
ජෙරම් අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් 6ක තිබූ විශාල මුදලක් වෝඩ් පෙදෙසේ නිවසක හංගලා - පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ උසාවියට දන්වයි
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා තබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතිදැයි පෙත්සම්කාර පාර්ශ්වයට දැනගැනීමට අවශ්‍ය බව ද ජනාධිපති නීතිඥවරයා පැවසූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් ලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක් ඇතුළු සමාගම් 18ක් සම්බන්ධයෙන් 30 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කොට ඇති බවත්, එම සමාගම්වල විගණන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකළ බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රසිද්ධ දේශනයකදී බොදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවල හඬ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ලට පැවසීය.
රස පරීක්ෂක වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ලැබීමට නියමිත බැවින් එය ලබාගැනීමෙන් පසුව වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව අන්‍ය ආගම්වලට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කුමක්දැයි අධිකරණයට දැනුම් දෙන බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව ඒ පිළිබඳ මෝසමක් මඟින් තම අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල විමර්ශනවල ප්‍රගතියත් ලබන මස 10 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසටත් නියෝග කළේය.
ජෙරම් දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසත් ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අඟුළුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
