එක්සත් ජනපදයේ වැඩෙන ආර්ථික අවදානම් මධ්‍යයේ චීනය සහ ජපානය මැයි මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර කප්පාදු කරයි - විශේෂඥයෝ පවසති
එක්සත් ජනපදයේ ආර්ථික අවදානම් සම්බන්ධයෙන් වැඩෙන කනස්සල්ල පිළිබිඹු කරන තවත් පියවරක් ලෙස චීනය සහ ජපානය මැයි මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ඔවුන්ගේ ආයෝජන කොටස් කප්පාදු කිරීමට කටයුතු කර ඇත.
පසුගිය 18 වනදා ප්‍රාදේශීය වේලාවෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, චීනය මේ වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ඔවුන්ගේ කොටස් ආයෝජනය වැඩි කිරීමෙන් පසු තවත් අඩුවීමක් සනිටුහන් කරමින් එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර මැයි මාසයේදී ඩොලර් බිලියන 2.4 කින් හෙවත් ඩොලර් බිලියන 768.3 දක්වා අඩු කළේය.
එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල දෙවන විශාලතම විදේශීය හිමිකරු ලෙස සිටි චීනය, 2022 අප්‍රේල් මාසයේ සිට සිය ආයෝජන වත්කම් ඩොලර් ට්‍රිලියන 1 ට වඩා අඩු කර ඇති අතර එම ප්‍රමාන්ය ක්‍රමයෙන් අඩු කරමින් සිටී.
2024 ජනවාරි මාසයේදී චීනය එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර ආයෙඔජන ඩොලර් බිලියන 18.6කින් අඩු කළේය. පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිළිවෙළින් ඩොලර් බිලියන 22.7 ක් සහ ඩොලර් බිලියන 7.6 ක් තවදුරටත් අඩු කිරීම් කරණු ලැබීය.
එක්සත් ජනපදයේ විශාලතම ණය හිමියා වන ජපානය ද මැයි මාසයේදී එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇති සිය සමස්ථ වත්කම වන ඩොලර් ට්‍රිලියන 1.1283 කින් ඩොලර් බිලියන 22 ක් අඩු කිරීමට කළේය.
ආර්ථික විශේෂඥයන් විශ්වාස කරන්නේ එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල හිමිකාරීත්වය අඩු කිරීම එක්සත් ජනපදයේ ආර්ථිකය හා සම්බන්ධ අවදානම් පිළිබඳව වන විදෙශ රටවල කනස්සල්ල පිළිබිඹු කරන බවයි. විදේශ ආයෝජකයින් එක්සත් ජනපද ආර්ථිකයේ මන්දගාමිත්වය එක්සත් ජනපද බැඳුම්කරවල ඔවුන්ගේ ආයෝජනවල ප්‍රතිලාභ වලට බලපානු ඇතැයි කනස්සල්ලට පත්ව සිටින බවයි.
පසුගිය 17 වනදා නිකුත් කරන ලද ෆෙඩරල් සංචිතයේ බීජ් පොත් වාර්තාවට අනුව, ඉදිරි මාස හය තුළ එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඉදිරි මැතිවරණය, දේශීය ප්‍රතිපත්ති, භූ දේශපාලන ගැටුම් සහ උද්ධමනය පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් ඉදිරි මාස හය තුළ ආර්ථිකයේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බව වාර්තාව වැඩිදුරටත් පවසයි.
වාර්තාව පදනම් වී ඇත්තේ ෆෙඩරල් රිසර්ව් බැංකුව එහි දිස්ත්‍රික්ක වල වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව නිකුත් කරන තොරතුරු මතය.
දිස්ත්‍රික්ක හතක් ආර්ථික ක්‍රියාකාරකම්වල යම් මට්ටමක වැඩිවීමක් වාර්තා කළ අතර, පහක් පැතලි හෝ අඩුවන ක්‍රියාකාරකම් සටහන් කර ඇති අතර දිස්ත්‍රික්ක තුනක් මැයි මාසයේ පූර්ව වාර්තාකරණ කාලයට වඩා වර්ධනයක් වාර්තා කර ඇත.
China, Japan trim US treasury bonds in May amid growing US economic risks: experts
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..