිව සහ ක්ෂණිකව කළ නොහැකි වී ඇත. ජනාධිපති ධුර සටනින් ඉවත් වෙන්නැයි බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම විරෝධයක් නැගුණි.
තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සටනින් ඉවත් නොවන බව පැවැසූ බයිඩන්, අවසානයේ ඉවත් වීමට තීරණය කළේ පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වුණු එම විරෝධය සැලකිල්ලට ගනිමිනි.
හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවණීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල හිටපු කතා නායිකාව නැන්සි පෙලෝසී ද බයිඩන්ට ප්‍රසංශා කර තිබේ.
ඇමෙරිකන් ජනතාවගේ යහපත වෙනුවෙන් බයිඩන් ගත් තීරණය ගෞරවාන්විත යැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ඇතුළු ලේක නායකයෝ පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයකුට හිමි වන්නේ ධුර කාල දෙකකි. බයිඩන්ගේ පළමු ධුර කාලය මෙම වසරෙන් අවසන් වෙයි. බයිඩන් එම ධුර කාලය සම්පූර්ණ කර, දේශපාලනයට සමුදෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ඔහුට එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.
ඉන්දීය සම්භවයක් ද ඇති 59 හැවිරිදි කමලා හැරිස්, දේශපාලනයට පිවිසීමට පෙර, කැලිෆෝනියා ජනපදයේ නීතිපති ලෙස කටයුතු කළාය. ඇය කණිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක් බවට තේරී පත් වූයේ 2017 වසරේදීය. කැලිෆෝනියාවේ නීතිපති බවට පත් වුණු පළමු කළු සමක් ඇති පුද්ගලයා ද කමලා හැරිස්ය.
2020 ජනාධිපතිවරණ සටනට, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, බයිඩන් පමණක් නොව, ඇය ද ඉදිරිපත් වූවාය. කෙසේ නමුත් ඇයට ඉදිරියට යෑම කළ නොහැකි විය. හැරිස් යළි මැතිවරණ වේදිකාවට ගෙන්වා ගත්තේ බයිඩන් විසිනි. ඒ, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමෙන් පසුවය. බයිඩන් සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගත්තේය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගත් පසු උප ජනාධිපති ධුරය කමලා හැරිස්ට හිමිවිය.
බයිඩන්, ජනාධිපති සටනින් ඉවත් වී, ඒ සඳහා තමන් සුදුසු යැයි යෝජනා කිරීම ගැන කමලා හැරිස් සතුට පළ කරයි. එය 'පරාර්ථකාමී, නිර්භීත, දේශප්‍රේමී ක්‍රියාවක්' යැයි කමලා හැරිස් පවසා තිබේ. ජනාධිපති ධුර අපේක්ෂිකාව වීම තමන්ට ලොකු ගෞරවයක් බව ද කමලා හැරිස් පැහැදිලි කර ඇත.
ඊට අමතරව, ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කිරීමට තමන්ට හැකි බව ද කමලා හැරිස් මාධ්‍ය හමුවේ පවසා ඇත. කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වුවහොත්, එම ධුරයට පත්වන පළමු කලු ජාතික කාන්තාව වනු ඇත්තේ ද ඇයයි. දකුණු ආසියානු සම්භවයක් ඇති, කළු ජාතික, පළමු ඇමෙරිකන් කාන්තා ජනාධිපති වනු ඇත්තේ ඇයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්