News Category
From Date
To Date
Maximum Number of Result

අනූදාහක් දිවිපුදා දාහතරදාහක් ආබාධිතව රැක ගත් රට ජවිපෙ මාලිමාවට රූපාන්තරණය වීම වෙනුවෙන් 13+++ සඳහා බිලි දෙන්නද? - යසස් ධර්මදාස (ගෝලීය ශ්‍රී ලාංකා සංසදය)

May 14, 2024 at 04:31 PM
|

පසුගිය මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුමේදී ජවිපෙ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ "ගමට අධිකරණ බලය බෙදීමේ පොරොන්දුව" පිළිබඳව ලංකාලීඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත පැනය අසන ලදී. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

"මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුම් උත්සවයේ අනුරාධපුර රැස්වීමේදී ජවිපෙ සහ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්‍ත මහතා ප්‍රකාශ කලා ගමට අධිකරණ බලය ලබාදීමක් පිළිබඳව. මෙය හුදු ප්‍රකාෂයක් නොව, මාලිමා සාමාජිකයින් වෙත දෙන ලද පොරොන්දුවක්. මම මෙහිදී ජවිපෙ කියා සාමාජිකයින් ඉන්නා බවක් නොසැලකුවේ එම මැයිදින වේදිකාවේ ප්‍රකාශණයට අනුකූලවයි.

ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව පිළිබඳව විවිධ අර්ථකථන ජවිපෙ සහ මාලිමා නායකයින් විටින් විට් ඉදිරිපත් කර තියෙනව. ඉන් ප්‍රධාන මත දෙක තමයි මාලිමා නායිකා හරිණි අමරසුරිය මැතිණිය විසින් පාර්ලිමේන්තුවේදී "ලාල්කාන්‍ත මහතා ගමේ ජවිපෙ මාලිමා ජනතාවට අධිකරණ බලයක් ලබාදෙන්නේ යැයි කියා ප්‍රකාෂයක් නොකළ" බව පැවසීම හා රූපවාහිණී වැඩසටහනකදී ජවිපෙ මාලිමා නායක සහ එම පක්ෂවල ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් "ලාල්කාන්ත සහෝදරය කිව්වෙ හිතේ තියෙන දෙය නොවේ" යැයි පැවසීම.

ඉහත විග්‍රහ දෙකම තර්කානුකූලව නිවැරදියි කියා සිතිය හැකියි. අමරසූරිය මැතිණිය කලින්ම පුරෝකථනය කරන්න ඇති ජවිපෙ මාලිමා රැස්වීමට ඒ පැමිණ සිටිය සියල්ලම ඔවුන්ගේ පාක්ෂිකයින් නොවන බව. පසුගිය වරෙක ගෝල් ෆේස් පිටිය පුරවන්න ජනතාවක් පැමිණ සිරියත් අවසානයේදී මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව අනෙකුත් පක්ෂ වලින් පවසන පරිදි "මැයි රැළියට ආව අයවත් මාලිමාවට ඡන්දය දී නැහැ" කියන කියමන සත්‍ය බව එතුමියට වැටහෙන්න ඇති. ලාල්කාන්ත මහතා වේදිකාව ඉදිරිපස සිටිය ජනතාවට ඇඟිල්ල දිගු කරමින් කරන ලද එම ප්‍රකාෂය ඔවුන්ගේ පාක්ෂිකයින්ට දෙන ලද පොරොන්දුවක් නොවේ යන්න වෙනයම් හේතුවක් නිසා අමරසුරිය මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේද යන්න සාධාරණය කළ නොහැකියි. අමරසූරිය මැතිණියට ලාල්කාන්ත මහතාගේ පොරොන්දුවේ බරපතල කම නොවැටහුනා නොවිය හැකියි. ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව තම පක්ෂ මතයට එකඟ නොමැතිනම් ඇයට එම පොරොන්දුව ප්‍රතික්ෂේප කිරීමට තිබුන. එසේ නොකර වෙනත් මත පලකරන්නේ එම පොරොන්දුව තම පක්ෂයේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත ප්‍රතිපත්ති සමග සමපාත වන බැවින් විය යුතුයි.

එසේම දිසානායක මහතා විසින් සිදුකරන ලද "ලාල්කාන්ත මහතා පැවසුවේ සිතේ තියෙන දේ නොවන බව" පැහැදිලිවම සත්‍ය බව පෙනෙන්නට තියෙනව. ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව උතුරට ගොස් පැහැදිලිව ප්‍රකාෂ කරත් තාම උතුර මැදදී පැහැදිලිව කිරීමට තරම් මුහුකුරා නොගිය බව දන්නා නිසාත් ඒ බව පැහැදිලිව පැවසීම ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තමුන්ට විරුද්ධව දකුණේදී බලපාන බව දන්නා නිසාත් බව දිසානායක මහතා දන්නා බව මෙයින් පෙනෙන්න තියෙනව.

ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව අරගල සමයේ නීතිය අතටගත් කලහකාරීන් අධිකරණයේදී පවා නීතිවේදීන්ගේ අත්පොලසන් මැද අත්කරගත් නීතියට සමාන නීතියක් ලෙස ලඝු කිරීමට යෑම හුදු උපහාසාත්මක ඇගයීමක් පමණයි. ඊට එහා ගිය බරපතල කාරණයනම් ලාල්කාන්ත මහතාගේ එම පොරොන්දුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බරපතල බලය බෙදීමක් පිළිබඳව ඇඟවීමක් වීමයි. එම පොරොන්දුව 13+++ වර්ගයේ පොරොන්දුවක්. සජබයේ සජිත් ප්‍රේමදාස මහතා සහ වැහැරුනු පොහොට්ටුවේ සහ සජබ එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර තිබුන 13 සම්පූර්ණයෙන් දෙන බව. ඒ තත්ත්වයක් තුල ඊට වැඩිය යමක් නොදී මාලිමාවට උතුරේ ඡන්ද ලබා ගැනීමට නොහැකි බව මාලිමා නායකයින් දන්නව. එසේම ජවිපෙ මරා මාලිමාව බිහිවුණේ එම කාරණය මුදුන් පත්කර ගැනීම සඳහායි. මෙවර මාලිමාවේ මැයි වේදිකාව ඒ බව උත්කර්ෂයට නංවා තිබුනා.

2010 නෝර්වේ ව්‍යාපෘතියෙ එක තීන්දුවක් උනේ ජවිපෙ ජාතිකත්ව මතයෙන් ඉවත් කිරීමයි. එය දැන් මාලිමාව විසින් හොඳින්ම ඉටුකරනු ලබන බව පෙනෙන්න තියෙනව. නමුත් ඔවුන්ට තියෙන්නෙ මේ තත්ත්වය ජවිපෙ සාමාජිකයින්ට පැහැදිලි කරන්නේ කෙසේද කියන පැනයයි. සමහරවිට බොහෝ මාලිමා ලතැත්තන්ද මේ යටි අරමුණට එකඟ නොවනවා වෙන්නට පුළුවන්. එම නිසා තමයි ලාල්කාන්ත මහතා ජනප්‍රිය භාශාවෙන් එම කාරණය ඉදිරිපත්කරේ. ප්‍රචණ්ඩත්වය වැළඳගත් පුද්ගලයින් පිණවීම පිණිස දෙන ලද හුදු පොරොන්දුවක් ලෙස ලාල්කාන්ත මහතාගේ මෙම පොරොන්දුව බැහැර කළ නොහැකියි.

කෙසේවුවද, 88/89 දි හැටදාහක් මැරුණෙ, වසර තිහක යුද්දෙදි රණවිරුවන් තිස්දාහක් දිවි දුන්නෙ, දාහතරදාහක් ආබාධිතයින් වුනේ නෝර්වේ ව්‍යාපෘතියේ සහ බෙදුම්වාදී න්‍යායපත්‍රයේ බළල් අත් ඇති යටි න්‍යායපත්‍රය අනුව බන්දේසියක තියා 13+++ දෙන්නද යන පැනය වැටහෙන දින ජවිපෙ සැබෑ සාමාජිකයින් ඒ සඳහා වත්මන් ජවිපෙට සහ මාලිමාවට ඉඩ දේවි කියා හිතන්න අපහසුයි. 

ඊට ආසන්නම උදාහරණය පැරණි ජවිපෙ සාමාජිකයෙක්වූ වෛද්‍ය වසන්ත බංඩාර මහතා රූපාන්තරණයවූ ලාල්කාන්ත මහතාට ඉදිරිපත්කර ඇති ප්‍රශ්ණ මාලාව. එයින් බංඩාර මහතා අහන්නෙ සැබෑ ජවිපාවෙකුට රට බෙදෙන 13+++ කරුවෙක් වෙමින් මාලිමාවට රූපාන්තරණය විය හැකිද කියායි. මෙම ප්‍රශ්ණය සියළුම සැබෑ ජවිපෙ කේඩරයෙක් විසින්ම ස්වයං බුද්ධියෙන් බැලිය යුතු කාරණයක්. මෙහිදී සමහරක් මාලිමා ලබැඳියන්ද තමුන්ගෙ ස්ථාවරය පිළිබඳව යලි සළකා බලනවා නිසැකයි. ප්‍රශ්ණය තියෙන්නෙ වත්මන් ජවිපෙ හෙවත් මාලිමාවට රූපාන්තරණයවූවන් ඉහලින් එන චිට් එකට අමතරව යමක් නොකියවීමයි".

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.