
අදානිගේ ගුණ වර්ණනා කරන මෙරට මාධ්‍යවේදීන්ට ඉන්දියාවෙන් සන්තෝසම්
ඉන්දීය ආණ්ඩුවේ හිතවත්ම ව්‍යාපාරිකයෙකු මෙන්ම විවිධාකාර වංචා සහ දූෂණ චෝදනාවලට ලක්වී සිටින ගෞතම අදානිගේ ව්‍යපෘති ගැන වර්ණනා කිරීම සඳහා මෙරට ජනමාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන කතෘ මණ්ඩල සාමාජිකයින්ට සහ විවිධ මට්ටමේ සමාජ මාධ්‍යය නාලිකා හසුරුවන පුද්ගලයින්ට මූල්‍යමය ආධාර සහ ඉන්දීය සංචාරයන් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ පිලිබඳ තොරතුරු දන්නා මූලාශ්‍ර වලට අනුව ගෞතම අදානි ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යපෘති වලට වක්‍රාකාරව සහය ලබා දීමත් ඔහු විසින් ඉන්දීය ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන වර්ණනා කිරීමත් මෙම කටයුත්තේ මූලික අරමුණ ලෙස සඳහන් වේ.
මෙරට පුවත්පත් ඇතුළු මාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් ගෙවුණු දින කිහිපය පුරාම අදානි විසින් මෙහෙවනු ලබන මුම්බායි හී පිහිටි මුන්ද්‍රා වරාය සහ විශිම්ජිම් වාරයන් ගැන අසාමාන්‍යය ආකාරයේ වර්ණනා කරමින් දීර්ඝ ලිපි කළහ. එසේම කොළඹ වරාය ගැන සම්පූරන් අසත්‍යය තොරතුරු ඇතුලත් වාර්තා කිහිපයක්ද හා සමානව ප්‍රසිද්ධ විය.
මේ අතර අදානිගේ ව්‍යපෘති ගැන යුටියුබ් සහ මුහුනුපොත ඇතුළු සමාජ මාධ්‍යය නාලිකා වලින් අදායම් උපයන මෙරට තෝරාගත් කිහිපදෙනෙකුටද ඉන්දියාවේ අනුග්‍රහය ලැබී ඇති බවත් වාර්තා වේ.
මොවුන්ට පැවරී ඇති කටයුත්ත වන්නේ, හැකි පමණින් අදානිගේ ව්‍යාපෘති ගැන ශ්‍රී ලංකාවේ ජනතාව අතර යහපත් ප්‍රතිරූපයක් ඇති කිරීම සහ කොළඹ වරාය ඇතුළු මෙරට මූලික ආයතන වල කටයුතු සමච්චලයට ලක්කොට ඒවායේ ප්‍රතිරූපයට හානි කිරීමය.
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
