
ජනපති රනිල් සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙන එන්නේ මීළඟ ජනපතිවරණයේ දී දෙමළ ඡන්ද කුට්ටිය බලාගෙනයි... රට බේරාගත් රණවිරුවන් පාවාදෙන්න හදද්දී මහින්දත් නිහඬයි - ආචාර්ය ගුණදාස අමරසේකර
තව නොබෝ දිනකින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙන ඒමට සැරසෙන බවත්, මීට පෙර මෙය ගෙන ඒමට උත්සාහ දරා පසුව ටික කලක් නතරකර සිට නැවත මෙම පනත ගෙන ඒමට මේ මොහොතේ සැරසෙන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මෙම පනත ගෙන ඒමේ ක්ෂණික පරමාර්ථය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ ජනාධිපතිවරණයේ දී උතුරු හා නැගෙනහිර දෙමළ ඡන්ද ටික ලබාගැනීම සඳහා බවය.
මේ පනතෙන් ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ රට බෙදීමට ඉඩ නොදුන් හා ත්‍රස්තවාදයෙන් රට මුදාගත් මෙරට රණවිරුවන් පාවාදීම බවද පවසන ගුණදාස අමරසේකර මහතා, මෙම පනත ගෙන ඒමට අභාශය ලබාගත්තේ දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම ආදර්ශයට ගෙන බවත්, එහෙත් දකුණු අප්‍රිකාවේ තිබූ තත්ත්වය මෙරට තිබූ ත්‍රස්තවාදයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවත් පෙන්වා දෙයි.
වික්‍රමසිංහ මහතාට මෙම පනත ගෙන ඒමට ඉඩදී මහින්ද රාජපක්ෂ වැනි පුද්ගලයකු නිහඩව බලාසිටීම විමතියට කාරණයක් බවද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
