
මන්නාරමේ දූෂිත සුළං බලශක්ති ගනුදෙනුවට එරෙහිව හරිත සන්ධානය නඩු දමයි
මන්නාරමේ දුෂිත සුළං බලශක්ති ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට නිල වශයෙන් නඩුවක් ගොනු කළ බවත්, මේ ගනුදෙනුවෙන් අදානී සමගම ඩොලර් බිලියන 1.2ක පමණ අයුතු ලාභයක් ලබන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා මේ පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබමින් මෙසේ ද පවසයි.
"අද ලංකාවේ අනාගත සමුර්ධියට ඓතිහාසික දිනයක්. ඒ වසර එකහමාරක පමණ කාලයක් මත මා නායකත්වය දුන් කණ්ඩායමත් ගත් දැඩි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස මන්නාරමේ දුෂිත සුලන් බලශක්ති ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට නිල වශයෙන් නඩු ගොනු කල දිනය නිසාවෙන්. මේ ගනුදෙනුවෙන් අදානී සමගම ලබන යුතු ලාභය ඩොලර් බිලියන 1.2ක් පමණ වෙන බව අප පෙන්වා දුන්නා. එය රුපියල් වලින් 364,200,840,000.00 පමණ වෙනවා.
මේ සටන උසාවියේදී ජයග්‍රහණයෙන් අවසන් වුවහොත් එය අපගේ ජාතික ස්වෛරීත්වයට මෙන්ම අනාගත ආර්ථික සංවර්ධනය වෙනුවෙනුත් ලබන විශාලතම ජයක් වෙන බව පැහැදිලියි. රටට මේ මොහොතේ අවශ්‍යම වන අපනයන කර්මාන්ත ඇති කිරිමටනම් අවම මිලට තිරසාර බලශක්ති සැපයුමක් අප රට තුල ඇතිකළ යුතුයි. මෙවන් දුෂිත ගනුදෙනු ජාතික ධනය පමණක් නොව අපගේ අනාගතයද මංකොල්ල කන බව අප තේරුම් ගත යුතුය.
පසුගිය වසරේ මුල සිට අදානිට එරෙහි ජාතික ව්‍යාපාරය මෙහෙයවීමට මා සහය දුන් බන්දුරංග කාරියවසම්, සමන් කුමාර සහ චවිරු සිරිසේන යන මහත්වරුන්ට මම ස්තූතිවන්ත විය යුතුයි. ජේෂ්ඨ නීතිවේදී සමන් කුමාර මහතා සැමවිටම මගේ සෙවනැල්ලක් මෙන් සිට ගැනිමෙන් දුන් සහය මෙහිදී විශේෂයෙන්ම මතක් කල යුතුය.
පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ටද, කල්‍යාණ මිත්‍ර ප්‍රියන්ත පතිරණ මහතාටද ස්තූතිවන්ත වෙමි.
ඒ වගේම මරණ තර්ජන හමුවේ මා රැක බලාගත් සැමට මම ස්තුතිවන්ත විය යුතුයි. අදානි සහ දුෂිත ඉන්දියානු ගනුදෙනුවේ ඒජන්තයන්ට එරෙහිව නැගී සිටීමේදී පවුලක් ලෙස අප මුහුණ දුන් විශාල පීඩනය ඉවසා සිටීම ගැන මම මගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ස්තූතිවන්ත වෙමි.
එසේ නම් මෙම නඩුව විභාගයට ගෙන පෙත්සම කෙටුම්පත් කිරීමේ සහ සියලුම නීතිමය ලියකියවිලි සකස් කිරීමේ දුෂ්කරම කාර්යය ඉටු කිරීම ගැන ජේෂ්ඨ නීතිවේදී කනිෂ්ක විතාරණ මහතාට සහ සවනි රාජකරුණා මහතාට විශාල ස්තූතියක් හිමි විය යුතුය. ඔවුන් නොවන්නට මේ සටන අධිකරණය දක්වා ගෙනයාම සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුණි.
එමෙන්ම අපට විශාල වශයෙන් උපකාර කළ වටිනා තාක්ෂණික සහයක් ලබා දුන් ආචාර්ය ගුණරුවන් සහ ආචාර්ය සියඹලාපිටිය යන මහත්වරුන් දෙදෙනාටම මම ස්තූතිවන්ත විය යුතුය.
අප මතක තබා ගත යුත්තේ අප රටට වාසි සහගත ලෙස ජ්යත්යන්තරය සමග කරන ගනුදෙනුවලින් මිස තම බලය උදෙසා රටේ වත්කම් සහ අනාගතය විකුණා දමන ගණුදෙනුවලට එරෙහිවීම පුරවැසියන් ලෙස අපගේ වගකීමක් බවයි.
සංඛ චන්දිම අභයවර්ධන
සභාපති
ශ්‍රී ලංකා හරිත සන්ධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
