
කටුනායක ගුවන්තොටුපළේ දී පෝටර් කෙනෙකුගේ කණට ගැසූ ප්‍රසන්න රණවිර දැන් කියන කතාව (වීඩියෝ)
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.
ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.
අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රසන්න රණවීර මහතා තමන් විසින් පෝටර් කෙනෙකුගේ කනට පහරක් ගැසූ බව පිළිගනිමින් මෙසේ පවසයි.
‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න ගියා. බැගේජ් දෙකටි තිබුනෙ. පෝටර් කෙනෙක් ආන මමයි ඒ බෑග් දෙක ට්‍රොලියෙන් තිබ්බෙත්.
මං සල්ලි දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව. මට එවෙලෙ ඇත්තටම කේන්ති ගියා.
අපි වගේ මිනිස්සුන්ටත් මෙහෙම කරනවනම් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම කරනවා ඇත්ද.
මං පැත්තකට අරන් ගිහිල්ලා එහෙම කියලා මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ’
කටුනායක ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.
අමාත්‍යවරයා විසින් ඔහුට ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් බවද වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
