ජනපති රනිල්ගේ ප්‍රකාශයට ජයම්පතිගෙන් ප්‍රතිචාර
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයේ සිට වසර 5 දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය වූ බැවින් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ (19) ගාල්ලේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ජයම්පතී වික්‍රමරත්න මහතා අද (20) ප්‍රතිචාර දක්වා ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලද අතර ඊට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න මහතා ද සම්බන්ධව සිටියේය.
ඊයේ ගාල්ලේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ජයම්පතී වික්‍රමරත්න මහතා අතින් පළපුරුද්ද නොමැතිකමින් සිදුවූ අත්වැරැද්දක් ලෙසය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණි.
සිය මාධ්‍ය නිවේදනය මගින් ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ, 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදුකිරීමට එවක ආණ්ඩුව තීරණය කර තිබූ බවය.
උපුටා ගැනීම,
මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවක් පෙරකී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍යය. තවද 83 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.
උපුටා ගැනීම අවසන්.
සංශෝධන ක්‍රියාවලියේදී පිළියෙල කරන ලද සෑම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලද බවත්, අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමුකිරීමෙන් අනතුරුව එහි වෙනස්කම් කිහිපයක් සිදුකළ බවත් ජයම්පතී වික්‍රමරත්න මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
මෙම කාරණා සාකච්ඡා කිරීම සඳහා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවරක්ම නීතිපතිවරයා කැඳවූ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් කළ බවද ඔහු පවසයි.
ඒ අනුව 19 වැනි සංශෝධනය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටි බවද අදාළ ලිපියේ සඳහන් ය.
උපුටා ගැනීම,
කරුණු මෙසේ තිබියදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුලු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.
උපුටා ගැනීම අවසන්.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්