මන්නාරමේ දූෂිත සුළං බලශක්ති ගනුදෙනුවට එරෙහිව හරිත සන්ධානය නඩු දමයි
මන්නාරමේ දුෂිත සුළං බලශක්ති ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට නිල වශයෙන් නඩුවක් ගොනු කළ බවත්, මේ ගනුදෙනුවෙන් අදානී සමගම ඩොලර් බිලියන 1.2ක පමණ අයුතු ලාභයක් ලබන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා මේ පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබමින් මෙසේ ද පවසයි.
"අද ලංකාවේ අනාගත සමුර්ධියට ඓතිහාසික දිනයක්. ඒ වසර එකහමාරක පමණ කාලයක් මත මා නායකත්වය දුන් කණ්ඩායමත් ගත් දැඩි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස මන්නාරමේ දුෂිත සුලන් බලශක්ති ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට නිල වශයෙන් නඩු ගොනු කල දිනය නිසාවෙන්. මේ ගනුදෙනුවෙන් අදානී සමගම ලබන යුතු ලාභය ඩොලර් බිලියන 1.2ක් පමණ වෙන බව අප පෙන්වා දුන්නා. එය රුපියල් වලින් 364,200,840,000.00 පමණ වෙනවා.
මේ සටන උසාවියේදී ජයග්‍රහණයෙන් අවසන් වුවහොත් එය අපගේ ජාතික ස්වෛරීත්වයට මෙන්ම අනාගත ආර්ථික සංවර්ධනය වෙනුවෙනුත් ලබන විශාලතම ජයක් වෙන බව පැහැදිලියි. රටට මේ මොහොතේ අවශ්‍යම වන අපනයන කර්මාන්ත ඇති කිරිමටනම් අවම මිලට තිරසාර බලශක්ති සැපයුමක් අප රට තුල ඇතිකළ යුතුයි. මෙවන් දුෂිත ගනුදෙනු ජාතික ධනය පමණක් නොව අපගේ අනාගතයද මංකොල්ල කන බව අප තේරුම් ගත යුතුය.
පසුගිය වසරේ මුල සිට අදානිට එරෙහි ජාතික ව්‍යාපාරය මෙහෙයවීමට මා සහය දුන් බන්දුරංග කාරියවසම්, සමන් කුමාර සහ චවිරු සිරිසේන යන මහත්වරුන්ට මම ස්තූතිවන්ත විය යුතුයි. ජේෂ්ඨ නීතිවේදී සමන් කුමාර මහතා සැමවිටම මගේ සෙවනැල්ලක් මෙන් සිට ගැනිමෙන් දුන් සහය මෙහිදී විශේෂයෙන්ම මතක් කල යුතුය.
පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ටද, කල්‍යාණ මිත්‍ර ප්‍රියන්ත පතිරණ මහතාටද ස්තූතිවන්ත වෙමි.
ඒ වගේම මරණ තර්ජන හමුවේ මා රැක බලාගත් සැමට මම ස්තුතිවන්ත විය යුතුයි. අදානි සහ දුෂිත ඉන්දියානු ගනුදෙනුවේ ඒජන්තයන්ට එරෙහිව නැගී සිටීමේදී පවුලක් ලෙස අප මුහුණ දුන් විශාල පීඩනය ඉවසා සිටීම ගැන මම මගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ස්තූතිවන්ත වෙමි.
එසේ නම් මෙම නඩුව විභාගයට ගෙන පෙත්සම කෙටුම්පත් කිරීමේ සහ සියලුම නීතිමය ලියකියවිලි සකස් කිරීමේ දුෂ්කරම කාර්යය ඉටු කිරීම ගැන ජේෂ්ඨ නීතිවේදී කනිෂ්ක විතාරණ මහතාට සහ සවනි රාජකරුණා මහතාට විශාල ස්තූතියක් හිමි විය යුතුය. ඔවුන් නොවන්නට මේ සටන අධිකරණය දක්වා ගෙනයාම සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුණි.
එමෙන්ම අපට විශාල වශයෙන් උපකාර කළ වටිනා තාක්ෂණික සහයක් ලබා දුන් ආචාර්ය ගුණරුවන් සහ ආචාර්ය සියඹලාපිටිය යන මහත්වරුන් දෙදෙනාටම මම ස්තූතිවන්ත විය යුතුය.
අප මතක තබා ගත යුත්තේ අප රටට වාසි සහගත ලෙස ජ්යත්යන්තරය සමග කරන ගනුදෙනුවලින් මිස තම බලය උදෙසා රටේ වත්කම් සහ අනාගතය විකුණා දමන ගණුදෙනුවලට එරෙහිවීම පුරවැසියන් ලෙස අපගේ වගකීමක් බවයි.
සංඛ චන්දිම අභයවර්ධන
සභාපති
ශ්‍රී ලංකා හරිත සන්ධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්